SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජනාධිපතිවරයා පසුගියදා ඉදිරිපත් කළ අයවැයෙන් අරගලයේ හිටපු තරුණ තරුණියන් පිරිසකට කිසිවක් ලැබී නැතැයි

මහාචාර්ය රොහාන් සමරජීව පවසයි.

මහචාර්යවරයා මේ බව පවසා ඇත්තේ, Chatham Street Tv youtube චැනලය හා සිදුකළ සම්මුඛ සාකච්ඡාවකදීය.



''සාම්ප්‍රදායිකව යල්පැනගිය හණමිටි ආකල්ප යටතේ අපි හැමදාම අයවැයෙන් බලාපොරොත්තු වුණා අයවැයෙන් මොනවද අපිට ලැබෙන්නෙ කියලා, අර දියව් දියව් සංස්කෘතිය යටතේ, ඉතිං ඒ ඒ දියව් දියව් සංස්කෘතියේ ඉන්න තරුණ තරුණියන්ට නං මුකුත් ලැබිලා නෑ කියලා තමයි කියන්න තියෙන්නේ. නමුත් මම කියන්නේ මේ දියව් දියව් සංස්කෘතිය අහෝසි කළ යුතුයි, එයින් අයින් වෙන්න ඕන.'' මහාචාර්ය රොහාන් සමරජීව එහිදී අවධාරණය කර සිටියි.


''මේ අර්බුදයට මුල් වුණේ ආර්ථික ප්‍රශ්න, ගෑස් නැතිකම, තෙල් නැතිකම, තෙල් නැතිකම නිසා ආර්ථිකය කඩා වැටීම, ඒ හේතු නිසා රැකියාවන් අහිමි වීම, බලාපොරොත්තු නැති වීම ඉතිං ඒ ගැටලු දිහා අපිට බලන්න තියෙන්නෙ අර දියව් දියව් ආකෘතියෙන් නෙවෙයි. අපිට බලන්න තියෙන්නෙ රටේ මූලික ප්‍රශ්න වලට මේ අය වැයෙන් අයවැයෙන් උත්තර ලැබිලා තියෙනවද කියලා'' යැයි මහාචාර්යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියි.

සම්පූර්ණ වීඩියෝව පහතින්... 

නවතම ලිපි