SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ආර්ථිකමය වශයෙන් රට වැටී ඇති අගාධය තෙරක් නොපෙනෙන තරම්ය.

එය ගොඩ ගැනීමේ කෙටිකාලීන වැඩසටහන් යොදමින් ‘‘එදා වේල පිරිමසා ගැනීමෙන්’’ එහාට යමක් කරන්නට මේ රජයට හැකියාවක් ඇතැයි තමා සිතන්නේ නැති බව හිටපු කෝප් කමිටු සභාපති නිදහස ජනතා සභාවේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් පවසයි.

“රටට නව බලාපොරොත්තුවක් සහිතව ජනවරමකින් පත්වන පාලනයක් නොමැතිව ආර්ථික ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ සිදු කළ නොහැකිය. ඒ නිඅසා වත්මන් රජයට කිසිදු ආර්ථික ප්‍රතිසංස්කරණයක් හුදු යෝජනා කිරීමෙන් එහාට ගෙන යාමේ හැකියාව ඉතාමත් අල්පය.

අනෙක් අතට පොහොට්ටුවේ ප්‍රධානීන් සිටින්නේ මේ ආර්ථික අර්බුදය ගැන හරි හමන් තේරුම් ගැනීමකින් නොවන බව මගේ අදහසය. පරණ හණ මිටි අදහස් සහ මුග්ධභාවයේ ප්‍රකාශනවලින් එහාට ගිය නව දැක්මක් ආණ්ඩුවේ බොහෝ අයගේ ප්‍රකාශ තුළින් ඉදිරිපත් වන්නේ නැත.

ඒ නිසාම ආර්ථික අර්බුදය ජයගත හැක්කේ නව දැක්මක් හා නව ජනවරමක් හරහාය. එතෙක් සිදුකරන තාවකාලික, සිල්ලර විසඳුම් පිළිබඳව වැඩි යමක් මේ සටහන තුළ සාකච්ඡා කිරීමේ ඉඩක් නැත.

රට හමුවේ ඇති අභියෝග 03ක් ලෙසින් පළාත් පාලන මැතිවරණය, උතුරේ ප්‍රශ්නයට විසඳුම් සෙවීම සහ ආර්ථික අර්බුදය යන කාරණා හමුවේ ආණ්ඩුවේ උපාය මාර්ග දෙස සමාජය විමර්ශනශීලීව බැලිය යුතු බව මගේ මගේ අදහසයි”

@රෂිකා හෙන්නායක (lankanewsweb)

නවතම ලිපි