SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

වර්ෂ 2015 ජනවාරි 05 වැනි දා ය. ස්ථානය කහවත්ත නගරය ය. ජනවාරි 08 වැනි දාට නියමිත ජනපතිවරණයට දින තුනකි.
මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන අතර ජනපති සටන අවසන් වටයට පිවිසෙමින් තිබුණු මොහොතකි. රන්තපුර දිස්ත්‍රික්කයේ හොඳ UNP කකුලක් වූ ශාන්ත දොඩම්ගොඩ හෙවත් (උප්පැන්නේ නමට අනු ව) දොඩම්ගොඩගේ සුනිල් ශාන්ත පෙරේරා මහතා සිටියේ මෛත්‍රී කතා කරන වේදිකාව සෑදීමේ කටයුතු වල ය.
 
හදිසියේ ම එතැනට කඩාවැදුණු නියෝජ්‍ය අමාත්‍ය හල්කඳලිය ලේකම්ලාගේ ප්‍රේමලාල් ජයසේකර හෙවත් "චොකා මල්ලි" ප්‍රමුඛ ආධාරකරුවන් පිරිසක් දොඩම්ගොඩ ඇතුළු පිරිස සමග ඇති කරගන්නා ගැටුම නිමා වන්නේ ප්‍රේමලාල් ජයසේකර ඇතුළු පිරිසේ වෙඩි ප්‍රහාරයකින් ශාන්ත දොඩම්ගොඩ මහතා සාහසික ලෙස ඝාතනය වීමෙනි.
 
එතනින් පසු තුන් දිනක් ගත වූ තැන, එනම් 2015 ජනවාරි 08 වැනි දින රාත්‍රියේදී විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ, පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ ලක්ෂ 58ට 62ක් ලෙස පරාජය වී ය. පරාජය හමුවේ පවා මහත්මයකු ලෙස නික්ම යන්නට සූදානමක් මහින්ද තුළ නොතිබූ බවත්, අවසාන මොහොතේ පවා ඡන්දය අවලංගු කර දිගට ම ජනපති පුටුවේ සිටීමට උත්සාහ කළ බවත් මුළු ලංකාව ම දන්නා ප්‍රසිද්ධ රහසකි. බටහිර රටවල තානාපති කාර්යාලවල මැදිහත් වීම නිසා නොවන්නට එදා රට ම ලේ විලක් වීමට ඉඩ තිබුණු බව ද දන්නෝ දනිති. කෙසේ වෙතත්, රාජපක්ෂ පවුල අවසාන මොහොත දක්වා සිටියේ බලය අත නොහරිනවා ය යන ස්ථාවරයේ බව පැහැදිලි කරුණකි. එදා මහා රෑ ජාමේ මහින්ද හමුවට ගොස් ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කළේ අන් කවරකුත් නොව, වර්තමාන විධායක ජනපති රනිල් වික්‍රමසිංහ ය. එම සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස 2015 ජනවාරි උදේ 09ට ඉතා චාම් උත්සවයක් පවත්වා මෛත්‍රීපාල සිරිසේන ජනපති පදවියේ දිවුරුම් දෙන්නේ ඒ අනුව ය. මෛත්‍රී දිවුරුම් දීම සමග ම, රනිල් අගමැති ධුරයට පත් කරනු ලබන්නේ ආසන 44ක සුළුතර ආණ්ඩුවක් සමගිනි.
 
අගමැතිකමට පත් ව ඊ ළඟ දවසේ ම, එනම්, ජනවාරි 10 වැනි දා ම අගමැති රනිල්, රත්නපුර කහවත්තේ, වැල්ලදුර ප්‍රදේශයේ නැමිනිකන්ද ගමට යන්නේ ශාන්ත දොඩම්ගොඩ මහතාගේ පවුල හමුවීමට ය. මගේ මතකය හරි නම් දොඩම්ගොඩ පවුල හමු වූ දෙවැනි දේශපාලකයා රනිල් විය යුතු ය. (පළමුවැන්නා තලතා අතුකෝරාල ය. ජනපති මෛත්‍රී දොඩම්ගොඩ පවුල හමුවන්නේ පෙබරවාරි 05 වැනි දා ය.) කහවත්තට යන රනිල්, දොඩම්ගොඩ පවුලේ ඥාතීන්ට පොරොන්දුවක් ලබාදෙයි. එනම්, "සාහසික ලෙස මරාදැමූ ශාන්ත දොඩම්ගොඩ මහතාගේ ජීවිතය වෙනුවෙන් යුක්තිය ඉටු කරනවා" යනුවෙනි. (මේ කතාවට රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රිණී තලතා අතුකෝරාල සාක්කි ය.)
 
අද දොඩම්ගොඩගේ සුනිල් ශාන්ත පෙරේරාගේ ඝාතකයා වන ප්‍රේමලාල් ජයසේකර හෙවත් චොකා මල්ලි, වරාය හා සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය තනතුරේ දිවුරුම් දෙනවා දකින විට මට රනිල්ගෙන් ඇසීමට ඇත්තේ එක ප්‍රශ්නයකි. Ranil Wickremesinghe, එදා 2015 ජනවාරි 10 වැනි දා ඔබ අගමැතිවරයා ලෙස දොඩම්ගොඩ පවුලට පොරොන්දු වූ යුක්තිය මේක ද?
 
@Chameera Jeewantha Dedduwage fb

නවතම ලිපි