SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ප්‍රංශ නව රැල්ලේ පුරෝගාමි සිනමාකරුවකු වූ ජොන්-ලූක් ගොඩාර්ඩ් (Jean-Luc Godard) දිවි සැරිය නිමාකර තිබේ.

මියයන විට ඔහු 91 හැවිරිදි වියේ පසුවිය.

ගොඩාර්ඩ්ගේ නීති උපදේශක පවසා ඇත්තේ ජොන්-ලූක් ගොඩාර්ඩ් (Jean-Luc Godard) කලක පටන් බහු ආබාධිත ව්‍යාධි තත්වයකින්  ('multiple invalidating illnesses') පීඩා විඳිමින් සිටීම නිසා උදව් සහිත සියදිවි නසා ගැනීමට(Assisted suicide) ලක්ව ඇති බවයි.

jean1

Jean-Luc Godard with Anna Karina and Jean-Paul Belmondo on the set of Pierrot Le Fou in 1965

 

1960 දී À bout de souffle (Breathless) වෘතාන්ත චිත්‍රපටය නිර්මාණය කරමින් සිනමාවට පිවිසි ගොඩාර්ඩ්, Le Mépris (Contempt), Bande à Part (Band of Outsiders) සහ Alphaville වැනි සුවිශේෂී සිනමා නිර්මාණ ගණනාවක් ලෝක සිනමාවට දායාද කොට ඇත.

Jean 2

Jean-Luc Godard directing Brigitte Bardot in 1963's Contempt

 

ඔහුගේ අභාවය වෙනුවෙන් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රංශ ජනපති එම්මානුවෙල් මැක්‍රොන් ප්‍රකාශ කර තිබුණේ ප්‍රංශයට ජාතික වස්තුවක් අහිමිව ගිය බවයි.

"ඔහු ප්‍රංශ සිනමාවේ අවතාරයක් වැනිය. පසුව ඔහු එහි ප්‍රවීණයෙකු විය.

Jean-Luc Godard, නව රැල්ලේ චිත්‍රපට නිර්මාපකයින් අතර අධිෂ්ඨානශීලී නවීන, තීව්‍ර නිදහස් කලාවක් නිර්මාණය කළේය. අපට ජාතික වස්තුවක්, ප්‍රතිභාපූර්ණ දැක්මක් තිබූ මිනිසෙක් අහිමි විය." - ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන්

 

Jean 3

Godard filming student marches on the streets of Paris in 1968

  

 

නවතම ලිපි