SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ලංකාවේ පොලිසිය කාලෙන් කාලෙට හොඳ වගේම  නරක අසමින් බල දේශපාලනය තුළ දෝලනය වන ආයතනයක් ලෙස බොහෝ දෙනාගේ අදහස වී ඇත.
පොලීසියට දේශපාලනය සම්බන්ධ වන ආකාරය අනුව වගේම පොලීසිය දේශපාලනය විසින් මෙහෙයවෙන ප්‍රමාණය අනුව පොලීසිය සහ සිවිල් පුරවැසියන් අතර සම්බන්ධය හොඳ හෝ නරක ලෙස දෝලනය වේ.
 

රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව පත්වුනු පසුගිය කාලය පුරාම පොලීසිය සහ සිවිල් පුරවැසියන් අතර පැවති සම්බන්ධතාව අතිශය දුරස් සහ ගැටුම්කාරී එකක් බවට පත්වනු අප දැකගතිමු. අරගලයේ මුල් කාලය (ගෝඨාභය සමය) සහ අරග‌ලයේ අවසන් කාලය (රනිල් සමය) තුළ පොලිසියේ ක්‍රියාකිරීම සපුරා වෙනස් මුහුණුවරක් ගැනීම පිළිබඳවද සමාජ මාධ්‍යය තුළ විවිධ අදහස් පළව තිබුනි.  

පසුගිය 15 වැනිදා  ටිරාන් අලස් පොලිස් ඇමැතිවරයාගේ අමාත්‍යාංශයේ දී පොලිස් ඇමැති හා පොලිස්පතිවරයාගේ ප්‍රධානත්වයෙන් බස්නාහිර පළාතේ සියළුම නියෝජ්‍ය පොලිස්පතිවරුන්, එස්එස්පීවරුන් එස්පීවරුන්, ඒඑස්පීවරුන් කැඳවා සම්මන්ත්‍රණයක් පවත්වන ලද සම්මන්ත්‍රණයකදී ඇත්වූ සිද්ධියක් සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ට මාධ්‍යවේදී කේ. සංජීව විසින් මෙම ප්‍රවෘත්තිය ඉදිරිපත් කර ඇත.

----------------------

ටිරාන් පොලීසිය භූමදාන කරයි වගේ...!!
 
කුප්‍රකට රාඩා ගනුදෙනුව කළ ටිරාන් අලස් තමයි දැන් පොලීසිය භාර ඇමති. මේ ඇමතිවරයා දැන් පොලීසිය අස්සේ හැසිරෙන්න්නේ වළන් කඩේට පැන්න එළුවා වගේ. මේ ඇමතිවරයාගේ නියෝග නිසා මේ වෙනකොට පොලීසිය අවුලෙන් අවුලට ගමන් කරමින් තමයි තියෙන්නේ.
 
පසුගිය 14 වෙනිදා බත්තරමුල්ල පොලීසිය භාර අමාත්‍යාංශයේ පොලිස් ප්‍රධානීන් ටිරාන් අලස්ගේ ප්‍රධානත්වයෙන් රැස්වෙලා තිබෙනවා. ඒ වෙලාවේ ටිරාන් අලස් ඇමතිවරයාගේ ප්‍රධාන චෝදනාව එල්ලවෙලා තියෙන්නේ කොළඹ දකුණ භාර SSP මාරපනට විරුද්ධව.
 
මාරපන පොලීසිය අස්සේ මේ වෙලාවේ වැඩකරමින් ඉන්න විදිහ තමන්ට දිරවාගන්න බෑ කියන එක තමයි ටිරාන් අලස් කියලා තියෙන්නේ. ටිරාන් අලස් ඇයි එහෙම කියලා තියෙන්නේ ?
 
හිරුණිකා ප්‍රේමචන්ද්‍ර එක්සත් ජාතීන්ගේ කාර්‍යාලය ඉස්සරහා දී අත්අඩංගුවට නොගැනීම තමයි මේ දිරවාගන්න බැරිවීමේ හේතුව. ටිරාන් අලස් පොලීසියට දිගින් දිගටම උපදෙස් ලබාදීල තියෙන්නේ හිරුණිකාව අත්අඩංගුවට ගන්න කියලා. ඒත් මේ නීයෝගය නීතියට පටහැනී කියලා SSP මාරපන මේ අත්අඩංගුවට ගැනීම සිද්ධ කරලා නෑ. ඒවගේ අත්අඩංගුවට ගන්න කියලා කියපු අවස්ථාවල අදාළ අත්අඩංගුවට ගැනීම් සිදුනොකිරීම තමයි ටිරාන් අලස් ගේ කෝපයට හේතුවෙලා තිබෙන්නේ.
 
මේ සාකච්ඡාවට ටිරාන් අලස්, පොලිස්පතිවරයා, DIG චන්ද්‍රකුමාර, SSP රොෂාන් ඩයස්, SSP මාරපන, නීති අංශයේ DIG කරවිට වගේ උසස් පොලිස් නිළධාරීන් සහභාගී වෙලා ඉදලා තිබෙනවා.
මේ අවස්ථාවේ DIG ලීගල් විතරයි ටිරාන් අලස්ගේ පැත්තට කතාකරලා 138/5 යටතේ හිරුණිකාව අත්අඩංගුවට ගන්න තිබුණා කියලා කියලා තියෙන්නේ.
 
මේ වෙලාවේ SSP මාරපන දැඩිව කියලා තියෙන්නේ - 'ලනු දෙන්න එපා සර්, නඩු තීන්දු කිහිපයකින්ම මේක අභියෝගයට ලක්වෙලා තියෙන්නේ' කියලා.
 
කොහොමහරි අන්තිමට ටිරාන් අලස් කියලා තිබෙනවා ජනාධිපති රනිල් වික්‍රමසිංහට කියලා SSPට විරුද්ධව ක්‍රියාමාර්ගයක් ගන්නවා ඔහු කොළඹ වර්තමානයේ රාජකාරි වලට සුදුසු නෑ කියලා. මේ කතාබහත් එක්ක SSP මාරපන මෙම රැස්වීමෙන් නැඟිට ගිහිං තිබෙනවා.
ඔහු එහිදී කියලා තියෙන්නේ තමන්ව මාරුකරන්න කතාකරන ඇමතිවරයෙක් එක්ක කතාකරලා තේරුමක් නෑ කියලා.
 
කොහොමහරි මෙවැනි නියෝග නිසා සහ ටිරාන් අලස්ගේ මේ වල්බූරු හැසිරීම නිසා මේ වෙනකොට පොලීසිය අවුලෙන් අවුලට ගිහිං තිබෙනවා කියලා තමයි පොලීසියේ උසස් නිළධාරීන් කියන්නේ.
 
@කේ. සංජීව 

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි