SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

කිසිදු රසායනාගාර පරීක්ෂනයක් නොමැතිව ඖෂධ වර්ග අටක් ඖෂධ සමාගමක් විසින් වෙළඳපොලට නිකුත් කර ඇති බවට රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය ‌චෝදනා කරයි.

මෙලෙස අත්තනෝමතික ලෙස වෙළඳපොලට ඖෂධ නිකුත් කරනු ලැබූ ඖෂධ සමාගම සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරන ලෙස ඉල්ලමින් රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල වෙත ලිපියක්ද යොමු කර තිබේ. 

ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් ඖෂධ නිකුත්කිරීම සඳහා හඳුන්වා ඇති මාර්ගෝපදේශ උල්ලංඝනය කරමින් අදාළ සමාගම මෙම ඖෂධ වර්ග වෙළඳපොලට නිකුත් කර ඇති බවද රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පවසයි.

අදාළ ඖෂධ සමාගම ජාතික ඖෂධ නියාමන අධිකාරිය සමග කිසිදු ගිවිසුමක් අත්සන් නොකර මෙම ඖෂධ වෙළඳපොලට නිකුත් කර ඇති බවද අනාවරණය වෙයි. මෙම කරුණු සලකා බැලීමේදී ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් නිකුත් කරනු ලබන වාර්තා සැක සහිත වන බවද රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය විසින් සෞඛ්‍ය ඇමතිවරයා වෙත යොමු කරන ලද ලිපියෙන් පෙන්වා දී තිබේ.

වරුණි පෙරමුණ

@ Lankadeepaya

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි