SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඊනියා ‘සංවර්ධනය’ නැමැති මාතෘකාව පිළිබඳ කතාකරද්දී ඊට සෘජුවම සම්බන්ධවන වෘත්තීය ඇතුලත් වන්නේ ඉංජිනේරු තාක්ෂනයටයි.

 ‘සංවර්ධනය’ නැමැති ක්‍රියාවලියේ පරිසරය අභිබවා යන ‘දියුණුව’ අත්පත්කරගැනීමේ මෙහෙයුමේ වෘත්තියමය දායකත්වය සපයන ඉංජිනේරු වෘත්තීයවේදියෙක් විසින් ජීවයේ පැවැත්මට සංවර්ධනය බාධා වන ආකාරය පිළිබඳ වැදගත් කතාබහක් පහත වීඩියෝවෙන් ඔබට දැකගත හැකිය.

මේ, ඉංජිනේරු සේවා වෘත්තීයවේදී සංගමයේ උතුරුමැද පළාත් ශාඛාව විසින් සංවිධානය කරන ලද  2018 දෙසැම්බර් 04 දින පොළොන්නරුව ගිරිතලේ Nature Trails හෝටලයේදී පැවැත්වුනු සම්මන්ත්‍රණයක දී "සංවර්ධනය දිහා අපි හැමදාම දැකපු විදිහට වඩා වෙනස් විදිහට දැකිය යුතුයි"' යන මාතෘකාව යටතේ ඉංජිනේරු භාතිය ප්‍රියංකර ඉදිරිපත් කල අදහස් දැක්වීමකි.

වසර කිහිපයක් ගෙවී ගියද මෙම අදහස් අද දවසේ මේ මොහොතේ ලාංකිකයන් මුහුණ දී ඇති දේශගුණික තත්වයට වඩා වැදගත් වන හෙයින් අප ඔබට ඉදිරිපත් කරන්නෙමු.

එහිදී "පරිසරයත්,ජනජීවිතයත් වනසන ඊනියා සංවර්ධනය" යන මාතෘකාව ඔස්සේ අදහස් දැක්වූ ඉංජිනේරු සේවා වෘත්තීයවේදී සංගමයේ ඉංජිනේරු භාතිය ප්‍රියංකරගේ අදහස් දැක්වීම පහත වීඩියෝවෙන් නරඹන්න.

නවතම ලිපි