SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 පසුගියදා ලංකාවේ ජාතිවාදී නායකයෙකු ලෙස අනන්‍යව සිටින ගුණදාස අමරසේකරගේ ජන්ම දිනය යෙදී තිබුනි.

එකී ජන්ම දිනය වෙනුවෙන් කොළඹ විශ්ව විද්‍යාලයේ ඉතිහාසය පිළිබඳ මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි සුභ පැතුමක් පලකර තිබුනේ මෙසේය.

“යුගයක ජීවමාන සාක්ෂිකරුවා: ගුණදාස අමරසේකර -

ගුණදාස අමරසේකරට අදට වයස අවුරුදු 93ක් සම්පූර්ණ වේ. ඔහු බ්‍රිතාන්‍ය යටත්විජිත පාලනය අවසන් වී ලංකාව නමැති නූතන රාජ්‍යය ආරම්භ වන අයුරු බලා සිටියේය. එය වාච්‍යාර්ථයෙන්ම එසේය. 1948 පෙබරවාරි 4වනදා ඔහු නිදහස් චතුරශ්‍රයේ සිට නිදහස් උළෙලට සහභාගී විය. එතැන් පටන් ලංකාවේ සෑම වැදගත් සංධිස්ථානයක් ගැනම ඔහුගේ නිරීක්ෂන අතිශයින් වැදගත් වේ. ඔහුගේ ප්‍රකාශයන් හී මතුපිට අර්ථ ප්‍රිය නොකරන මා වැන්නන්ට වුවත් ඒ ප්‍රකාශවල මතුපිට විනිවිද ගොස් අතිශයින් අර්ථ බහුල ගැඹුරු තලයක් වෙත ලගාවීමට හැකියාව ලැබේ. ඒ ඔහුගේ අතිශන්ම පොහොසත් ප්‍රබන්ධ සාහිත්‍ය කෘති හරහාය. ලංකාවේ පශ්චාත් යටත් විජිත ඉතිහාසය පිළිබද විචාරාත්මක අවලෝකනයක නිරත වන්නෙකුට ඒවායින් ගත හැකි ප්‍රයෝජන කියා නිම කළ නොහැක.

මේ විශිෂ්ටයාට චිර ජීවනය ලැබේවා. ඔහුගේ සාහිත්‍ය කෘති ගැන ලියූ රචනාවකි මේ - Nirmal Dewasiri

ඉහත කී සුභ පැතුම අරභයා පශ්චාත් මාක්ස්වාදී විදර්ශන කන්නන්ගර තම ප්‍රතිචාරය සෘජුවම නොව වක්‍රව නිර්මාල් ඉලක්ක කර ගනිමින් දක්වා තිබුණේ මෙසේය.

“විමල් වීරවංශ ගේ උපන්දිනයට සුබපතා ආසිරි පතන 'ප්‍රගතිශීලී' මතධාරීන් හමුවන්නේ නැති මුත් ගුණදාස අමරසේකරගේ උපන්දිනය නිමිත්තෙන් නම් ඔහුගේ ගුණකද සිහිකර දීර්ඝායුෂ පැතීමට ඉහත මතධාරී ඇතැමුන් පෝලිම් ගැසෙනු ඊයේ මුහුණු පොත තුළ දක්නට ලැබුණි. මෙය අපූරු සංසිද්ධියකි.

අමරසේකර යනු වීරවංශලාගේ අධ්‍යාත්මික-දේශපාලන නායකයාය.රාජපක්ෂයේ නැගීමට දේශපාලනය පැත්තෙන් ජවිපෙ ෆුල් සප් එකක් දුන්නා සේ මතවාදී පැත්තෙන් ඊට සුජාත බව දුන්නේ අමරසේකරලාය.

උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ හිස් මතට බර අවි ප්‍රහාර එල්ල කරන ලෙස ජවිපෙ විසින් රාජපක්ෂට අණ කරන විට එහි ප්‍රධාන න්‍යායාචාර්‍ය වරයකු වූයේ ගුණදාස අමරසේකරය.

අමරසේකර සාහිත්‍ය ප්‍රබන්ධකරණයේ ශූරයකු බව විවාදයක් නැත.ඔහුගේ සාහිත්‍ය නිර්මාණයන් මටද ආකර්ශනීය වේ.එහෙත් ඔහු දේශපාලනිකව වාර්ගික ජාතිවාදියෙකි.එහි ෆැසිස්ට්වාදී අඩංගුවක් ඇත.සාහිත්‍යමය චමත්කාරය නිසා ඔහුගේ ම්ලේච්ච දේශපාලනය යටපත් කිරීම තක්කඩි ව්‍යාපෘතියකි.

'අරුණ' පුවත්පතට ඔහු නොබෝදා ලබා දුන් සම්මුඛ සාකච්චාවක 'තමන් 1948 සිට ටොරිංටන් වල සිටි බවත්, මේ රටට හරි යයි කියා විශාල බලාපොරොත්තුවක් තිබූ බවත්,එහෙත් සිංහල ජාතිය අද වනවිට අවසන් වී ඇති බවත්,ඒ නිසා කනගාටුවෙන් මැරෙන්නට සිදු වී ඇති බවත්' ප්‍රකාශ කර සිටියි.සැබවින්ම නිදහසින් පසු ලංකාව විනාශ මුඛයට ඇද දැමීමට තමන් ඇතුළු පරපුර හා එහි මතවාදය කෙතරම් බලපෑම් සහගත වීද යන්නට ඔහුගේ ඉහත ප්‍රකාශයම කෙතරම් කදිම සාක්ෂියක්ද ?. අධිපති සිංහල බෞද්ධ රාජ්‍යයක් නිර්මාණය කර,දෙමළ වාර්ගික-ජනතාව ඉන් බැහැර කර, දශක ගණනක වාර්ගික සංහාර යුද්ධයකට රට ඇදදමා, වාර්ගික-දේශපාලනිකව බෙදී වෙන්වුණු ලංකාවක් නිර්මාණය කිරීමට අමරසේකර ඉහළින්ම මතවාදී දේශපාලන මැදිහත් වීමක් සිදු කළේය. 77 විවෘත ධනවාදයට එරෙහිව සභ්‍යත්ව දේශයක් ගැන අමරසේකර මොන බයිලා ගැහුවද අවසානයේ ඔහු ඇතුළු ගැන්සිය විසින් සිදු කරනු ලැබුවේ නව ලිබරල් ධනවාදයට දෘෂ්ටිමය සුජාතබව ලබාදෙන නව සිංහල බෞද්ධ ජාතිකවාදයක් ෆෝම් කර එහි ජනප්‍රියවාදී රෙජීමය ලෙස රාජපක්ෂය භෞතීස්ම කිරීම හා එමගින් ලංකාවේ නව ලිබරල් ධනවාදයට ගැලපෙන කුපාඩිම දූෂිත ව්‍යපාරික වළල්ලකට දේශපාලන බලය ලබාදී අසංස්කෘතික-අසභ්‍ය ලංකාවක් නිර්මාණය කිරීමයි.ජනතාවාදී ආර්ථික සංවර්ධනයකට අවශ්‍ය වාර්ගික එක්සත් ලංකාවක තිරසාරත්වය අමු අමුවේම බිද දැමූ අමරසේකරලා අවසානයේ ජනතා ධනය කොල්ලකෑ බල හවුලකට 'සිංහල ජාතියම' අමු අමුවේම විකුණා දැමීය. ඊනියා සිංහල ජාතිය නොව අද මුළු රටේ ජාතියම විදවන ආර්ථික-දේශපාලන අපා දුකට අමරසේකරලා නියත ලෙසම වග කිව යුතුය.

දැන් සිංහල ජාතිය ඇතුළු රටේ විනාශයට කදුලු සලන්නේ මේ නිර්දෝෂී උක්කුං බබාය.අමරසේකරලා සැබවින්ම මිය යා යුත්තේ පසුතැවීමකින් නොව මේ රටට දැනුවත්ව කළ විනාශයට වරදකාරී චිත්තයෙන් වද විදිමින්‍ ය.

අපගේ ප්‍රගතිශීලී සමහරුන් දීර්ඝායුෂ පතන්නේ තවමත් කුණු ලේ දුගද පහ වී නොමැති මෙවැනි ප්‍රබුද්ධ ෆැසිස්ට්වාදියෙකුටය ! -Vidarshana Kannangara

නිර්මාල් යනු තමාට රිදෙන තැන්හිදී නොසැලෙන මනසක් එලියට පෙන්වන්නට සූදානම් එහෙත් බළල මල්ලෙන් එළියට පනින්නට සූදානම් වාක්‍ය ලියන්නට රුසියෙකි. විදර්ශනට නිර්මාල්ගෙ පිළිතුර මෙසේය.

 

vidarshana nirmal

“විදර්ශන කන්නන්ගර සමග සාමූහික ක්‍රියාකාරකම් හී නියැලෙන, එහෙත් විදර්ශන මෙහි ඉදිරිපත්කරන අදහස සමග එකග නොවන පිරිස් මේ අදහස සමග විවේචානාත්මකව අභිමුඛ වීමට කැමති ද? මං හිතන්නෙ වඩාත් සුවපහසු දේ තමයි නොදැක්ක වගේ ඉන්න එක!!! - Nirmal Dewasiri is with Vidarshana Kannangara.

කිසිදා විවේචනයකට සෘජුව මුහුණ නොදෙන නිර්මාල්ගෙ පිළිතුර ඉහත පරිදි ස්ථානගත කර ඇත. අනාගතයේ දිනෙක සුනිල් විජේසිරිවර්ධනයන් ලෙස හෝ පියසිරි කුලරත්නයන් ලෙස තම වියපත් දිවිය කැපවිය හැකියැයි ඉගි පලකැරෙන, වර්තමානය තුළ නිර්මාල්ගෙ ඇගේ වසා සිටින මැක්කන් ගැන මාධව රුවන්පතිරණට හෝ නන්දන පෙරේරාට ඇති අදහස ප්‍රදීප් ජයරත්නට ඇති නොවන්නේ කුමක් නිසාද?

@DailyTalk@Ladyleader

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි