SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

"කපුටු කාක් කාක්” යන රටාවට සිය වාහනවල නලා ශබ්ද කිරීම පිළිබදව රියදුරන් කිහිප දෙනෙකුට පසුගිය 09 වනදා කොටුව පොලිසිය විසින් අධිකරණ ක්‍රියාමාර්ග ගෙන තිබිණ.

මෙම නඩුව අද දින කොළඹ අංක 07 මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගත් අවස්ථාවේදී ගරු විනිසුරුතුමා විසින් පොලිසියට දැඩි දෝෂාරෝපණයක් එල්ල කර ඇත.

විශේෂයෙන්ම ඉහළ නිලධාරීන්ගේ නීත්‍යානුකූල නියෝග පමණක් ක්‍රියාත්මක කළ යුතු බවට අධිකරණය විසින් පොලිසියට දැඩිව අවවාද කර ඇති බව පැවසේ.

ඉන් අනතුරුව නඩුව විභාගයට පවා නොගෙන නිෂ්ප්‍රභා කරන්නට කටයුතු කොට තිබේ.

මෙහිදී ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා, ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා සහ ජෙෂ්ඨ නීතිඥ කෞශල්‍ය නවරත්න මහත්වරුන් විසින් අධිකරණය ආමාන්ත්‍රනය කළ අතර නීතිඥවරුන් 50 දෙනෙකුට අධික ප්‍රමාණයක් පෙනී සීට තිබේ.

@sinhala.mawratanews.lk

නවතම ලිපි