SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

අනාගතයේ ඇතිවන ජල හිගයක බිය මවාපාමින් IMMI ආයතනය හරහා

දිගු කලක සිට මෙරට ගොවින්ට වාරි ජලය අලෙවි කිරීමේ ඇති වැදගත්කම ගැන කතා කරන ඇමරිකාවට හදිසියේ මෙරට ගොවි ජනතාව පිලිබදව මහා කරුණාවක් පහල වී තිබෙනු පෙනේ.

(විදේශ කෘෂි ආයෝජන වලට අවශ්‍ය ජල සුරැකුම සහතික කරගැනිමට ගොවීන්ට ජල ඔප්පු ලබාදීම හා එම ඔප්පු වෙළදපලේ අලෙවි කිරීමට ඉඩකඩ ලබාදිම පිලිබදවත් ඒ හරහා වාරි ජලයට මීටර් සවිකිරිම පිලිබදවත් මේ ආයතනය නිරන්තරව කතා කර තිබේ)

 

samantha1


මෙතෙක් කලක් මෙම භූමිය තුල තම මැදිහත්වීම් වලට ගත් උත්සාහයන්හි අසාර්ථක වූ පියවරයන් දෙස නැවත වරක් අවධානය යොමු කිරීමට මේ අය කල්පනා කරනු පෙනේ. ගෝලීය බල දේශපාලනය තුල ප්‍රමාද වී හෝ එවැනි වටපිටාවක් ගොඩනගා ගැනීම ඔවුනට වැදගත්ය. මෙරට මේ මොහොතේ පවත්නා ආර්ථික අර්බුදය ඊට හොදම අවස්ථාවක් ලෙස USA දකිනු ඇත.
 

මක්නිසාදයත් මේ මොහොත අපගේ කේවල් කිරීමේ/හෙට්ටු කිරීමේ ශක්තිය දුර්වලම අවස්ථාවකි. එමෙන්ම අනිසි ඇමරිකානු මැදිහත්වීම් වලට විරුද්ධ දේශපාලන පක්ෂ මෙන්ම සිවිල් බලවේග හා පුරවැසියන් සතු බලපෑම් කිරීමේ හැකියාව දුර්වලම මොහොතකි. ඒ නිසා තමන්ට අවශ්‍ය අස්වැන්න නෙලා ගැනීමට සුදුසුම මොහොතක් ලෙස මේ අවස්ථාව ඔවුන් දැකිම සාධාරණය.ඊට ගෙවන ඇමරිකානු ඩොලර් මිලියන 40 ක් නොව 1000 ක් වුවද ඔවුනට සොච්චමකි. 
 
samantha2samantha3samantha4

නවතම ලිපි