SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

දේශපාලකයන්ගේ සහ රජයේ ඇතැම් ඉහළ නිලධාරීන් තම නිලය භාවිත කරමින් වාසි ලබා ගැනීමට තැත්කිරීම ඇතුළු කරුණු රාශියක් ශ්‍රී ලංකාවේ කඩා වැටීමට හේතු වූ බව

ජාත්‍යාන්තර සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද නියෝජිත ආයතනයේ ප්‍රධානී සමන්තා පවර් මහත්මිය පැවැසුවාය.

ඇමෙරිකා තනාපති කාර්යාලයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පවර් මහත්මිය මේ බව පැවැසුවාය.

ශ්‍රී ලංකාවේ  ආර්ථික අර්බුදය හේතුවෙන් ජනතාව විඳින දුෂ්කරතා දැක තමන් කනගාටුවට පත් වූ බව ද ඇය ප්‍රකාශ කළාය.

අධික ණය බර,වංචා හා දූෂණ, රසායනික පොහොර භාවිතය තහනම් කිරීම මෙන්ම දේශපාලකයන්ගේ ක්‍රියාකලාපය මෙම තත්ත්වයට මූලික හේතුව බව ද පවර් මහත්මිය වැඩිදුරටත් පැවැසුවාය.

ශ්‍රී ලංකාවට ආධාර ලැබූ පමණින් මෙම අර්බුදයෙන් ගොඩ ඒමට නොහැකි බවත් ඒ සඳහා ආර්ථික  සහ දේශපාලනික ප්‍රතිසංස්කරණ සමාන්තරව ක්‍රියාත්මක විය යුතු බව ද කී ඇය ආර්ථික හා දේශපාලනික වගවීම අවශ්‍ය බවත් කීවාය. දේශපාලකයන් මෙන්ම රජයේ ඇතැම් ඉහළ නිලධාරීන්  තම නිලය භාවිත කරමින් වාසි ලබාගැනීමට තැත්කරන බව ද ඇය අවධාරණය කළාය.

ශ්‍රී ලංකාවට අතිරේක  සහායක් ලෙස ඇමෙරිකා ඩොලර් කෝටි 6ක මුදලක් ලබා දෙන ලබා දෙන බව ද සමන්තා පවර් මහත්මිය පැවැසුවාය.

 

@(විමුක්ති එස් රොද්‍රිගූ) lankadeepa.lk

 

නවතම ලිපි