SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

හිටපු කතා නායක සහ සාධාරණ සමාජයක් සඳහා ව්‍යාපාරයේ සභාපති කරු ජයසූරිය සහ රාවය හිිටපු කතෘ වික්ටර් අයිවන්

ආණ්ඩුවේ දේශපාලන ව්‍යාපෘතියක එක්ව වැඩ කරන බව රනිල් රාජපක්ෂ රැජිනගේ මළ ගමට ගිය ලංඩන් නුවරදී ප්‍රකාශ  කර තිබේ.

පුදුමයකට මෙන් ඔහු මෙම හෙළිදරව්ව කර ඇත්තේ ලංඩනයේදී දෙමළ ඩයස්පෝරා පිරිසක් සමඟ පැවැති සාකච්ඡාවකදීය.

ඔහු කියා ඇත්තේ සෑම ග්‍රාම සේවක කොට්ඨාශයකම ජන සභා පිහිටු වීම සඳහා එම දෙදෙනා වැඩ කරමින් සිටින බවයි.

මෙම ඊනියා ජන සබා ව්‍යාපෘතිය රනිල් රාජපක්ෂගේ දේශපාලන බලය ගොඩනැගීමේ කාරියකි.

මේ සඳහා දැනටමත්  වික්ටර් අයිවන්ට ශ්‍රාවස්තියෙහි නිල කාමරයක් සහ පහසුකම් ලබා දී තිබේ.

මේ සඳහා කොතරම් මුදලක් වැය කරන්නේද යන්න කිසිවකු දන්නේ නැත.

කරු ජයසූරිය, මාදුළුවාවේ සෝභිත හිමි ගොඩ නැගූ සමාජ සාධාරණත්වය සඳහා ව්‍යාපාරය දැන් රනිල් රාජපක්ෂට විකුණා දමා තිබේ. මුල සිටම එම ව්‍යාපාරයේ සිටි බොහෝ දෙනෙකු එය හැර ගොස් ඇති අතර දැන් එය මෙහෙය වන්නේ රනිල් රාජපක්ෂවාදී නව ලිබරල් බුද්ධිමතුන් යුවළකි.

තටු කපන ලද රනිල් රාජපක්ෂගේ 22වන සංශෝධනය පවා සියයට සියයක්ම නිවැරදි එකක් ලෙස හඳුන්වා කරු ජයසූරිය නිවේදනයක් නිකුත් කරන ලදී.

මීටත් වඩා හාස්‍ය ජනක කරුණ වන්නේ මෙම දෙදෙනා යෙදී සිටින ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ ජනරාල් වන්නේ 2018 සිරිසේනගේ ව්‍යවස්ථා කුමන්ත්‍රණයේ සහායකයකු වූ කීර්ති තෙන්කෝන් වීමයි.

වික්ටර් අයිවන් කළක් පාරම් බෑ පුනරුදය ව්‍යාපාරය අතහැර දැමූ පරිදිම පාරේ ව්‍යවස්ථාව හැදීමේ ව්‍යාපාරයද දැන් රනිල් රාජපක්ෂට විකුණා දමා තිබේ.

එම ව්‍යපාර දෙකෙහිම සිටි සමාජ වෙනසක් අපේක්ෂා කළ පිරිස් අවස්ථා ගණනාවක දීම වික්ටර් අයිවන්ට මුහුණටම සිය අප්‍රසාදය පළ කර තිබේ.

මෙම ඊනියා ජන සභා ව්‍යාපෘතියටද ද එම ව්‍යාපාරයන්ට අත් වූ ඉරණම හිම වනු ඇතැයි එම පිරිස් කියා සිටිති. මන්ද යත් රනිල් රාජපක්ෂගේ බලයේ අවසානය සමඟ මෙම ව්‍යාපෘතියද වල කජ්ජ ගසනු ඇති නිසාය.

@සේ. පියවර්ධන

sinhala.srilankabrief.org

නවතම ලිපි