SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

හිතාදර ලක්රටේ පුරවැසියනි ගම් වැසියනි මූකලන් වැසියනි,
මේ රට ඇතුළෙ හොඳ දේවල් බිහිකරන සමාජ සැකැස්මක් නැහැ.

ඉතිං කවුරුහරි තමන්ගේ ම ඇජන්ඩාවකින් ගිහිං පරිප්පු කාල ලබාගන්නා ජයග‍්‍රහණ රටේ ජයග‍්‍රහණ නෙවෙයි. ඒකෙන් වැරදි අදහසක් ගම්‍ය වෙනව. මේක ඒ මනුස්සය තමන්ගෙ කැමැත්තට සහ කැපවීමට අනුව ”රටට අරන් දුන්නු ජයග‍්‍රහණයක්.”



දැන් මේ මනුස්සය දම්මල රටට ඉංග‍්‍රීසියෙන් ලියන හොඳ සාහිත්‍යධරයො බිහිකරන ප්‍රෝගෑම් එකක් කරවන්න පටන් ගන්න කියන්නකෝ.
අන්න එතකොට ඇත්ත එළිවෙනව.
ඔය මනුස්සය ඒ ප්‍රෝග‍්‍රෑම් එක මැද්දෑවෙදි ම එපාවෙලා ”අනේ ලංකාවට කරන වැඩ” කියල සීරුවෙන් මාරු වෙනව.

ඇයි එහෙම වෙන්නේ?

එයාට එපාවෙනව!

ඇයි එපා වෙන්නෙ?

එපා කරවනව.

කවුද එපාකරවන්නේ?

රටේ ඉංග‍්‍රීසි නූගත්, ඉංග‍්‍රීසියෙන් කියවන්නේ නැති හීනමානකාර රාජ්‍ය නිළධාරීන් නහුතයක් ඉන්න ආයතන පද්ධතියෙන් තමයි එපා කරවන්නෙ.

සමහරවි පොරට ඔය විදිහට ලියන එකත් එපා වෙලා යන්න පුළුවන්.

එහෙම එපාකරවන්න පුළුවන් තරමේ බයි උදවිය ටිකක් තමයි රාජ්‍ය ආයතනවල ඉන්නේ.
ප‍්‍රංශයේ කෑන්ස් උළෙලෙන් සිනමා සම්මාන අරන් ආපු විමුක්ති ජයසුන්දර අපේ මිත‍්‍රයාගේ ෆිල්ම් එක රටේ පෙනන්වන්න නොදී සෝමරත්න බාලසූරියලාගේ චොකා ෆිල්ම් නහුතයක් පෙන්වන්න ඉඩදුන්නු කුහක රටක් මේක.

ඒ හින්ද රටේ සෝශිල් ෆෝමේෂන් එක හෙවත් සමාජ සැකැස්ම වෙනස් විය යුතුයි. ඒක වෙනස් වෙනකම් ම මේ බුකර් ප‍්‍රයිස් රටේ සමාජ සැකැස්මේ ජයග‍්‍රහණයක් නෙවෙයි. ඕක ඒ මනුස්සයාගේ පුද්ගලික ජයග‍්‍රහණයක්. ඒ මනුස්සය පුද්ගලිකව මහන්සිවෙලා රටට ගෙන්ල්ල දුන්නු ජයග‍්‍රහණයක්.

ඒ නිසා යාළුවනේ, අපි ඒ මනුස්සයව උඩදාල චොර කරනවට වඩා හොඳයි එයාට පාඩුවේ ඉන්න දෙන එක.

1956 සිංහල ඔන්ලි ප‍්‍රතිපත්තියෙන් පස්සේ රටේ සාමාන්‍ය පංතියේ දරුවන්ට ඉංග‍්‍රීසි ඉගෙන ගන්න තියෙන චාන්ස් එක නැති කෙරුවා බණ්ඩාරනායක. ඒ නිසා අද ඔන්ලයින් ජොබ් එකක් කරල ඩොලර් ටිකක් හොයාගන්න තියෙන ෆී‍්‍ර චාන්ස් එකවත් ලබාගන්න බැහැ මේ රටේ බහුතර තරුණ තරුණියන්ට.

නිපුනතාව තිබුණට වැඩක් නැහැ, ඉංග‍්‍රීසි බැහැ.

 

බණ්ඩාරණායකගේ පුතාවන අනුර බණ්ඩාරණායකව ඔක්ස්ෆර්ඞ් යවල ඉංග‍්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්නුවා.
1956න් පස්සෙ ඉංග‍්‍රීසි භාෂාව ලංකාවෙ ප‍්‍රභූ පැලැන්තියේ උපකරණයක් පමණක් වුණා.
ඒ නිසා භාෂා නිදහස කියන්නේ සෑම දරුවෙකුට ම නොමිලේ භාෂා කිහිපයක් දැනගන්න කටයුතු සලසල දෙන සමාජ සැකැස්මක් තුළ පවතින අධ්‍යාපන පද්ධතියක්.

 

එහෙම එකක් මෙහෙ නැහැ!!!!

ඒ නිසා රටට රිෆයින් සෝසියල් ෆෝමේෂන් එකක් ඉල්ලල, ඉංග‍්‍රීසි භාෂාවෙන් කියවන්න පුරුදු කරන්න ඉල්ලල අරගල කරපල්ලා!

සුද්දො රට පාලනය කරන කාලෙ දකුණු ආසියාවෙ හොඳම පරිපාලන ව්‍යූහය සහ හොඳට ම ඉංග‍්‍රීසි කතාකරන උදවිය හිටිය රට මේක. අපිට ඉංග‍්‍රිසි නැති කරේ සුද්දො නෙවයි. කලූ සුද්දන්ගෙන් හැදිච්ච සිංහල - දෙමල ප‍්‍රභූ පන්තිය.

දැන් අපිට ඉන්දියාවෙ තරම්වල් ඉංග‍්‍රීසි උගත්තු නැහැ.

අසල්වැසි ඉන්දියාව ලෝකයේ අයිටී තාක්ෂණයෙන් ඉහළට එසවෙද්දී, අපි අයිටී සැතපුම් දහස් ගාණක් ඉන්දියාවට පසුපසින් ඉන්නේ, ඉංග‍්‍රීසි භාෂවෙන් අබාධිත නිසා.
මේ වෙනකොට වෙනකොට ලකේ පොදුජන බහුතරයට ඉංග‍්‍රීසි අහිමි කරලා වසර 66ක් වෙනව.

අද ඉන්දියාවෙ මුඩුක්කු දරුවෙක් දන්න තරම්වත් මේ රටේ බහුතර දරුවන් බහුතරයක් ඉංග‍්‍රීසි දන්නේ නැහැ.
ඉන්දියාව සුද්දන්නට විරුද්ධව අපිට වඩා හොඳ නිදහස් සටනක් කරලත්, නිදහස් සටනේ බහුතර වැසියෝ ඉංග‍්‍රීසි අයින් කරන්න කිව්වහම නේරු ඒකට ඉඩ දුන්නේ නැහැ.
නේරු කිව්වෙල”අපි අවුරුදු සීයක් එංගලන්තකයින්ගේ පරිපාලනය යටතේ හිටියෙ. ඒ නිසා එකපාරට ඇඳුම් ගලවනව වගේ ඉංග‍්‍රීසි ඉවත් කරන්න බැහැනේ. අපි අවුරුදු 15ක් කල්ගමු” කියලයි.

ඒ කරල නේරු 1947තේ ඉඳන් 1965 වෙනකං අවුරුදු 15ක් ඉල්ලගත්ත පුරවැසියන්ගෙන් ඉංග‍්‍රීසි ඉවත් කරනවද නැතිද කියල තීරණය කරන්න නේරු කල් ගත්තා. ඉතිං 1965දි මොකද වුණේ ?

හින්දි ඔන්ලි පොලිසියක් ආවද?

නැහැ.

1965දි එයාල තීරණය කළා ඉංග‍්‍රීසිය තවදුරටත් තියාගන්න.
”ඔයාල මාර ජාතික නිදහස අගයන ජාතියක්නේ, ඉතිං ඇයි ඉංග‍්‍රිසිය තවදුරටත් තියාගත්තේ?” කියල ඇමෙරි-යුරෝ මාධ්‍යවේදීන් අහනකොට, ඉන්දියානු පරිපාලනය ඒකට දුන්නු උත්තරේ, ”ඒක අපේ ආර්ථික තීන්දුවක් කියලයි.”
ඉතිං හරිනෙ. අද වෙනාකට ඉන්දියාවෙ සැලකිය යුතු බහුතරයක් ඔන්ලියන් ජොබ් කරද්දි, අපේ රටේ එහෙම කරන්නේ සැලකිය යුතු සුළුතරයකටත් වඩා අඩු ප‍්‍රමාණයක්.
ඕකට මං කියන්නෙ බන්ඩගෙ ටොපිය කියල.
ඉතිං අපි අපිට එමෙහම කරපු බණ්ඩාරණායකට හෙණ ඉල්ලල විතරක් වැඩක් නැහැ.
අරගල කරපල්ලා!!!
වමේ පක්ෂ ඇතුළෙත් අරගල කරපල්ලා ඉංග‍්‍රීසි ඉල්ලලා!
කිසි දෙයක් බන්දේසියක තියල දෙන්නේ නැහැ මිනිස්සුනේ.

නවතම ලිපි