SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පෘථිවිය යනු ග්‍රහලෝකයක් මත පිහිටා ඇති වෙළඳපලකි.
මිනිසුන් යනු පෘතුවිවාසීන් නොව පාරිබෝගිකයන්ය.
 
මේ වෙළදපලේ පාරිභෝගිකයන් සංඛ්‍යාව දැන් බිලියන 8 ඉක්මවා ගොස් ඇත. ඒ පාරිභෝගිකයන් තෘප්ත කිරීමට ග්‍රහලෝකයේ ධාරිතාව මෙන් දෙගුණයක ප්‍රමාණයක් වැයවෙයි. එනම් Earth overshoot එක 1.8කි.
 
දියුණු රටවල මේ අගය 4ට ආසන්නය. චීනයේ 2.5කි. එය ක්‍රමානුකූලව ඉහළ යයි. ප්‍රබල ආර්ථික අතුරින් ඉන්දියාව පමණක් තවමත් මේ අගය 1ට අඩු අගයක තිබෙයි. ඒද විශාල ග්‍රාමීය ප්‍රජාවක් සිටින නිසාවෙනි.
 
අප ගින්නක් පිළිබඳව වූ අනතුරු ඇඟවීමේ සංඥා නිකුත්ව ඇති ගොඩනැගිල්ලක ඒ බව නොතකා බූරු ගසමින් සිටිනා බේබද්දන් පිරිසකට සමානය.
 
මුදිත ජයසූරියගේ මේ ප්‍රකාශයට මාධව රුවන්පතිරණ දී ඇති පිලිතුර මෙසේය.
 
මේ සටහනින් පෙනී යන්නේ Muditha Jayasuriya පවතින දෘෂ්ටිවාදයම තහවුරු කරන බවකි.
ඔහුට අනුව ප්‍රශ්නය ජනගහනය සහ එම ජනගහනය ධනවාදී පාරිභෝජකයින් වීමය. අපට අනුව "ජනගහනය" යනුම සහ "පාරිභෝජනය" යනුම දැනුමේ සහ අධිකාරීත්වයේ ප්‍රශ්නයකි.
 
ඒ අනුව ජනගහන වර්ධනයට අපගේ ස්ථාවරය තුල විසඳුම් නොමැත. කෙනෙකුට අවශ්‍ය නම් පැවසිය හැක්කේ ජනගහන වර්ධනය අනු ඓතිහාසික අනීවර්යතාවයකි යන්නයි. Nirmal Dewasiri ඇතුළු බුද්ධිමය සංවාද කරුවන් සිටිනුයේ එම ස්ථාවරයේය.
 
DailyTalk@Ladyleader

නවතම ලිපි