SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

අද(25)දැන් ටික වෙලාවකට ඉස්සෙල්ලා සිරිධම්ම හිමි බලන්න මම කොළඹ ජාතික රෝහලට ගියා.
TID සහ පොලීසිය එතෙන්ට දාලා ඉන්නෙ. ලගට කාටවත් බලන්න යන්න දෙන්න එපා කියල තියෙන්නෙ කියල එතන හිටපු නිලධාරීන් අපට කීව. ඒත් මම මල්ලි නිසා මට යන්න ඕන කියල දිගටම ඉල්ලුව. සිරිදම්ම හිමිට උන ටිකක් වැඩි වෙලා තියෙන්නෙ. ඩෙංගු positive ද කියලා බලන්න චෙක් කරන ගමන් තියෙන්නෙ.බ්ලඩ් රිපෝට් ඇවිත් නෑ තාම.කෑම බීම ටිකක් අපි දුන්නා.නමුත් කන්න අමාරු බව තමයි කීවෙ.
 
හාමුදුරුවෝ මීට් කලින් තමයි හොස්පිටල් ඇඩ්මිට් කරන්න තිබුනෙ අමාරු වෙන්න කලින්.ලෙඩ වෙලා කියල දැනගත්තෙත් අක්ක බලන්න ගියපු නිසා.නැත්නම් TID එකෙන් හරි පොලිසියෙන් හරි කිසිම දැනුවත් කිරීමක් අපේ පවුලට හරි කැම්පස් එකටහරි කරල නෑ.
 
අද හොස්පිටල් එකට අරන් ඇවිල්ල තිබුනෙ මූණ වහල දරුණු අපරාධකරුවෙක් ගේනව වගේ. අසනීප තත්වය ගැන කිසිම තැකීමක් කරල නෑ. මූලික මානව හිමිකම් වත් නොසලකා තමයි මෙහෙම අමානුෂික විදියට හාමුදුරුවන්ට වද දෙන්නෙ.අසනීපයක් උනාම සතෙක්ටවත් මෙහෙම කරනවද?.
 
මම අහන්නෙ ඒකයි.මේක ලොකු ගැටළුවක්.අපි ඇයි තවත් මේව බලන් ඉන්නෙ කියල හිතෙනව.සිරිදම්ම හාමුදුරුවෝ කතා කලේ මිනිස්සුන්ගෙ ප්‍රශ්න.ඉතින් රටේ මිනිස්සුන්ගෙන් ඉල්ලන්නෙ මේ ගැන ඔබේ හඬ අවධි කරන්න කියල.
 
-සිරි සුමේධ හිමි(සිරිදම්ම හිමිගෙ මල්ලි)-
@ආලෝක රසාංජන ගේ වෝලයෙන්
 
 

නවතම ලිපි