SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ලංකාව මුහුණ දී ඇති ජීවත්වීමේ ප්‍රශ්නය තුළ බොහෝ දෙනාට මූලික වී ඇත්තේ ඉන්ධන අර්බූධය ඉහලට ඔසවමිනි.

දිනෙන් දින ඉහළ යන ආහාර ද්‍රව්‍යවල මිළගණන් සහ ඊට සාපේක්ෂව පහත වැටෙන මූල්‍ය ආධායම පිළිබඳ වගේ වගක් නොවන්නටත් ඉන්ධන හිග වූ වහාම සියල්ලෝම පාරට බැස උද්ඝෝෂනය කිරීමේත් හේතුව වී ඇත්තේ කුමක්ද? මෙය හොඳින් වටහා ගන්නා රජයද සිදු කරන්නේ කෙසේ හෝ තව තවත් ණය වී ඉන්ධන හැකිතාක් ගෙනැවිත් දීමය. කෙසේ හෝ ඒ වෙනුවෙන් රනිල් වික්‍රමසිංහ රජයේ ක්‍රියාමාර්ග සාර්ථක වනු ඇත.

එහෙත් කුසගින්නෙන් පෙළෙන ජනයාටත් ඒ ගැන වගේ වගක් නැත්තේ ණය වී හෝ තෙල් අනුභවය වැදගත් නිසාවෙනි.

ඒ අනුව ලංකා රජය හා සෞදි අරාබියානු රජය අතර පැවැති සාකච්ඡා අනුව ලංකාවේ තෙල් ප්‍රශ්නයට විසඳුම් ලබාදීමට කටයුතු කරනු ඇති බව ලංකා නිවුස් වෙබ් වාර්තා කර ඇත.

මේ වනවිට දැවැන්ත බලශක්ති අර්බුදයකට මුහුණ දී සිටින ශ්‍රී ලංකාවට ණය පදනම යටතේ ඉන්ධන ලබාදීම පිළිබඳව සෞදි අරාබි රජය මූලික එකඟතාවයකට පැමිණ තිබෙනවා.

ණය පදනම යටතේ වසර පහක කාලසීමාවක් සඳහා ඉන්ධන සැපයීමට එකඟ වී ඇති අතර එම එකඟතාවය වසරකට ඇමරිකානු ඩොලර් බිලියන 06 කට සීමා වේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ විශේෂ නියෝජිතයෙකු ලෙස පසුගියදා සෞදි අරාබිය වෙත ගිය පරිසර අමාත්‍ය නසීර් අහමඩ් මහතා සහ සෞදි බළධාරීන් අතර පැවති සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස මෙම එකඟතාවයට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකාව තුළ ආයෝජනය කිරීම සඳහා පැමිණෙන ලෙස නසීර් අහමඩ් අමාත්‍යවරයා සෞදි ආයෝජකයන්ට ආරාධනා කර ඇති අතර පොහොර නිෂ්පාදනය, ඉන්ධන බෙදාහැරීම, බලශක්ති ඇතුළු ක්ෂේත්‍රවල පවතින ආයෝජන අවස්ථා සම්බන්ධයෙන් ඔවුන් දැනුවත් කර තිබෙනවා.

@LNW

නවතම ලිපි