SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රීන් හත්දෙනකු ආණ්ඩුවට එක්වීමට සාකච්ඡා පවත්වමින් සිටින බව විශ්වාසවන්ත ආරන්චි මාර්ග සඳහන් කරයි.

මෙම කණ්ඩායම ඉදිරි කැබිනට් මණ්ඩල සංශෝධනයත් සමග අයවැය අතරතුරදී ආණ්ඩුවට එක්විය හැකි බව සඳහන්ය.

මේ අතර තමනට සෞඛ්‍ය අමාත්‍ය ධුරය ලැබුණොත් සියලු ගැටලු විසඳා දෙන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි.

සමගි ජන බලවේගයෙන් දෙදෙනෙක් ආණ්ඩුවට ගිය ආකාරයෙන් තමාද තුන්වෙනියා ලෙස ආණ්ඩුවට එක් වීමේ හැකියාවක් ඇතැයි ද පැවසූ ඔහු නමුත් මේ මොහොතේ වගකීම දැරිය යුත්තේ සාමූහිකව බවද පැවසීය.

ආණ්ඩුවට එක්වන්නේ යැයි පල වන වාර්තා සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් මන්ත‍්‍රිවරයා මෙසේ කියා සිටියේය.

“මට දුන්නා නම් සෞඛ්‍ය ඇමතිකම මම 2015 දී වගේ ප්‍රශ්න ඔක්කොම විසඳනවා. ආණ්ඩුවට යනවා නම් මෙච්චර බල බල ඉන්න ඕනේ නෑ නේ. දැන් දෙන්නෙක් ගියේ අපේ.. ඒ වගේ තුන්වෙනියාට මට යන්න පුළුවන් නේ. එහෙම ගිහින් වැඩක් නැහැ. මේ රට ගොඩගන්න වැඩකට ඒකාබද්ධව තමයි යන්න ඕනේ.”

තනි පක්ෂයකට දේශපාලනය කරන්නත් පුළුවන්..ආණ්ඩුවක් ගන්නත් පුළුවන් හැබැයි කිසිම තනි පක්ෂයකට රට හදන්න බැහැ.

ඇමතිකමක් ඕනේ නම් එක දුරකථන ඇමතුමකින් මට ඒ වැඩේ කරගන්න පුළුවන්. නමුත් මම කියන්නේ පුද්ගලයෙක් යන එක නෙමෙයි. සියලු කට්ටිය එකතු වෙලා එක ගමනක් යන්න ඕනේ.”

මේ අතර දැන් සියල්ල හරි බව පවසමින් රාජිත සේනාරත්න වජිර අබේවර්ධනට අවසන් වචනයද දන්වා ඇති බව සැලය. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ලංකාවට පැමිණි සැනින් රාජිත සේනාරත්න හිටපු සෞඛ්‍ය ඇමතිතුමා සෞඛ්‍ය අමාත්‍යාංශය බාරගැනීම සිදුවනු ඇති බව දේශපාලක විචාරකයෝ මත පලකර ඇත.

පුවත් මූලාංශ්‍ර - @ Lankacnews

නවතම ලිපි