SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ලාංකීය ක්‍රීඩිකාවෝ ආසියානු දැල්පන්දු තරගාවලියට මෙවර සහභාගී වන්නේ රජයෙන් ලද අවම පහසුකම් යටතේය.

ඔවුන් මෙරටින් පිටත් වන මොහොතේද එය කතාබහට ලක්වූවකි. කව්රුන් කෙසේ විස්තර කළද ලංකාවේ ක්‍රීඩා ක්ෂේත්‍රය තුළ කණ්ඩායම් තරග සඳහා සහභාගී වන ක්‍රීඩකයින්ට සහ ක්‍රීඩිකාවන්ට දක්වන්නේ වෙනස්වූ පිලිගැනීමකි. වෙනස් වූ වටිනාකමකි. ඔවුනට ලබාදෙන වැටුපේ සිට ඔවුන් සහභාගී වන තරග සඳහා වැයකරන මුදලේද ඇත්තේ කුඩම්මාගේ සැලකිල්ලකි. එවන් ලිංගය පදනම් කරගත් පසුගාමී අදහස් හා ක්‍රියාකාරකම් රාජ්‍ය මට්ටමින් පවා ක්‍රියාත්මක වන රටක එවන් වෙනස්කම් මැද්දේදීද අපේ දැල්පන්දු ක්‍රීඩිකාවෝ ආසියානු දැල්පන්දු තරගාවලියේ අවසන් තරගයට තේරී පත්වීම පිළිබඳ ලේඩි ලීඩර් අපි මුලින්ම සුභ පතමු.

Asian 2

සිංගප්පූරුවේදී හෙට (11) පැවැත්වීමට නියමිත 12 වැනි ආසියානු දැල්පන්දු කුසලානයේ අවසන් මහ තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම අද (10) සුදුසුකම් ලැබිය.

ඒ, මෙතෙක් තරගාවලිය පුරා අපරාජිතව ඉදිරියට පැමිණි ශ්‍රී ලංකාව, හොංකොං පිල සමග පැවැති තරගයෙන් ලකුණු 67-43ක් ලෙස විශිෂ්ට ජයක් වාර්තා කරමිනි.

 

asian3


ඉරිදා (11) පැවැත්වෙන අවසන් මහා තරගයට අනෙත් පසින් නිර්දේශ ලබන කණ්ඩායම තීරණය කෙරෙන දෙවැනි අවසන් පූර්ව තරගය සිංගප්පූරුව හා මලයාසියාව අතර අද පැවැත්වීමට නියමිතව ඇත්තේ සංශෝධිත කාල සටහනට අනුව ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 5.30ටය.

පස් වරක් ම ආසියානු කුසලාන දිනා සිටින ශ්‍රී ලංකාවට හෙට දිනයේ 6 වැනි වතාවටත් කුසලාන දිනා ගැනීම කෙරෙහි විශාල අපේක්ෂාවක් තබාගෙන සිටියි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකා ගයාංජලි  අමරවංශ අවසන් තරගය පිළිබඳව අදහස් දක්වමින් පැවසුයේ, තරඟාවලියේ එක දිගට මෙතෙක් පවත්වාගෙන ආ  කණ්ඩායමේ අපරාජිත බව හෙට දිනයේදී ජයග්‍රාහීව නිමාකිරීමට අපේක්ෂාකරන බවයි.

 

asian4

ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාරිනිය හයිසින්ත් විජේසිංහ ද හෙට තරග ජයග්‍රහණය ගැන දැඩි විස්වාසයකින් යුතුව අදහස් දැක්විය. ”දක්ෂතා අතර සිටින වඩාත් විශ්වාසවන්ත ක්‍රීඩිකාවන්ගෙන් සමන්විත කණ්ඩායම හෙට අපි පිටියට බස්සනවා.'' ඇය පැවසුවාය.

12 වැනි ආසියානු  දැල් පන්දු තරගාවලියේ අවසන් මහා තරගය හෙට ශ්‍රී ලංකාවේ වේලාවෙන් පස්වරු2.30  පැවැත්වේ. එය සිංගප්පූරුවේ වේලාවෙන් පස්වරු 5.00 ට ආරම්භ වේ.

මේ අවසන් පූර්ව වටයේ පරාජිතයන් අතර තෙවැනි ස්ථානය තේරීමේ තරගය පැවැත්වීමට නියමිතව ඇත්තේ හෙට ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 11.30 ට ය.

@Theleader.lk

 

Asian5asian6asian8

asian8asian9

 

 

asian9asian 5

නවතම ලිපි