SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

අඩුපාඩුකම් මධ්‍යයේ හෝ විසි වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමට පෙරමුණ ගෙන කටයුතු කිරීම සම්බන්ධයෙන්
අමාත්‍යවරයාගේ මේ ප්‍රකාශය පිළිකුලෙන් යුතුව හොළා දකින අතර එවැනි ක්‍රියාමාර්ගයකට එ⁣රෙහිව පාර්ලිමේන්තුවත් ජනමාධ්‍ය ප්‍රජාවත්, ජනතාවත් උපරිම විරෝධය දැක්විය යුතුය.
 
අධිකරණ ඇමති වරයා ජනමාධ්‍ය කරුවන් සම්බන්ධයෙන් කෝපයට පත් වී ඇත්තේ තමාගේ ප්‍රතිරූපය සම්බන්ධයෙන් අහිතකර අන්දමින් බලපාන මාධ්‍ය වාර්තා ඇතැම් මාධ්‍ය විසින් පළ කර තිබීමය. මෙි රටේ ජනමාධ්‍ය ආයතන වලත් බොහෝ ජනමාධ්‍යකරුවන්ගේත් වෘත්තික භාවය තුට්ටු දෙකට වැටී ඇති බව ඇත්තකි. දුෂ්ට ජනමාධ්‍ය ප්‍රහාර නිසා නිකරුනේ ප්‍රතිරූපවලට හානි සිදු වූ දේශපාලනඥයන් ඇතුලු ප්‍රසිද්ධ චරිත ගණනාවක්ම අපට නමින්ම පෙන්වා දිය හැකිය. එහෙත් මේ ජනමාධ්‍ය අවභාවිතාවට පිළියම් සෙවිය යුත්තේ ඊටත් වඩා දරුණු ලෙස රටේ නීතිය අවභාවිත⁣ කරමින් නොවේ. විජේදාස රාජපක්ෂ මහතා යෝජනා කරන්නේ එවැනි දරුණු නීති අවභාවිතාවකි.
 
ජනතා නියෝජිතයන් ලෙස මන්ත්‍රීවරුන්ට වරප්‍රසාද ඇත.උදාහරණයක් ලෙස අපහාස වරදකට හසුවීමේ බියකින් තොරව පාර්ලිමේන්තුවේ සභා ගර්භය තුළ කතා කිරීමේ වරප්‍රසාදය මන්ත්‍රීවරුන්ට ලබා දී ඇත්තේ මන්ත්‍රීවරුන් ජනතාවගේ ප්‍රශ්න ගැන සීමා බන්ධන වලට යටත් නොවී කතා කළ යුතු බව පූර්ව නිශ්චිත කරුණක් බැවිනි.
එහෙත් මන්ත්‍රී වරප්‍රසාද යනු දෙවියන් වහන්සේගේ නීතිය නොවේ. ඒවාද ප්‍රජාතන්ත්‍රවාදී හරයාත්මක වටිනාකම් මත පදනම් විය යුතුය. හැම නීතියක් මෙන්ම වරප්‍රසාද නීතියද ස්වභාවික යුක්තියේ නීතියට එකඟ විය යුුතු බව එවැනි වැදගත් හරයාත්මක වටිනාකමකි. කිසිම තැනැත්තෙක් තමන්ගේම නඩුවේ විනිශ්චය කරුවා නොවිය යුතුය යන්න ස්වාභාවික යුක්තියේ ගැඹුරු මූල ධර්මයකි. ( Nemo Judex in Causa Sua.)
 
පාර්ලිමේන්තුව ව්‍යවස්ථාදායකය මිස අධිකරණය නොවේ්. නීතිය අනුව නඩු අසා දඬුවම් දීමේ බලය ඇත්තේ අධිකරණයට මිස ව්‍යවස්ථාදායකයට නොවේ. විජේදාස රාජපක්ෂ මහතා යෝජනා කරන්නේ නඩු අසා දඬුවම් පැමිණවීමට අධිකරණය සතු ඇති බලය පාර්ලිමේන්තුව විසින් යළි පැහැර ගත යුතු බවය. මෙය ස්වාභාවික යුක්තියේ වැදගත් මූල ධර්මයකට පයින් ගැසීමකි. එසේම මෙයට ඉඩ දුනහොත් යුක්තිය උල්ලංඝනය වීම මෙතැනින් නතර වන්නේද නැත.එහෙයින් මේ ප්‍රජාතන්ත්‍ර විරෝධී යෝජනාවට අප එක හඬින් එරෙහි විය යුතුය.
සමාජයේ වැඩි දෙනෙකු එරෙහි වන බවට සැකයක් නැත. අප බලා සිටින්නේ මන්ත්‍රීවරුන්ගෙන් කී දෙනෙක් තම වරප්‍රසාද වලට ඉහලින් ස්වාභාවික යුක්තිය තබමින් මේ ප්‍රජාතන්ත්‍ර විරෝධී යෝජනාවට එරෙහිව කටයුතු කරන්නේද යන්න පිළිබඳවය.
 
@ කරූ පරණවිතාන

නවතම ලිපි