SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ලොන්ඩරි වත්තේ රාජේෂ් කන්නා ගේ කතාව

අනන්තවත් අනුන්ගෙ කුණු හොයන මිනිස්සු අතරේ අනුන්ගේ කුණු හෝදලා, පිරිසිදු කරන ආදරණීය මිනිස්සු ඉන්න ලොන්ඩරි වත්ත, 1930 දශකයේ ඇරඹෙන්නේ කොළඹ ආමර් වීදියට ආසන්නව යි.


පරම්පරාවෙන් පරම්පරාවට වෘත්තීමය රෙදිසෝදනන් ලෙස තම ජීවිකාව කරගෙන යන ලොන්ඩරි වත්තේ සිංහල සහ දමිළ පවුල් 200ක පමණ පිරිසක් මෙම වෘත්තීයේ නිතර වනවා.

එකල ඉංග්‍රීසි හමුදා නිලධාරීන්ගේත්, කොළඹ ඉහළ පැලැන්තියේ පවුල් වලත් රෙදි සේදීම සඳහා වෙන්ව තිබූ ලොන්ඩරි වත්ත අද වන විට කොළඹ සහ අවට තදාසන්න ප්‍රදේශවල හෝටල් සහ විවිධ සමාගම්වලට අයත් රෙදි සේදීම සිදු කරනවා.

කාලයාගේ ඇවෑමෙන් සහ තාක්ෂණයේ  දියුණුයවත් හේතු කොට ගෙන අද වන විට අභාවයට යමින් පවතින මෙම ලොන්ඩරි කර්මාන්තය සිව් වන පරම්පාරව විසින් ඉදිරියට පවත්වාගෙන යාම පවතින්නේ අවිනිශ්චිත තත්වයක.

පවතින අසීරු  ආර්ථිකය  හමුවේ මෙම පිරිස තම ජීවිකාව ගෙන යන අතර ලොන්ඩරි වත්තේ වසර 30ක පමණ කාලයක් සේවය කරන රාජේෂ් කන්නා ඔවුන් ජීවන සටන ගැන මෙසේ සඳහන් කර සිටියේය. 

නවතම ලිපි