SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු

වසන්ත මුදලිගේ බූස්ස බන්ධනාගාරයට මාරු කර යැවීමට බලධාරීන් සූදානම් වන බවත් එසේ කළහොත් එය ඔහුගේ ජීවිතය අනතුරේ හෙළීමක් බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව ඊයේ (15 දා) මාධ්‍යයට පැවසීය.

මෙය කුමන්ත්‍රණයක් යැයි ද පැවසූ නාගමුව මහතා බූස්ස බන්ධනාගාරයේ දී මින් පෙර රැඳවියන් පිරිසක් ඝාතනය වූ බව අමතක නොකළ යුතු යැයි ද සඳහන් කළේය.

වසන්ත මුදලිගේට එරෙහිව අධිකරණයට සාක්ෂි ගොනු කිරීමට ත්‍රස්ත විමර්ශන ඒකකයට නොහැකි වූ බවත් මෙසේ බන්ධනාගාරය මාරු කරන්න හදන්නේ එවැනි පසුබිමක බවත් නාගමුව වැඩිදුරටත් සඳහන් කළේය.

@රෂිකා හෙන්නායක

නවතම ලිපි