SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඉදිකිරීම් ක්ෂේත්‍රය ආර්ථිකයෙන් විශාලම කොටස වන විට 2009 වසරින් පසුව සීග්‍රයෙන් රට පුරා ව්‍යාප්ත වූ ක්ෂේත්‍ර වූයේ

වාහන, එලෙක්ට්‍රොනික සහ එලෙක්ට්‍රිකල් වෙළඳපොල, ඇඳුම්-පැළඳුම්, රූප ලාවන්‍ය, නිවාස සහ ගෙවතු අලංකරණය, දේශීය සහ විදේශීය විනෝද චාරිකා ඇතුළු හෝටල් වල දිවි ගෙවීම්, මංගල උත්සව සහ ප්‍රිය සම්භාෂණ යන දේවල් වලට අදාළ වෙළඳපොල සහ ඒවාට අදාළ ඍජු සහ වක්‍රාකාර රැකියාවන්ය. දැන් එම සියල්ල නැවතී හෝ අඩපන වී ඇත.

මේ වන විට ඉදිකිරීම් ක්ෂේස්ත්‍රය ක්‍රියාත්මක වන්නේ සුළු වශයෙනි. ඒ පුද්ගල නිවාස ඇතුළු ගොඩනැගිලි වලට අදාලව පමණි. ඒ අනුව ඉදිකිරීම් ක්ෂේස්ත්‍රයට අදාළ ඍජු සහ වක්‍ර රැකියා ලක්ෂ 40ක් පමණ සහ ඊට අදාළව සංසරණය වන මුදල් ප්‍රවාහය නැවතීම නිසා තවත් විශාල වක්‍රාකාර රැකියාවල් ප්‍රමාණයක් ඇන හිට ඇත.

 aravinda 21

 

පෙරෙයිදා "සිරස" රූපවාහිනී දවස වැඩසටහනෙහි රූප ලාවන්‍ය ක්ෂේස්ත්‍රයේ සිදු වී ඇති කඩා වැටීම පිලිබඳව සාකච්ඡා විය . එහිදී වැඩසටහන ඉදිරිපත් කරන්නා මෙන්ම රූපලාවන්‍ය ක්ෂේස්ත්‍රය වෙතින් ද ඉදිරිපත් වූ මුඛ්‍ය කාරණය වූයේ අත්‍යවශ්‍ය නොවන දේ ලෙස කිසිවක් වර්ග කල නොහැකි බවත්, උදාහරණයකට කෙනෙකුගේ හිසකෙස් වර්ණ ගන්වා ගැනීම ඒ කෙනා හට කනවා බොනවා සේම අත්‍යවශ්‍ය විය හැකිය යන්නයි. එය සත්‍යයකි. අධ්‍යතන සමාජය තුල හිසකෙස් වර්ණගන්වා ගැනීමට නොහැකි වීම මානසික රෝග සහ සියදිවි නසා ගැනීම දක්වා වුවද වර්ධනය විය හැකිය. නමුත් එවිට අප විමසා බැලිය යුතු වන්නේ එම සත්‍ය කුමක් ද යන්නයි. ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී ස්ථාවරයට අනුව නම් එය ස්වභාවිකය. එනම් නූතන විද්‍යාවට අනුව ද එය ස්වභාවිකය.

 

aravinda22

එම කාරණය බොහෝ වාමාංශිකයින් විසින් ප්‍රතික්ෂේප කරනු ඇත්තේ එය ස්වභාවික සත්‍යයක් නොවන බවත්, ධනවාදයේ ව්‍යාජ තත්වයක් බවත් පවසමිනි. නමුත් පරිනාමවාදය පිළිගන්නා, විද්‍යාව පිළිගන්නා, වාමාංශිකයින් විසින් පාර්ශවීයව එසේ කරුණු ප්‍රතික්ෂේප කිරීම ඔවුන්ට අදාළ සංශයවාදයක් පමණි. එවිට ඔවුන් ලිබරල්වාදීන්ට ද වඩා අන්ත ගොබ්බ ආගමික ස්ථාවරයකට තල්ලු වී, ආගමික නිකාය වාදයක සිර වේ. සැබවින්ම එයත් එවිට ලිබරල්වාදයේම ආගමික නිකායවාදයක් පමණි. එහි හොඳම ලාංකීය නියෝජනය පවතින්නේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේය.

රටේ සිටින ඕනෑම දේශපාලන පක්ෂයක බලාපොරොත්තුව වන්නේ නැවතත් ඉතා සඳහන් කල සියලු ක්ෂේස්ත්‍ර ක්‍රියාත්මක කොට සුපුරුදු ආර්ථික විද්‍යා කොන්දේසීන් තුල ගමන් කිරීමයි. තාවකාලිකව ආනයන නවතා ඇත්තේ ඒ සඳහාය. ආනයන ක්ෂේස්ත්‍රය මත යැපුන සියලු වෙළඳපොල සහ නිෂ්පාදන කඩා වැටෙනුයේ එබැවිනි. එසේ ආනයන නවතා නොදැමුවහොත් ආහාර, බෙහෙත් ඇතුළු ජීවත්වීමට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය වල මිල ඉහල යාම වලකා ගත නොහැකිය. ඒ අනුව දැන් සිදු කල යුතුව ඇති ආරක්ෂණ පියවර වන්නේ ආනයන අත්‍යවශ්‍ය ද්‍රව්‍ය වලට පමණක් සීමා කොට අනෙක් සියලු ආනයන නවතා දැමීමය. එවිට ආහාර ද්‍රව්‍ය ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය වල මිල පාලනය කිරීමට හැකි වනු ඇත. ඒ අනුව මෙතෙක් ලාංකාවට අදාළ විවිධාන්ගිකරණය වූ අංගයන් සහිත ධනවාදී ප්‍රාසාදය කඩා වැටීම තුල අහිමි වන රැකියා නිසා අසරණ වන්නන් හට රුපියල් 10000ක අදාර මුදලක් ලබා දීම ද දැන් අරඹා ඇත. ආනයන මත පදනම් වූ වෙළඳපොල සහ නිෂ්පාදන ක්ෂේස්ත්‍රය දුවවනවාට වඩා දැන් එය ලාබදායි වී ඇත. ඉන්ධන මිල වැඩිකොට පොදු ප්‍රවාහනයට ඉන්ධන සනහන ලබා දිය හැකි නම් තවත් බොහෝ සෙයින් ඒවායේ මිල පහත හෙළිය හැකි වනු ඇත. නමුත් මේ තත්වය මෙතරම්ම උග්‍ර වෙද්දීත්, අර්තිකවෙදීන් ක්‍රියා කරනු ලැබූයේ කෙසේ හෝ පැවතුන යාන්ත්‍රනය රැක ගැනීමටය. එසේ නොකොට ඉන්ධන සීමා කිරීම් සහ ආනයන නවතා දැමූයේ නම් මේ තත්වය මෙතරම් උග්‍ර නොවනු ඇත.

 

construction2

 

මේ ආකාරයට මේ තත්වය දිගටම පවත්වාගෙන යා නොහැකිය. නමුත් මේ තත්වයෙන් මිදීම සඳහා මේ වන විට වැටී ඇති එකම මාවත වන්නේ ධනවාදී නිෂ්පාදනය සහ ලෝක වෙළඳපොල සමග අත්වැල් බැඳගැනීමය. එවිට දැන් ඇත්තේ එය සිදු කරන අකාරය පිළිබඳව විවාදයක් පමණි. ඒ අනුව රනිල් ප්‍රමුඛ UNP බලවේගය අන්ත දක්ෂිනාංශික ලෙස සැලකන අතර එතරම් දක්ෂිනාන්ශික නොවන බව අඟවන පක්ෂ සහ බලවේග ඊට එරෙහිව බිහිවෙමින් පවතී. ඒවා රනිල් ප්‍රමුඛ UNPය වෙතින් වෙනස් වන්නේ ඔවුන්ගේ මාවතේ ඇති වෙනසක් නිසා නොව මාවතට පිවිසෙන ආකාරයේ සහ කළමනාකරණයේ ඇති වෙනසකින්ම පමණි.

ධනවාදී ලෝක වෙළඳපොල සමග අත්වැල් බැඳ ගැනීම එකම මාවත ලෙස අධිනිශ්චය වීම සඳහා ආර්ථික විද්‍යා උගතුන් ප්‍රමුඛ අනෙකුත් උගතුන් මෙන්ම ඒ සඳහා විශාලම උත්ප්‍රේරකය ලෙස වාමාංශික පක්ෂ වල සහ සංවිධාන වල ක්‍රියාකාරීත්වය ඉවහල් වී ඇත.

ඒ කෙසේ වෙතත් ජ.වි.පෙ. සහ පෙසප විසින් 2024 වසරේද වෙනත් බලවේගයක් දිනවා පොහොට්ටුව ප්‍රධාන විපක්ෂය බවට පත්කරනු ලැබීමට පෙරමුණ ගෙන ක්‍රියා කරනු ඇත. ඉන් පසුව පෙ.ස.ප. අන්තරයට නව කැඳවුම්කරුවෙකු පත්කොට ගෙන සහ ජ.වි.පෙ. තම ජන මාධ්‍ය සහ පාර්ලිමේන්තු භූමිකාව උපයෝගී කොට ගනිමින් ක්‍රියා කරනු ඇත්තේ නැවතත් 2030 වසරේදී පොහොට්ටුව බලයට පත්කිරීම සඳහාය. මේ වන විට පොහොට්ට්ටුවට අවශ්‍යව ඇත්තේ නැවතත් සංවර්ධන ව්‍යාපෘතීන් ආරම්භ කිරීම මගින් ප්‍රාදේශීය සභා සභාපතිවරුන් ඇතුළු මන්ත්‍රීවරුන් සවිබල ගන්වා ගැනීම සහ තම ඡන්ද යාන්ත්‍රනය වන ඉදිකිරීම් ක්ෂේස්ත්‍රය සවිබල ගැන්වීමට ක්‍රියා කිරීමයි. එම ක්‍රියාවන් කිසිවකට ජවිපෙට හෝ පෙසපට එරෙහි විය නොහැකිය. ඒ ඔවුන් උග්‍ර ජනතාවාදීන් වන බැවිනි. ඒ අනුව එම ජනතාවාදයේ ප්‍රතිපලය ලෙස 2024 වසර මහා මැතිවරණයෙන් ජවිපෙට 3%ක් හෝ ලබා ගත නොහැකි වනු ඇත.

@Spartacus.lk

නවතම ලිපි