SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ධනවත් පැළැන්තියේ පමණක් භාවිතා කරන ෆැබ්‍රික් සොෆ්නර් රේගු හා වැට් බදු වලින් නිදහස් කරනුයේ මුදල් අමාත්‍යංශයේ කුමන නිලධාරියාගේ තීරණය උඩද?

එක්තරා බහුජාතික සමාගමක් පමණක් ලංකාවට ආනයනය කර බෙදාහරින, රටේ ධනවත් පැළැන්තියේ පමණක් තමන්ගේ රෙදිපිළි මගින් ඇඟට සනීපයක් ගෙනදීමටත්, රෙදිපිළි වලින් පවා සුවඳ විහිදුවීමටත් භාවිතා කරන මෙම නිෂ්පාදනයට පමණක් රේගු බදු සහ වැට් බදු සම්පූර්ණයෙන් ඉවත් කර වසරකට ඩොලර් මිලියන ගණනක් පිටරට යැවීමට ඉඩ සලසා දී ඇති මුදල් අමාත්‍යාංශයේ එක් ප්‍රධානියෙකු සිටින බවට මුදල් අමාත්‍යාංශයේ පහළ නිලධාරීන් කියා සිටියි.

මෙම බලගතු නිලධාරියා කුමන රජය බලයට පත් වුවද, කවුරු ජනාධිපති වුවද, මුදල් ඇමති කවරෙකු වුවද මොහුට අවශ්‍ය දේ අත්තනෝමතිකව කරගෙන යනුයේ ඉහත බහුජාතික සමාගම ඔහුට විශාල ලෙස වරදාන හා වරප්‍රසාද ලබා දෙන නිසා යැයි සුළු සේවකයන් පවසයි.

මේ පිළිබඳ සොයා බැලීමට මුදල් කාරක සභාවේ අවධානය යොමු නොවන්නේ ඇයි දැයි ජනතාවට ඇති වන්නේ විශාල ප්‍රශ්නයකි. දුප්පත් මිනිසාගේ පාන් ගෙඩියට, ලූණු ගෙඩියට හා ප්ලේන්ටියටත් VAT හා ආනයන බදු පැනවූ මෙම රජය පොදු මහජනයාට අලුතින් ඇදුමක් ගැනීමට තබා හිතන්නත් බැරි තැනට බදු ගසා තිබියදී ධනපතියන්ගේ ඇඳුම් වලින් සුවඳ විහිදුවමින් සැප පහසුවට ඇදීමට ඒවා VAT බද්දෙන් හා ආනයන බද්දෙන් නිදහස් කරමින් රජයට වසරකට රුපියල් මිලියන සිය ගණනක බදු ආදායම අහිමි කිරීම මුදල් කාරක සභාව මගින් අනුමත කෙරෙන්නේ කෙසේද යන්න මහජන මුදලින් වැටුප් ලබන මුදල් අමාත්‍යාංශ ලේකම්වරුන් හා විගණකාධිපති වැනි රජයේ ඉහළ නිලධාරීන් සොයා බැලිය යුතු නොවේද?

එසේම මහජන නියෝජිතයන් ලෙස පවසමින් සැප පුටුවල සිටිනා රජයේ මන්ත්‍රීවරුන් අහිංසක පොදු ජනතාව මත පමණක් බදු බර පැටවීමට අත ඔසවා නැවත ඡන්දයකට කතිරය ඉල්ලා සිටින්න්නේ කෙසේද යන්න ලැජ්ජාවට කාරණාවකි.

@පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවේ අවදානය පිණිසයි

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි