SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

රනිල්ගෙ ආණ්ඩුවේ දිනමිණ පත්තරේ ඊයේ පොල්ගෙඩි ප්‍රමාණයේ අකුරෙන් හෙඩිමක් ලියවෙනව.

එහි සඳහන් වන්නේ ,''සරසවි සිසුන් 50කට ඒඩ්ස්'' බවයි. විශේෂඥ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි ප්‍රකාශ කොට තිබුණේ පහුගිය මාස 9ට HIV ආසාදිතයන් 342 දෙනකු වාර්තා වී ඇති බවත් මින් 50ක් විශ්වවිද්‍යාල සිසුන් බවත්‍ ය.

විශේෂඥ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි ‘දිනමිණ‘ට කල එම ප්‍රකාශය පාදක කරගෙන දිනමිණ තම හෙඩ් ලයින් එක හදන්නේ සරසවි සිසුන් 50කට ඒඩ්ස් කියාය. ඉතිරි 292ම දිනමිණට අදාල නැත. මෙවැනි පුවත් හෙඩිමක් රනිල් ආණ්ඩුවේ පත්තරේකින් එළියට එන එක කාටත් පැහැදිලිය. ඒ එන්නෙ මේ රටේ සිසු දරුවන්, සරසවි ශිෂ්‍යයින් ගැන වගකීමක් හෝ වගවීමක් නිසා නොවේය යන්න ඊටත් වඩා පැහැදිලිය.

ලංකාවේ ලිංගික අධ්‍යාපනයට වැටවල් බැන්ඳෙ මේ මොහොතේ රනිල් වික්‍රමසිංහ වටේ පිරිවරාගෙන සිටින ජාතිකවාදී නඩය ඇතුළු සංඝ සමාජයයි. පෙළපොතේ පාඩම් පිටින් කොළ ගලවන්න සංඝ සමාජයේ සමහර චීවරධාරී කෙලෙස්බර පූජකයන් කටයුතු කරද්දී අධ්‍යාපන අමාත්‍යාංශය හා අධ්‍යාපන බලධාරීන් නිහඩව බලා සිටිනු දක්නට ලැබුණි. ඒ වගේම මේ වගේ ධනේෂ්වර වෙළඳපොලකට වහවැටුනු ලෝකයක HIV කියන්නෙත් ඒ වෙළඳපොලේ තවත් නිෂ්පාදනයක් යන්න මේ බලධාරීන් තබා වම කරතබාගත් ඊනියා වමේ දේශපාලනය පවා පිලිගන්නේ නැත.

ඉදින් සරසවි සිසුන් යනුවෙන් කොටසකට එල්ල කරන මේ මාධ්‍ය ප්‍රහාරය පසුපස දුවන්නේ වසර 74ක් පුරා ගෙනගිය මජර දේශපාලනයම නොවන්නේද? මේ විශේෂඥ වෛද්‍යවරිය විසින් පෙන්වල දෙන්නේ අනාරක්ෂිත ලිංගික සම්බන්ධතා පැවැත්වීම හේතුවෙන් පුද්ගලයන්ට HIV ආසාදනය වන බවත්, දරුවන් සමඟ ලිංගික කාරණා විවෘතව කතා කිරීමෙන් මෙවැනි ආසාදනයන් වළක්වා ගත හැකි බවත් ය.

ඇය ඒ ප්‍රකාශ කරන්නේ වෛද්‍ය විද්‍යාවේ දන්නා එකම මන්තරයයි. ඇය ඉන් එහා දන්නා කරුණක් නැති බව ඉතා පැහැදිලියි. මන්ද මේ සමාජ ක්‍රමයම දරුවන්ට මෙන්ම වැඩිහිටියන්ටත් අනාරක්ෂිත බවත් මෙම අර්භුදය ඒ අනාරක්ෂිත බව දෙගුණ තෙගුණ කරන ලිබරල් ධනවාදය විසින් ඇතිකරන ලද්දක් බවත්ය. එමෙන්ම එදිනෙදා අවම අවශ්‍යතාවන් හෝ සපුරා ගත නොහැකිව දිවි සටනේ පතුලටම ඇද වැටුනු දරු ප්‍රජාවක් මේ රටේ මේ මොහොතේ අර්බූධයට ගොස් අනාරක්ෂිතභාවයට පත්ව ඇති බවක් ඇය දන්නේ නැති අතර එය ඇයට අදාළත් නැත.

එහෙත් මෙය වාර්තා කරන දිනමිණ පුවත්පතට එය අදාළය. ඔවුන් ඒ අදාළත්වයට එරෙහි වන්නේ මේ ආකාරයේ අර්බූධ පුවත් ඉස්සීමෙන්ය. දිනමිණ එසේ තිබියේවා. සිනහවට කරුණ එයද නොවේ. ලංකාවේ සෙක්ස් ගැන කතාකරන්නට ෆැකල්ටි දමාගෙන වෙළඳපොලක් හදාගන්නට වලිකන චින්තන ධර්මදාස එකී පුවතින් උත්තේජනය වී ඇති ආකාරයය. පරිභෝජන අවස්ථා අර්බූධයට යෑමෙන් හටගත් ගෝල්ෆේස් අරගලයේ මුල්කාලීනව පූර්ණකාලීන සටන්කරුවෙක්ව සිටි ධර්මදාස අරගලය ඇතුලත තම ෆැකල්ටිය මාර්කට් කරගන්නට උත්සාහ කලේය. අරගලයේ සෙක්ස් ගැන ලිපි ලියමින් කූඩාරම් ඇතුලත ලිංගික සම්බන්ධතා ගැන රචනා කරමින් ඉන් නොනැවතුනු මේ මහා යුග පුරුෂයා (මන්ද විවිධ අය හරහා මොහු ‘චරිතයක්’ වීමට ලොකු උත්සාහයක් ගන්නා බව නොරහසකි) අරගලයට ජංගි ඉවෙන්ට් එකක් රැගෙන ආවේම තම විපරීත අනන්‍යතා අර්බූධය තුළ අරගලය හරහා අනන්‍යතාවක් ගොඩනගා ගැනීමටමය. ලිබරල්වාදී ධර්මේට මේ සඳහා ස්ත්‍රී මෙවලමක් ලෙස සංඛේතියව පවතින ජංගියම තෝරා ගැනීමේ අවිඥානය වෙනකකි. ඒ පිලිබඳවූ සංවාදයට පසු පියවරක් ලෙස යට ඇඳුම ආදේශ කරමින් කරන ලද එම අවස්ථාව ධර්මේට අවශ්‍ය ලෙස දෙස් විදෙස් මාධ්‍ය හරහා සුළු කාලයකට මාර්කට් කරගැනීමය. එහෙත් ගෝල්ෆේස් අරගලය තුළ ඒකරාශීවී සිටි තවත් හිස්ටරීක කොටසක් වූයේ පෙසප හා ජවිපෙ ඊනියා වාමාංශිකයින්ය. ඔවුන් ධර්මදාසට තවදුරටත් ඒ තුළ ඉඩක් නොදෙමින් ධර්මේව ගෝ ගෝ ගමෙන් පන්නා දැමුනු අතර එවක් පටන් අරගලයටත්, අරගලයට සම්බන්ධ වූවන්ටත්, අන්තරේටත්, පහර ගසමින් අරගලයෙන් බිහිවු රනිල් වික්‍රමසිංහගේ ගුණ වර්ණනා කරන්නට අවස්ථාවාදී ලෙස ඉදිරිපත් විය.

''ජංගියක් වනනකොට කකුල් වෙවුලන අන්තරේට හොඳ අසයින්මන්ට් එකක්. බැරියර් පෙරලුවට මදි කොන්ඩම් පාවිච්චියත් පුරුදු වෙන්න ඕන.'' - ධර්මදාසගේ උදම්වැකිය

මේ අවස්ථාවේදීද, පාලකයින් විසින් පුරවැසියන්ට ජීවත්වීම අනාරක්ෂිත කර ඇති රටක වැඩිහිටි ළමයින් 50කට HIV වැළඳීම මහා ඉහලින් සමරන විට ඒ පසු පසින් ගොස් රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවේ වැසිකිලි පෝච්චිය උරා බොමින් බුරිය උල් කරගන්නට දතකන විපරීත ධර්මදාස  සුපුරුදු පරිදි පෝස්ට් එකක් දමමින් තම කුහකත්වය, අවස්ථාවාදීබව හා විපරීතබව පෙන්නුම් කර ඇත.

@සමාරා පරණවිතාන

 

නවතම ලිපි