SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

විදුලි ගාස්තු වැඩි කිරීම හේතුවෙන් බෞද්ධ සිද්ධස්ථාන වල යම් විරෝධයක් ඇති වී තිබෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා සඳහන් කරයි.

මෙම අසීරු කාලය රට වෙනුවෙන් මඳක් ඉවසන ලෙස තමන් ඉල්ලීමක් කරන බවද පැවසූ ඔහු එතෙක් බෝධි පූජාවන් වැනි දේ බෝධිය වටේ පහන් ටිකක් දල්වාගෙන හෝ සිදු කරන ලෙස සිදු කරන්නැයිද ඉල්ලා සිටියේය.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලස්ථානයේ දී මාධ්‍ය අමතමින් හෙතෙම මේ අදහස් පල කලේය.

“මම දැක්කා විදුලි බිල වැඩි කිරීම ගැන පහුගිය දවස්වල ලොකු කළබගෑනියක් කරනවා. අපේ ස්වාමීන් වහන්සේලාගේත් ලොකු විරෝධයක් තියෙනවා, පන්සල්වල විදුලිබිල වැඩිවෙලා කියලා,

ඉතා ගෞරවයෙන් අපේ ගරුතර ස්වාමීන් වහන්සේලාගෙන් ඉල්ලා සිටිනවා අපේ හාමුදුරුවනේ මේ දේ කැමැත්තෙන් රජය විසින් කරන දෙයක් නෙමෙයි.

ඉතින් අපි බෝධි පූජාව කරන වෙලාවට ඉස්සර වගේ පන්සලේ බෝධිය වටේ පහන් ටිකක් පත්තු කරලා අපි බෝධි පූජාව කරමු.

ආයිත් අපිට පුළුවන් වෙයි නුදුරු අනාගතයේදී ලස්සනට විදුලි ආලෝකයෙන් ඒ දේ කරන්න.

එතකල් අපි පොඩ්ඩක් රට වෙනුවෙන් ඉවසමු කියන ඉල්ලීම කරනවා.”

@Lankacnews

නවතම ලිපි