SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ශ්‍රි ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති, පි. සමරසිරි මහතා ඉහත සඳහන් මාතෘකාව යටතේ විවේචනාත්මක විශ්ලේෂණයක් කර ඇත.

මෙය මුල්‍යය ධනවාදය ගෝලීය ක්‍රමයක් ලෙස අධිපති සමාජයක ඊනියා වාමාංශිකයන්ට සහ ආර්ථික ප්‍රතිසංස්කරණ ඉල්ලා සාකච්ඡාවක නිරතවන ලිබරල් වාදී ගොඩයමු කල්ලිය උත්කෘෂ්ඨත්වයට පත්වන, ජනප්‍රිය තලයේ බැලූ බැල්මට යම් තාර්කිකභාවයක් සහිත තාක්ෂණික කරුනු විශාල ප්‍රමාණයක් අඩංගූ සටහනකි.නමුත් මතබේදාත්මක කරණය වන්නේ මහබැංකුව ඊනියා රාජ්‍යයට යටත්ව පැවතුනාය කියන, පී .අමරසිරිලාගේ පරිපාලන ව්‍යූහයන් පැවති කාලයේ සිටම මෙම ආර්ථික අවිධිමත් භාවය තිබීමයි.

වෙන කවරදාකටත් වඩා, වර්තමාන ගෝලීය දලජාතික ආදායමින් 50% ක් පමණ පාලනය වන්නේ ( blackrock , vanguard, state street) වැනි සවාධීනව ක්‍රියාත්මක වන අධිපති මුල්‍යය සමාගම් කිහිපයකනි.මේ තත්වය තුල ජාතික රාජ්‍යයන් යටතේ පවතින මහ බැංකු පද්ධතීන්ට තවදුරටත් ඒකාධිකාර ගෝලීය මූල්‍යය ප්‍රග්ධණය සමග සංහිදියාවකින් යුතුව ගනුදෙනු කලහැකිද යන්නයි. විශේෂයෙන්ම, ගෝලීය පසු ධනවාදී නවලිබරල්වාදී විනාශකාරීත්වය සහ ඒ හා සමගාමීව බැදුනු පී .සමරසිරිලාගේ අංශභාග ඊනියා ආර්ථික පරිපාලනය වගේම ගොබ්බ දේශපාලන නායකත්වය සහ බැදුනු ගොබ්බ ජන සහභාගීත්වයක් සහිත බංකොලොත්වූ රාජ්‍යයකයට, ගෝලීය අධිපති මූල්‍යය ආයතන සමග ගනුදෙනු කිරීමේදී මහබැංකුවට සවාධීන වීමට ඉඩදීම හැර වෙනත් මගක් ඇත්ද?

වර්තමානය වන විට, මෙය ගෝලීය ප්‍රවනතාවයක් දක්වා වර්ධනය වෙමින් පවතී.උදාහරණයක් ලෙස එංගලන්තයේ මූල්‍යය පාලනය රාජ්‍යය විසින් යම් සීමා කිරීමකට යටත් කල ඇතත් , මූල්‍යය සමාගම් හිමි පවුලක නියෝජිතයකු වන රිෂී සුනාක් ගේ දේශපාලන නායකත්වය යටතේ එහි ආර්ථිකය මෙහෙයවයි. එංගලන්තය වැනි මූල්‍යය ශක්තිය ඇති රාජ්‍යයක තත්වය එසේ නම්, ණය උගුලක හිරවී ඇති පරිවාරයේ හිගන රටකට, ගෝලීය මූල්‍යය බැංකු පද්ධතිය සමග ගනු දෙනු කිරීම සදහා මහ බැංකුව සවාධීනවීමට අනිවාර්ය කිරීම හැර වෙනත් මගක් නැත.

මෙයට වඩාත් පැහදිලි උදාහරණයක් ලෙස, වාමාංශික, ගෝලීය මූල්‍යය ධනවාදය පිලිබදව ප්‍රාමාණික අවබෝධයක් සහිත, ග්‍රිසියේ මුදල් ඇමතිවරයා වූ Yanis Varoufakis ගේ ආර්ථික උපායන් අධිපති ගෝලීය මූල්‍යය ප්‍රග්ධණය ඉදිරිපිට අසාර්ථක වීම ගත හැක.

ඔහු විසින් අධිපති යුරෝපා සංගමයට යෝජනා කරන බදු ප්‍රතිපත්ති,පරිසර විනාශකාරී පොසිල ඉන්ධන සීමා කිරීමේ ප්‍රතිපත්ති,ඩිජිටල් මුදල් ගනුදෙනු හරහා වන මූල්‍යය අපරාධ වලක්වා ගැනීමට යෝජනා කල blockchain technology ව්‍යාපෘතිය, පොසිල බලශක්තිය වෙනුවට හරිත බල ශක්තිය සදහා ආයෝජන ව්‍යාපෘතිය, ඊට අමතරව ව්‍යාපාරික සංස්ථාවන් වලට බදු වැඩිකර දුගී ජනයාට සහනාධාර ලබාදීම වැනි ව්‍යාපෘති ප්‍රතික්ෂේප වීම ගත හැක.

මේ සියලු ඛේදවාචකයන් නිරීක්ෂණය කරන විට පෙනෙන කාරණය වන්නේ, වර්තමාන, අධිපති තාක්ෂණික ධනවාදය විසින් පෝෂණය කරන ලද අධිපති ගෝලීය මූල්‍යය ධනවාදය ඉදිරීයේ , ආර්ථිකවේදී පී.සමරසිරි ලාගේ ඊනියා විකල්ප යෝජනා සහ විවේචන යනු පසු ධනවාදී මූල්‍යය ප්‍රග්ධනය ඉදිරියේ, බෙලහීනවූ ඊනියා ආර්ථික විද්‍යාර්ථයන්ගේ අදෝනාවන් ලෙසයි.

වැඩවසම් තාක්ෂනික ධනවාදය විසින් වින්දිත ජනයාව වේගවත් ලෙස, වහලුන් බවට පත්කරමින් යන සමකාලීන සමාජයට විමුක්ති දේශපාලනය වෙනුවට ආර්ථිකය වංචාවලින් තොරව වඩා හොද විධිමත් නිවරදි දිශාවකට තල්ලු කිරීමට හැකියැයි පරිකල්පනය කරන, ඊනියා වාමාංශික කල්ලිවල සහ, ලිබරල්වාදී ගොඩයමු කල්ලිවල ප්‍රතිසංස්කරනවාදී ව්‍යාපෘති පී. සමරසිරි ලාගේ ව්‍යාපෘතීන් සමගම පරාද කලයුතුය.

@Nalin Dodangoda

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි