SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ශ්‍රී ලංකා පොලිසියේ දූෂිත ඉහළ පොලිස් නිලධාරීන් සුළුතරයක් සුර සැප විඳිද්දී අදූෂිත නිලධාරීන් මෙන්ම පොලිස් පොඩ්ඩන් බහුතරයක් විඳින්නේ අපා දුකකි.

ඔවුන්ගේ මෙස් වෙල කන්නට නිසි ලෙස කෑම නැත. අඳින්නට නිල ඇඳුම්, සපත්තු, මේස්, වසර දෙකකින් නිසි ලෙස සපයා නැත. අතේ මුදලින් ඒවා ලබා ගැනීමට සිදුව තිබේ. ජීප් රථ, මෝටර් සයිකල් ආදී වාහන වලට අවශ්‍ය අමතර කොටස් නැත. මහ පාරේ යන ත්‍රීවීල් රථ වල ගජේ ගහගෙන රාජකාරි ගමන් යාමට සිදුව තිබේ. කොටින්ම අද එක් වෙබ් අඩවියක් වාර්තා කර තිබුනේ පොලිසියේ වටිනා අශ්වයන් 7 දෙනෙකු නිසි ආහාර නොමැතිව මිය ගොස් ඇති බවකි. 

 

ගොඩනැගිල්ලක් කුලියට ගැනීමට රු. බිලියන 6 ක්..

පොලිසියේ සැබෑ තත්ත්වය එවන් දුඃඛිත තත්ත්වයක තිබිය දී පොලිසියට අවශ්‍යය යයි කියා අනවශ්‍ය ගොඩනැගිල්ලකට මාසයකට රුපියල් ලක්ෂ 100 ක කුලිය බැගින් වසරක් සඳහා රුපියල් ලක්ෂ 1200ක් හෙවත් රුපියල් බිලියන 1.2 ගානේ 2023 ඉදිරි වසරේ සිට වසර 5 කට රුපියල් ලක්ෂ 6000 ක් හෙවත් රුපියල් බිලියන 6 ක් ගෙවීමට ගිවිසුම් අත්සන් කර තිබේ. මේ සා අති විශාල මුදලක් නාගරික ගොඩනැගිල්ලක කුලිය ලෙස පුද්ගලයෙකුට ගෙවනවාට වඩා එම මුදලින් එවන් ගොඩනැලි 3ක් අර්ධ නාගරික ස්ථානයකින් පොලිසියටම කියා හදා ගැනීමට පුළුවන් බව පොලිස් නිලධාරීහුම කියති.

මෙම ගොඩනැගිල්ල නම් නාරාහේන්පිට කිරුළපන ඇවිනිව් හි අංක 149 පිහිටි තට්ටු 21 කින් සමන්විත භූතාන් මහල් ගොඩනැගිල්ල ය. මෙම ගොඩනැගිල්ල පළමුවරට 2021 වසර සඳහා කුලියට ගෙන තිබිණ. එදා එම ගණුදෙනුව සිදුකෙරුණේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති සමයේ ඔහුගේ ලේකම්  වූ ගාමිනී සෙනරත් අතරමැදියා ලෙස ය. එකී ගණුදෙනුවේ දී ගොඩනැගිල්ලේ අයිතිකරු කිෂාන් භූතානි විසින් විශාල මුදල් කුට්ටියක් ගාමිණී සෙනරත්ට ගෙවා තිබිණි. මෙවර ගිවිසුම එක්වරම වසර 5 කට දිගු කිරීමේ දී පොලිසිය බාර ඇමැති ටිරාන් අලස්ට සහ ආරක්ෂක ලේකම් කමල් ගුණරත්නට ඒ සේම විශාල මුදල් කුට්ටියක් ගෙවා තිබේ.

මහල් 21 කින් භාවිතා කරන්නේ මහල් 5 යි 6 යි..

මෙම ගොඩනැගිල්ල තුල දැනට මහල් 3 ක පොලිසියේ ත්‍රස්ත විමර්ශන ඒකකය  සමන්විත අතර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අනුයුක්ත වත්කම් ඉපයීමේ ඒකකය එක් මහලක ද, මිනිස් ජාවාරම් මැඩලීමේ ඒකකය තවත් එක් මහලක ද පිහිටා ඇත. මෙම සියලුම ඒකක 2021 වසරේ දී ප්‍රථම වරට මෙම ගොඩනැගිල්ලට ගෙන ඒමට පෙර පොලිස් මූලස්ථානයේ පිහිටි මහ ලේකම් කාර්යාලය තුල කිසිදු බාධාවකින් තොරව පවත්වාගෙන ගිය ඒවා ය. මහල් 21 කින් සමන්විත මෙම ගොඩනැගිල්ලම කුලියට ගෙන ඇතත් දැනට පොලිසිය පාවිච්චි කරන්නේ මහල් 5 ක් 6 ක් පමණි. 

මේ අතර ත්‍රස්ත විමර්ශන ඒකකයේ රැඳවුම්කරුවන් රඳවා තැබීම සඳහා භූතානි  ගොඩනැගිල්ලේ සිර කුටි නොමැති හෙයින් සිර කුටි ඉදිකිරීම සඳහා  ඉදිකිරීම්කරුවන් යොදවා ගන්නා ලෙස ද ටිරාන් අලස් විසින් පොලීසියට දැනුම් දී ඇත. වසර 5 ක් සඳහා එකවර කුලී බදු ගිවිසුම දිගු කර ගැනීමට මෙම සිරකුටි හැදීම ඇමක් ලෙස යොදා ගෙන තිබේ.

 

තවත් ඕනෑ ලු..

ඒ අතරේ මේ හා සමානවම දෙමටගොඩ පිහිටා තිබෙන කොළඹ අපරාධ විමර්ශන ඒකකය සහ කොළඹ වංචා විමර්ශන ඒකකය ද වෙනත් ගොඩනැගිලි වෙත ගෙන යා යුතු බව ටිරාන් අලස් විසින් පොලීසියට දැනුම් දී ඇත.

නිකම්ම නිකමෙකු ලෙස රාජපක්ෂලා සමග එක් වී එල්ටීටීඊ ත්‍රස්තවාදීන්ට ඩොලර් වලින් සහ රුපියල් වලින් කෝටි ගණන් කප්පම් ගෙවා ගසා කෑමෙන් ද, රාඩා සභාපති සහ ප්‍රධාන විධායක ලෙස රුපියල් කෝටි 65 ක් ගසා කෑමෙන් ද පසු ගසා කෑමෙන් 'පරිණත' වී සිටින ටිරාන් අලස් පොලිස් ඇමැති වී ගොඩනැගිලි කුලියට ගැනීම අලුත්ම ගසා කෑම ලෙස කරගෙන යන බව පෙනේ. කන්න දෙන්න බැරිව අශ්වයන් මැරෙන්න අරින පොලිසිය ලක්ෂ 6000 ක් ගෙවා බිල්ඩිමක් කුලියට අරන්..! ටිරාන්ගේ කමල්ගේ සැප කනේ..!

 

@Lankaenews

(ලංකා ඊ නිව්ස් -2022.දෙසැ.04,)

නවතම ලිපි