SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

‌උදේට රොටියක්වත් හදාගන්න කීයක් හරි සොයාගන්න බැරි කාලයක් මේක.
යන්තන් අමුණගෙන අවුරුදු දෙකකට කලින් හෝ දුතනකට කලින් ගත්තු සපත්තු දෙක දාගෙන පාසල් යන කාලයක් මේක. වෙනදා අමතරව කෑමක් ඉස්කෝලෙට ගෙන ගියපු ළමුන් දැන් විවේක කාලයේදී කන්න බත් ටිකක් වත් ගෙනියන්න බැරිව දුක් විදින කාලයක් මේක.. සමහර විදුහල්වල ළමුන් වතුර ටිකක් විතරක් බීල දවස‌ ගෙවන කාලයක් මේක. සමහර ඉස්කෝලවල ඒ්කවත් නැතිව පාසල අවසන් වන තෙක් බඩගින්නේ ඉදල ගෙදර යන කාලයක් මේක.. අම්මලගේ තාත්තලගේ දුක හංගගෙන පපුව අස්සේ දුක් හිරකරගෙන ඉගෙන ගන්න ළමුන් ඉන්න කාලයක් මේක..
 
එහෙව් කාලයක ගුරු උපහාරයකට මුදල් දෙන්න විදියක් නැතිව අසරණ වූ දරුවෙකුට කොසු මිටක් කැඩෙන කම් ගහන්න පුළුවන් විදුහල්පති කෙනෙක් හෝ ගුරුවරයෙක් හෝ ගුරුවරියක් ඉන්නේ කොහොමද ? එසේ වෙනවා නම් ඒ්ක පාහර ම්ලේච්ඡ ක්‍රියාවක්. ගුරු වෘත්තියට මෙතෙත් සැලකූ සැලකීම තමන්ගේ අම්මාට තාත්තාට හා සමාන තැනක් තිබූ වෘත්තියක් ඒ්ක පුද්ගලික ගරුත්වයට වඩා ගුර කටයුතු නාමයක් බවට පත්වූ තනතුරක්. එහෙව් තැනකට අමනකම් කිරීම හා පපුව නොහුලන අපරාධ කිරීම යුතු නොවන දෙයක්.
 
හැටන් කොටගල බෝගහවත්ත පාසලක දැරියකට මෙසේ පහර දුන් විදුහල්පති හා ගුරුවරුන් මහා පාහරයින් ලෙස නම් කිරීමට මැලි නොවන්නේ එහෙව් ත්‍රාඪත්වයක් නම් කිරීමට තවත් විදියක් නැති නිසාවෙනි. එබැවින් මේ සම්බන්ධයෙන් වහා පරික්ෂණ පැවැත්විය යුතුය. නොඑසේ නම් සමාජය විසින් මෙයට විරුද්ධව හඬ නැගිය යුතුමය. පුහු රෙද්දවල්වලට ගිරිය පුප්පා හඬ ලන ධාර විචාරකයන් මේ මානුෂීය කරුන දෙස අවදිව කටයුතු කළය යුතුය.
 
මේ දිනවල හා මේ කාලයේ සෑම පාසලකම සිදුවන මෙවැනි ක්‍රියාවන් සම්බන්ධයෙන් පොදු තීරණයකට පැමිණිය යුතුය.. මන්දයත් මේ කාටත් අමාරු කාලයකි. උඩ සිට පහලටද පහලට සිට උඩටද බලපානු ලබන කාලයකි. ගුරුවරු දෙවියන් සේ පිදිය යුත්තේ දෙවියන්ට අදාළ යුතුකම් ප්‍රමාණය සිදුවන්නේ නම් පමණි. මේ මිනිසුන්ය. මිනිසුන්ගේ තිබිය යුත්තේ මනුස්සකමය. ගුරුවරුන්ට ඒය උතුරා යන මනුස්සකමක් තිබිය යුතුමය. නැත්නම් ඔවුන්ගෙන් ඉගෙන ගන්නා පරපුර මනුස්සකම් රහිත වූවන් වන්නේය.
 
බෝගහවත්ත පාසලේ ගුටි කෑ දුවේ .. උඹට එක දෙයක් සිහිපත් කළ යුතුය. උඹ නොනැවතී ඉගෙන ගත යුතුය. මේ මුසුනු පහරට පිළිතුර තිබෙන්නේ ඉගෙනීම තුළමය. පියවරෙන් පියවරට අමාරුවෙන් පඩි නැග උඹ ඔය පාසලේ මුල් පුටුවට ඒ්ම තුළය.. උගන්නාපං කොසු මිටෙන් ගැටි කෑ දරුවෙකු ඊලග පරම්පරාවේ දරුවන් මනුස්සකම් සහිතව ජීවත් වෙනවිදිය ....
 
@තුසිත පතිරණ 

නවතම ලිපි