SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

අපි ඇයි ගම ආමන්ත්‍රණය කළයුතු?

“ගමේ බලය තිබුණෙ මහින්ද රාජපක්ෂට. මහින්ද දේශපාලනයක් නෙවෙයි සංස්කෘතියක්.

 ඒ සංස්කෘතිය හොඳටම මැච් උනේ ගමට. පැරදුනු 2015 ජනාධිපතිවරණයෙදිත් ගම දිනුවෙ මහින්ද”

 

“මේක පස්සෙ විශාල සාහිත්‍යයක් තියෙනවා. අන්තිමේ ජැක්සන් කිව්ව රාජපක්ෂලා බුදුන්ගේ ඥාතීන් කියල. මේ රටේ එක ඉතිහාසඥයෙක්වත් ඒක ප්‍රශ්න කලේ නැහැ.

ඇයි ඒ?

මේක වෙන්නත් පුළුවන්වගේ. මේක ගොඩනගපු එකක්. ප්‍රබන්ධයක්”

“අපේ රටේ සිංහල බෞද්ධ සංකල්පය ඇතුලෙ කාටහරි බුදුන් කිව්වොත් ඒක බුදුන්ට කරපු අපහාසයක්. බුදුන්ගේ ඥාතීන් කිව්වෙ ඒකයි.

මේ ඔක්කොම වැඩකළේ ගමට.

ජයන්ත චන්ද්‍රසිරි චිත්‍රපටයක් හැදුව දුටුගැමුණු කියල.

මොකද උනේ?

ෆිල්ම් එක එළියට එනකොට මහින්ද පැරදුනා. ෆිල්ම් එක දිව්වෙ නැහැ. ඇයි? දුටුගැමුණු ගෙදර නිසා.

මේක දේශපාලන සංස්කෘතියක්. ඒ සංස්කෘතිය හොඳටම මැච් උනේ ගමට”

 

ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මෙම අදහස් දැක්වීම සිදුකරන්නේ ජාතික ජන බලවේගයේ ප්‍රචාරණ රැළියන් සම්බන්ධව සිදු කෙරෙන අභ්‍යන්තර සාකච්ඡාවකදී විය හැකිය.

අනුරට අනුව උගතුන් ඡන්දය දෙන්නේ ජවිපෙටය. නමුත් ඡන්ද දිනන්නේ ගමේ බහුතරයකිනි. ගම මෝඩය. රැවටිය හැකිය. දැන් මෝඩ ගම ආමන්ත්‍රණය කරන්න වෙලාව ඇවිත් ඇත්තේ ඒ නිසාය. ඒ නිසා ගමේ මෝඩයින්ට හරි යන කතා ටිකක් එක්ක ගමට ගොස් මේ සැරේ කොහොම හරි ගේම ගහන්න ඕන බව ජවිපෙ නායකයා තම සාමාජිකත්වයට පැහැදිලි කරයි.

මෙය වාමාංශික දේශපාලනය ලෙස තවමත් වටහා ගන්නවුන් අපට බැණ අඩගසා පලක් නැත.

සම්පූර්ණ කතාව පහත වීඩියෝවෙන් නරඹන්න.

නවතම ලිපි