SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

එක්සත් ජාතීන්ගේ සංවිධානය තුල අද සම්මත වූ යෝජනාව,
GSP+ අහිමි කල යුතු බවට වන යෝජනාව සහ ජපන් සහයෝගය ප්‍රතික්ෂේප වීම වැනි ජාත්‍යන්තර සබඳතා පිළිබඳව කාරණා සම්බන්ධයෙන් මෝඩ වාමාන්ශිකයින් සතුටින් ඉපිල යමින් සිටී.
 
එක්සත් ජාතීන්ගේ යෝජනාවට පක්ෂව ඡන්දය භාවිතා කොට ඇත්තේ ප්‍රධාන වශයෙන්ම ඇමරිකාව ප්‍රමුඛ එම කඳවුරේ රටවල් වන විට විපක්ෂව (ලංකාවට පක්ෂව) ඡන්දය භාවිතා කොට ඇත්තේ සාමාන්‍යයෙන් ඇමරිකාවට එරෙහි රටවල්ය (උදාහරණයකට කියුබාව). මෙහි ඇති ප්‍රහසනය නම් කියුබාව වැනි මෝඩ වාමාංශික පාර්ශවය කැමති රටවල් වත්මන් ලාංකීය පාලන තන්ත්‍රයට පක්ෂව, එනම් මෝඩ වාමාංශිකයින්ට එරෙහිව ඡන්දය භාවිතා කරන විට ඇමරිකානු කඳවුර මෝඩ වාම පාර්ශවය වෙත පක්ෂ බව පෙනී යාමයි. ඒ තුල පෙනී යන්නේ මෝඩ වම මින් උද්දාමයට පත්ව තිබීම ඔවුන්ගේ දේශපාලනයට අදාළ හොඳම විරුද්ධාභාශය බවයි.
 
මෝඩ වම්මුන්ට සහ ලිබරල්වාදීන්ට අරගලය තුල එකට සිට ගත හැකි වී ඇත. එසේම ඉහත සඳහන් කල යෝජනා සම්බන්ධයෙන් ද දෙපාර්ශවයටම එකට සතුටු විය හැකිව ඇත. මෝඩ වාමාංශිකයින් ඇතුළු ලිබරල් අරගල කරුවන් යන දෙකොට්ඨාශයටම මෙසේ එකට සිට ගත හැකි වී ඇත්තේ කෙසේද? ඒ ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම්, සමානාත්මතාවය තුල ලිබරල් ඉල්ලීම් මහා පොදු සාධකය වී ඇති තත්වය මතය.
 
මෝඩ වම්මුන්ට නොතේරෙන කාරණය වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය දේශනා කරන රටවලට මෙවැනි බලපෑමක් නොකොට ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී සම්භාෂණය පවත්වාගෙන යා නොහැකි බවයි. ඒ අනුව ඔවුන් වත්මන් ලාංකීය පාලන තන්ත්‍රය වෙත බලපෑම් කරනුයේ ප්‍රජාතන්ත්‍රවාදී කොන්දේසි වලට අනුගත වෙමින් වැඩ කරන ලෙසය. එය වමේ ජයග්‍රහණයක් ලෙස මෝඩ වම්මුන් සිතනවා නම් එතරම් මුග්ධත්වයක් තවත් තිබිය හැකි ද ? යෝජනාවට පක්ෂව ඡන්දය ලබා දුන් රටවල් මැදපෙරදිග කලාපය, ඉරාකය, ලිබියාව වැනි රටවල් සබන්ධයෙන් ක්‍රියා කලේ කෙසේ ද ? දැන් යුරෝපය දක්වා එය විහිදෙමින් ඇත.
 
@spartacus.lk

නවතම ලිපි