SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

අනුර කුමාර පසුගියදා මාලදිවයින බලා පිටත්ව ගොස් පැමිණ රනිල්ලා , සජිත්ලා ,ඩයනලා කියන කතාවම

ඔහු අලුතෙන් හොයාගත් කතාවක් සේ ගොතා, ඈත ගම් දනව් වලට ගොස් ජා.ජ.බ. මැතිවරන සම්මේලන වල දෙසා බායි.ඔහුට අනුව රනිල් ගේ මග මෙන් යමින්, රාජ්‍යය රැකියා අවම කර රාජ්‍යය සේවයට පිටින්, රට සංවර්ධනය සදහා ආර්ථිකයක් නිර්මාණය කලයුතුය.

ඒ සදහා ඔහුගේ ඒක්තරා ආර්ථික වැඩ සටහනක් වන්නේ මාලදිවයින මෙන් සංචාරක ව්‍යාපාරය දියුනු කිරීමයි.1972 පමණ සුලුවට පටන් ගැනුනු මාලදිවයිනේ සංචාරක ව්‍යාපාරය ක්‍රමයෙන් වර්ධනය වී 2018 වන විට Waldorf Astoria, Mövenpick, Pullman and the Hard Rock Café Hotel වැනි අතිවිශාල ගෝලීය හොටෙල් පද්ධති මැදිහත්වී ආයෝජන ව්‍යාපෘති හරහා එහි සංචාරක ව්‍යාපාරය විශාල ලෙස පුලුල් කරන ලදී. නමුත් 2019 ගෝලීය ආර්ථික ණය අර්බුදය සහ 2020 මුල සිට ගෝලීයව ව්‍යාප්තවූ වසංගත තත්වය හේතු කොට ගෙන සංචාරක ව්‍යාපාරය එහෙම පිටින්ම කඩා වැටුනි.ගෝලීය පසු ධනවාදයට මෙය එක්තරා අස්වැසිල්ලක්ද විය .

2019 සැප්තැප්බර් වන විට පමණ මතු වුන ගෝලීය ණය මූල්‍යය අර්බුදය හේතු කොටගෙන, ගෝලීය ආර්ථිකය අධි උද්ධමණය කරා යාමට නියමිතව තිබුනි.එය වලක්වා ගැනීමට අත්‍යවශ්‍යය අවධමන තත්වය ලගාකර ගැනීමට මෙම තත්වය ඉතාම මහෝපාකාරී විය. කෙසේ වෙතත්, 2023 වසරේ අනාගත සංචාරක දැක්මකට අනුව Economist Intelligence Unit: Global Insights & Market ...https://www.eiu.com 2022 වසරේ කෝවිඩ් වසංගතයෙන් පසුව සංචාරකයන් ගේ පැමිනීම 60 %කින් වර්ධනය වී ඇත. ඊට සමගාමීව 2023 වසරේ එය 30% වර්ධන වේගයක් බලාපොරොත්තු වෙයි. නමුත් එම වර්ධන වේගය, පූර්ව කෝවිඩ් අවධියේ මට්මට පැමිනිය නොහැකි බව වාර්තා කරයි.මෙයට හේතුව ලෙස පවසන්නේ ගෝලීය ණය අර්බුදය හා බැදුනු ආර්ථික පසුබෑම සහ රුසියාවට එරෙහිව පනවනු ලැබූ ආර්ථික සම්බාධකයි.නමුත් සමකාලීනව , ගෝලීය ආර්ථිකය මුහුණ දෙන ව්‍යූහාත්මක අර්බුදයට, හුදු ආර්ථික ප්‍රතිසංස්කරණයන් හරහා විසදුම් නැති බවත් ගෝලීය ආර්ථික පද්ධතියම ව්‍යහාත්මක පරිවර්තනයකට ලක්විය යතු බව ප්‍රාමානික අවබෝධයක් ඇති ගෝලීය වාමාංශික ධාරාවේ නියෝජිත දේශපාලන ආර්ථික විශ්ලේෂකයන්ගේ අදහසයි.

දශක ගණනාවක් ,ධනවාදයට එරෙහිව දේශපාලනය කල පක්ෂයක වර්තමාන නායක, ඊනියා වාමාංශික අනුර කූමාරට දක්ෂිණාංශික රනිල්ගේ ,සජිත්ගේ ,ඩයනා ගේ ඊනියා ආර්ථික වැඩපිලිවලට වඩා වෙනස් යමක් නැත. 2009 වසරේ සිට ණය ආර්ථිකයක් පවත්වාගෙන එන ගෝලීය මූල්‍යය ධනවාදයට ගෝලීය ලෙස වර්ධනය වන දූගී බවට සහ කුසගින්නට විසදුම් නැති තත්වය තුල, ඊනියා වමේ අනුර කුමාරගේ හැම රෝගයකටම තෙල වන හොරකම් වංචා දූෂන වැලක්වීමෙන්, රටේ ඊනීයා සංවර්ධනයට සහ ජනතා ප්‍රශ්න වලට විසදුම් ඇති බව පැවසීම , මැතිවරණ වේදිකාවල තම ජනයාට ගොං චූං දිය හැකි ක්‍රමයක් පමණි.

අනෙක් අතට , පරිවාරයේ රටවලට ණය දෙන ගෝලීය මූල්‍යය බැංකු පද්ධතීන් , ඔවුන්ගේ කලින් පැවති පොලී අණුපාතය 2% සිට වර්තමාණය වන විට 10% දක්වා වැඩි කර ඇති තත්වය තූල ඊනීයා ණය ආර්ථිකයක් පවත්වාගෙන යන ලංකාවේ අනාගත ආර්ථික සංවර්ධණය වූ කලි මායාවකි.තවද , මෙහි උත්ප්‍රාසාත්මක කාරනයක් වන්නේ එකසත් ජාතීන්ගේ සංවිධානය විසින් ගෝලීය ප්‍රජාවට ආයාචනා කරනුයේ, ලංකාව දුගී බවෙන් ගලවා ගැනීමට අවමය ඩොලර් 5 ක් වූ ආධාරයක් ඉල්ලීමයි.

කොහොම නමුත් ,අනාගතයේදී, චන්ද්‍රරිකා ආන්ඩුව කරන කාලේ හිටපු පොෂ් අනුරකුමාර කෙනෙක් නැවතත් අපට හමුවීමට නියමිතය.

@Nalin Dodangoda

 

 

නවතම ලිපි