SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

රනිල් වික්‍රමසිංහට අනුව පාරිසරික අර්බුධය යනු ගෝලීය උෂ්ණත්වය ඉහල යාමයි.

ඊට අදාළ ප්‍රධාන ක්‍රියාධරයෙකු වන එරික් සෝල්හයිම් තම උපදේශකයා ලෙස පත්කොටගෙන ඇත්තේ එබැවිනි. විද්‍යාව විසින් ඊට අදාළ බිහිතැන් සෙවීම (extrapolation) තුල ඒ සඳහා විසඳුම් ඉදිරිපත්කොට ඇත.

එනම්, පවතින ප්‍රවණතා දිගටම පවතිනු ඇතැයි යන්න පිළිගනිමින් හෝ ඒවා වර්ධනය වීම විය යුතුයි යනුවෙන් පිළිගනිමින් හෝ ඊට අදාළ අර්බුධයන් සඳහා වර්තමාන විසඳුම් ක්‍රමයක් අදාළ වනු ඇතැයි උපකල්පනය කිරීමෙන් ඉතිහාසයට සහ වර්තමානයට අදාළ තක්සේරු කිරීමේ හෝ නිගමනය කිරීම සහ අනාගතයට අදාළ නිශ්චිත කාලයක් සඳහා ප්‍රක්ෂේපණය කරන ලද ඓතිහාසික ප්‍රවණතා භාවිතා කරමින් සංඛ්‍යානමය පුරෝකථනයන් සිදු කිරීම ද ඊට ඇතුළත් වේ. ඒ අනුව එය භාවිතා වන්නේ කාල ශ්‍රේණි අනාවැකි සඳහා පමණි. නමුත් න්‍යායික වශයෙන් විද්‍යාත්මක විසඳුම් සහ ඊට අදාළ තාක්ෂනය තුලින් ඇති කරන බලපෑම නිසා ඇති වීමට නියමිත වෙනස්කම් එය විසින් අපේක්ෂා නොකරයි. එනම්, විසඳුම් ගෙන එන තත්වයට අදාලව විසඳුම් තුල හේතු සාධක නියතව පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ. එසේම විද්‍යාත්මක විසඳුම් සොයන තත්වයට අදාළ හේතු සාධක පැහැදිලිව දැනුම තුල වටහා ගෙන ඇති බව එහි කර්තෘන් සිතයි (විද්යාඥයින්).

එබැවින් රනිල්ට අනුව (විද්‍යාවට අනුව) කල යුතුව ඇත්තේ පොසිල ඉන්ධන දහනය සීමා කොට පුනර්ජනන බල ශක්තීන් දිරිමත් කිරීමයි. එසේම නැවතිය නොහැකි නිරන්තර කාබන් විමෝචනය (කාබන් විමෝචනය යනු මානව ප්‍රගමනයට අදාළ අනීවර්යතාවයක් ලෙස සැලකීම) වෙනුවෙන් ද විද්‍යාත්මක විසඳුම් ඉදිරිපත්ව ඇත.

ලංකාවේ වනාන්තර එලි පෙහෙළි නොකට ආර්ථිකය නගා සිටුවීමට බැරි බව රනිල් දනී. ඔහුට අනුව විද්‍යාවේ "බිහිතැන් සෙවීම" තුල ගෝලීය උෂ්ණත්වය සඳහා බලපාන ප්‍රධාන තර්ක බුද්ධිමය හේතුව වන "කාබන් විමෝචනය" පාලනය කිරීම සඳහා දැන් වනාන්තර එතරම් අවශ්‍ය නොවේ. ඒ සඳහා කෘතීම වනාන්තර ඇතුළු කාබන් උරාගන්නා වෙනත් ක්‍රම රාශියක් සහ පුනර්ජනන බලශක්තිය වැනි විසඳුම් විද්‍යාව සහ තාක්ෂනය විසින් නිපදවා ඇත. එබැවින් තව දුරටත් වනාන්තර තිබූ ආකාරයෙන් හෝ පවත්වා ගැනීම ගැන සිතීමට රනිල්ට අවශ්‍ය නැත. ඒ අනුව වනාන්තර සියල්ල ආර්ථිකමය වටිනා කම් තුල තීරණය වීමට ඉඩ හැරීම ඔහුගේ ප්‍රතිපත්තියයි. මේ වන විට රට පුරා වනාන්තර එලි පෙහෙළි කිරීම ආරම්භ වී ඇත්තේ එබැවිනි.

පස, ජලය, අනෙකුත් ජීවීන් ඇතුළු සමස්ත ස්වභාවය (nature) සම්බන්ධයෙන්ම විද්‍යාත්මක සිතීම එසේය.

එම ප්‍රතිපත්තියේ සිටිනුයේ රනිල් වික්‍රමසිංහ ඇතුළු UNPය පමණක් නොවේ. ලංකාවේ තිබෙනා අනෙකුත් දක්ෂිනාංශික සහ වාමාංශික දේශපාලන පක්ෂ, කණ්ඩායම් සහ මිනිසුන් සිටිනුයේද එම ප්‍රතිපත්තියේය (මානව ප්‍රගතිය තුල අනීවර්යතා). එය හොඳින්ම නියෝජනය කරනුයේ රනිල් වික්‍රමසිංහ විසිනි. ඒ අනුව රනිල්ට එරෙහිව උද්ඝෝෂණ කිරීම, ජනතාවාදී ඉල්ලීම් සිදු කිරීම, ප්‍රජාතන්ත්‍රවාදී නිදහස ඉල්ලා සිටීම, යනු ධනවාදයම ආරක්ෂා කොට ගැනීම වෙනුවෙන් කරන ක්‍රියාවන් මිස ඊට එරෙහි වීමක් නොවේ. ලොව පුරාම තත්වය මෙයයි.

 

@ස්පාටකස් ලිපි

marrikkar

නවතම ලිපි