SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

එක්සත් ජනපද නියෝජිත ආයතනයේ ප්‍රධානී සමන්තා පවර් මෙවර සංචාරයේදී හිටපු අමාත්‍ය මංගල සමරවීරගේ සොයුරිය ජයන්තී ගුණවර්ධන හමුවී

මංගලගේ හදිසි වියෝව සම්බන්ධයෙන් සිය ශෝකය පළකර තිබිණ.


සමන්තා පවර්, හිටපු අමාත්‍ය මංගල සමරවීරගේ සමීපතම මිතුරියකි.

මංගල සමරවීර ගේ දේශපාලන ජීවිතයට 30 වසරක් සැපිරීම නිමිත්තෙන් 2019 පෙබරවාරි 28 දා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවති උත්සවයේ විශේෂ දේශනය සිදුකරනු ලැබුවේද ඇමරිකාවේ සිට පැමිණි සමන්තා පවර් විසිනි.

 




ඇය මෙවර සංචාරය නිමාකර යන අවස්ථාවේදී සිය මිතුරා සම්බන්ධයෙන් ට්විටර් පණිවිඩයක් නිකුත්කර ඇත.

''මංගල සමරවීර යනු තමාගේ මූලික වටිනාකම් හා අදහස් මත පදනම්ව, සෑම විටෙකම රට මුල් තැනෙහි තබා කටයුතු කළ, අතිදක්ෂ, නිර්මාණශීලී මෙන්ම හාස්‍යරසය හඳුනාගත්, ඉතාමත් විරල දේශපාලකයෙකු බව ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන ඇමෙරිකානු නියෝජිතායතනයේ (USAID) ප්‍රධානී සමන්තා පවර් එම ට්විටර් පණිවිඩයෙන් පවසන්නීය.

තමාගේ ආදරණීය මිතුරෙකුව සිටි මංගලගේ ආධ්‍යාත්මික ගුණයෙහි මතකය තවදුරටත් ශ්‍රී ලංකාවේ පැවතීම සම්බන්ධයෙන් තමන් විස්මයට පත් වූ බව ද ඇය කියා සිටින්නීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, සිවිල් සමාජය, පෞද්ගලික අංශය හා USAID හි ශ්‍රී ලාංකීය කාර්ය මණ්ඩලය සමග තමන් පැවැත්වූ හමුවීම්වලදී කෙතරම් දුරට මංගලගේ අදහස් හා බලපෑම් සාකච්ඡාවට බඳුන් වූයේද යත්, තමන් ඉදිරියේ ඔහු ප්‍රාදූර්භූත වනු ඇති බව පවා තමන් බලාපොරොත්තු වූ බව ද පවර් පවසන්නීය.

ශ්‍රී ලාංකිකයින් මේ වන විට බලවත් අභියෝගවලට මුහුණ දී සිටින අතර, මංගලගේ ඥානය, තරුණ ප්‍රජාව සමග ඔහු පැවැත්වූ සබඳතා සහ ඔහුගේ ප්‍රායෝගික විඥානවාදය තවදුරටත් නොපැවතීම දැඩිව දැනෙන බව ද පවර් කියා සිටින්නීය.

අප අතර ඔහු නොසිටීම ගැන ශෝක වූවද,ඔහුගේ මතකයෙන් අපට ප්‍රබෝධමත් විය හැකි බවට තමන් විශ්වාස කරන බවත්, තමන් පෞද්ගලිකව එසේ කරන බවත් ඇය වැඩිදුරටත් පවසන්නීය.

samanta 1

 

samanta2

සමන්තා පවර් දිවයිනෙන් පිටත්ව යයි


දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතයේ පරිපාලක, සමැන්තා පවර් ඇතුළු පිරිස දිවයිනෙන් පිටත්ව ගියහ.

කටුනායක ගුවන් තොටුපළ කාර්යභාර කළමනාකාරවරයා පැවසුවේ, අද අලුයම 3.50 ට පමණ කටාර් ගුවන් සේවයට අයත් යානයකින් ඇය පිටත්ව ගිය බවයි.

පවතින ආර්ථික අර්බුදය පිළිබඳව සාකච්ඡා කිරීම සහ අමෙරිකාව සහ ශ්‍රී ලංකාව අතර සංවර්ධන හවුල්කාරිත්වය ශක්තිමත් කිරීම අරමුණු කර ගනිමින් සමන්තා පවර් ඇතුළු පිරිස පෙරේදා දිවයිනට පැමිණියහ.

පෙරේදා ජා – ඇල ඒකල ප්‍රදේශයේ පිහිටි ගොවි බිමකට ගොස්, ගොවීන් මුහුණ දෙන ගැටලු සාකච්ඡා කළ සමන්තා පවර් පැවසුවේ, මෙරට ගොවි ජනතාවගේ අවශ්‍යතා වෙනුවෙන් ඩොලර් මිලියන 40 ක් ප්‍රදානය කරන බවයි.

ආහාර සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සඳහා මානූෂීය ආධාර ලෙස අමෙරිකාව තවත් ඩොලර් මිලියන 20 ක් මෙරටට ලබා දෙන බව ද සමැන්තා පවර් ඊයේ කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදි සඳහන් කළා ය.

සමැන්තා පවර් ඊයේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ ද හමුවී සාකච්ඡා කළා ය.

@Theleader.lk

නවතම ලිපි