SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

"ගොඩයමු"කල්ලියට ගාල්ලේදී Chandana Wasantha විසින් දක්වන ප්‍රතිචාරය වැලැක්වීම සඳහා Rohan Samarajiva පෙරමුණ ගන්නා බව පෙනෙන බව ස්පාර්ටකස් සංවිධානයේ මාධව රුවන්පතිරණ කියයි.

ඔහු වැඩිදුරටත් කියා සිටින්නේ,

“වසන්තගේ ක්‍රියාව වැදගත් වන අතර ක්‍රියාව තුල ඇති අන්තර්ගතය සහය දක්වන්නේ ජාතික ජන බලවේගයේ අපේක්ෂාවන් සඳහාය. "ගොඩයමු" කල්ලියට න්‍යායිකව පහරදීම සඳහා ලංකාවේ වාමාංශික කණ්ඩායම් වලට හැකියාවක් නොමැත. ඒ සියලු වාමාංශික කණ්ඩායම් විසින් නියෝජනය කරනුයේ පවතින දෘෂ්ටිවාදයම බැවිනි.

රොහාන් සමරජීවලා විසින් චන්දන වසන්තට බාදා කිරීම තුල පෙනී යන්නේ ඔවුන් සංවාදයකට අකමැති බවයි. කෙසේ වෙතත් මොවුන් යන යන තැන මෙසේ ප්‍රහාර එල්ල කල යුතුය.”

 මාධව කියා සිටින්නේගෝල්ෆේස් අරගලයේ අග්‍රඵලය "ගොඩයමු" කල්ලිය බවය.

 

 

ඉහත ප්‍රකාශයට ක්ෂනිකවම පිළිතුරු සපයමින් ගොඩයමු කල්ලියේ ප්‍රධානී මහාචාර්ය රොහාන් සමරජීව පවසන්නේ මෙවන් අදහසකි.

“බැලුවා දෙවතාවක්ම බාදාකිරීම කොහෙද කියල. සභාවෙන් ඒ පුද්ගලයාට ආ විරෝධය ප්‍රයෝජනවත් සංවාදයකට හරවා ගන්න බලන් හිටි එක තමයි පෙන්නල තියෙන්නේ”

ගොඩයමු කල්ලිය පිළිබඳව පසුගියදා හිටපු ජනාධිපති ගෝඨාභට රාජපක්ෂගේ ජ්‍යෙෂ්ට උපදේශක එරන්ද ගිනිගේ විශේෂ හෙළිදරව්වක් කර තිබුනි. (ladyleader.lk/news/7445-2022-11-11-06-50-47)

ඉහත සිදුවීම සම්බන්ධයෙන් එරන්ද ගිනිගේ ගේ ප්‍රකාශය මෙසේය.

“මට මතකයි මේ රොහාන් සමරජීව උන්නැහේ ලක්ෂමන් කදිරගාමර් සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති ජනතා අදහස් විමසුමක් මෙහෙයවූ හැටි... වයසක පුරවැසියෙක් එයාගේ අදහස් කියන කොට මයික් එක උදුරලා ගත්තා. "මමයි මේකේ moderater කියලා රොහාන් ලොක්කා සැරයක් දැම්මා". රොහාන් ඔහොම හිටියට හරිම චණ්ඩි බණ්ඩි!

මම නම් බොහොම කැමැතියි මේ රොහාන් වගේ අධිපති ප්‍රභූන්ට ඕන විදිහට මේ රටේ ආර්ථිකය හැදෙනවට. මොකද එතකොට ඔය අරගල වගේ ඒවා කරන්න ඔවුන් ඉඩ දෙන්නේ නැහැ. එතකොට පුද්ගලික අංශය තමයි රටේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම හසුරුවන්නේ. ජාතික ජන බලවේගයත් දැන් මේ වැඩේට අලයින් වෙලා ඉන්නේ. ඒ නිසා මේ ගොඩයමූ, මට සිහිනයක් ඇත, අරක, මේක කියලා එකම තැනකින් කරන ව්‍යාපෘතිය සාර්ථක වෙන්න කියලා මා ප්‍රාර්ථනා කරනවා! ධර්මය අපට මග වේවා!”

 

@DailyTalk@Ladyleader

නවතම ලිපි