SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මේ වනවිට ලංකාවේ කුසගින්නෙන් පෙළෙන දරුවන් පිළිබඳව, මන්දපෝෂනයට ලක්ව ඇති ප්‍රතිශතයන් පිළිබඳ බොහෝ වාද විවාද මැති සභයේත් ඉන් පිටතත් කතාබහට ලක්ව ඇති බව ඇත්තකි.

කොටසක් මේවා අසත්‍ය බවත් සංඛ්‍යා ලේඛන වැරදි බවත් පවසන අතර තවත් පාර්ශ්වයක් මෙහි සත්‍ය බව පෙනුවෙන් පෙනී සිටිති. සංඛ්‍යාලේඛන හෝ තර්ක විතරක් කෙසේ වෙතත් මේ මොහොතේ දරුවන් වැඩිහිටියන් සියළු දෙනාම ඊලග ආහාර වේල ගැන පමණක් නොව ඖෂධ ආදී බොහෝ අර්බූධයන් සම්බන්ධයෙන් අවිනිශ්චිතතාවකට පත්ව ඇති බව නම් නොරහසකි.

සිහනද ජාත්‍යන්තර භාවනා ප්‍රජාවේ  නිර්මාතෘ සහ ප්‍රධාන අනුශාසක පූජ්‍ය බොරැල්ලේ සීලදස්සන ස්වාමින් වහන්සේට  වියට්නාම් ජාතික දායකයින්  විසින් පසුගිය දා සහල් තොගයක් පූජා කරනු ලැබීය.

44000 kg ( ටොන් 44)  මෙම සහල් තොගය, ආහාර අවශ්‍යතා ඇති දරුවන් හට පිසූ ආහාර සපයන සමාජ සත්කාර ආයතනයක් වන "වොයිස් ෆෝ වොයිස්ලස් " ආයතනයට පරිත්‍යාග කිරීමට බොරැල්ලේ සීලදස්සන හිමියන් කටයුතු කළේය.

එම සහල් තොගය සංඛේතාත්මකව ප්‍රදානය කිරීම සහ එක් ප්‍රජා මුළුතැන්ගෙයක් නිරීක්ෂණය කිරීම පසුගිය 6 වන අඟහරුවාදා උන්වහන්සේගේ වැඩමවීමෙන් රාජගිරියේදී සිදු කෙරිණි.

සිහනද ජාත්‍යන්තර භාවනා ප්‍රජාව වියට්නාමය, බුරුමය, එංගලන්තය, ඔස්ට්‍රේලියාව, තායිලන්තය , කොළොම්බියා සහ ඇමෙරිකාව ඇතුළු තවත් රටවල බෞද්ධ භාවනා ප්‍රගුණ කරන සාමාජික සාමාජිකාවන්ගෙන් සැදුම් ලද සංවිධානයකි.

 

නවතම ලිපි