SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

සන්ධ්‍යා එක්නැලිගොඩ, රාජපක්ෂ රෙජීමය විසින් අතුරුදහන් කරන ලද ලංකා ඊ නිව්ස් හි මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ ප්‍රිය බිරිඳ යි.

2022 වසර සඳහා ද ලොව පුරා සිටින ආනුභාව සම්පන්න සහ බලගතු කාන්තාවන් 100 දෙනෙකුගේ නම් ලැයිස්තුව BBC විසින් ඊයේ (06) ප්‍රකාශයට පත් කර ඇති අතර ඊට සන්ධ්‍යා එක්නැලිගොඩ ද ඇතුලත්ව තිබේ.

2010 ජනාධිපතිවරණයට දින දෙකකට පෙර එනම් ජනවාරි 24 දින ප්‍රගීත් පැහැරගෙන ගොස් අතුරුදහන් කළ දිනයේ සිට මේ මොහොත දක්වා සන්ධ්‍යා යුක්තිය ඉල්ලා සටන් කරමින් සිටින්නී ය. ඇය වෙනුවෙන් බීබීසීය තැබූ සටහන මෙසේය.

සන්ධ්‍යා එක්නැලිගොඩ - ශ්‍රී ලංකාව

මානව හිමිකම් ක්‍රියාකාරිනියකි

මානව හිමිකම් ක්‍රියාකාරිනියක සහ උද්ඝෝෂකයෙකු වන සන්ධ්‍යා එක්නැලිගොඩ ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධයේ දී තම ආදරණීයයන් අහිමි වූ දහස් ගණන් මවුවරුන්ට සහ භාර්යාවන්ට උපකාර කරයි. ඇයගේ සැමියා, ප්‍රකට ගවේෂණාත්මක මාධ්‍යවේදියෙකු සහ කාටූන් ශිල්පියෙකු වූ ප්‍රගීත් එක්නැලිගොඩ 2010 ජනවාරි මාසයේ දී අතුරුදහන් විය. ඔහු රජයේ ප්‍රබල විවේචකයෙකු වූ අතර ශ්‍රී ලංකාවේ යුද්ධයේ දී දෙමළ ජනයාට සිදු වූ බව කියන අපයෝජනයන් විමර්ශනය කළේය.

ඔහු අතුරුදන් වූ දා සිට මේ දෙදරු මව යුක්තිය ඉල්ලා සිටින්නී ය. ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආධාරකරුවන් තම සැමියා පැහැර ගැනීමට වගකිව යුතු බවට ඇය චෝදනා කරයි. සැකකරුවන් හඳුනාගෙන ඇති අතර, ඔවුන් සියල්ලන්ම නිදොස් කොට නිදහස් කර ඇත.

-(බීබීසී)


මහා භද්‍රකාලිගේ එක් අර්ධයක් දෙවඟනකි, අනික් අර්ධය යක්ෂණියකි.

Priyashantha Rajapaksha ගේ මුහුණුපොතේ සන්ද්‍යා ගැන තිබූ සටහන මෙසේය.

භද්‍රකාලි පමනක් නොව ලොව සියළු විශිෂ්ඨ ගැහැණුන්ගේ එක් අර්ධයක ජිවත්වන්නේ දෙවඟනකි එහිම අනික් අර්ධයේ ජීවත් වන්නේ යක්ෂණියකි ..

එහිදී භද්‍රකාලි යනු යුක්තිගරුක ගැහැණුන් ගේ සාරය කැටිකොටගෙන නිර්මාණය කරන ලද විශිෂ්ඨ මනඃකල්පිතයකි..

ගැහැණුන්ට ප්‍රේමය වෙනුවෙන් දියවීයාහැකිය..එසේම එකී ප්‍රේමයට වින කටින මෘගයන් හමුවේ යක්ෂණියක් සේ සටන් වැදියද හැකිය.

මැය හිස මුඩු කොට මහා බද්‍රකාලි හමුවේ එක්නැලිගොඩ ඝාතකයන්ට සාප කල මොහොතේ සිට රාජපක්ෂ මහා අධිරාජ්‍යයේ ගඩොලින් ගඩොල ගැලවී ඇද හැලෙන්නට විය..

සමහර ඔළුවලින් කළුගල්වලට ගැහුවහම ඔළුවත් පැලෙනවා හැබැයි කළුගලත් පුපුරනව..



නවතම ලිපි