SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පහුගිය සතියේ රටේ අලුත් පක්ෂ සභාග හා සභාවන් 3 ක් බිහිඋනා. සමහරු නිදහස හොයනවා, සමහරු උත්තර හොයනවා, සමහරු තමුන්ගේ මහ ගෙදර ඩුප්ලිකේට් කරන්න බලනවා.

එක පැත්තකින් පොහොට්ටුවයි අලියොයි එකතුවලා මගුල් කද්දි, දික්කසාද වෙන කට්ටිය පැටව් ගහනවා වගේ වැඩි වෙනවා. අන්තිමේ මේ ඔක්කොම විපක්ෂ බලවේග කොතැනටද යන්නේ කියල මිනිස්සු හොල්මන්වෙලා ඉන්නවා. 

උත්තර පක්ෂෙට නම් පටන් ගන්න කොටම පක්ෂ 11 සන්ධානේ පක්ෂ 7 ට බැස්සෙ කොහොමද කියන ප්‍රශ්නෙට තමයි ඉස්ඉස්සෙල්ලම  උත්තර බඳින්න වෙන්නේ..

 අනික් අතර ඉන්න පක්ෂ 7 නුත්  යුතුකම සංවාදෙයි, විජය දරණී සබාවයි ඇත්තටම දේශපාලන පක්ෂ නෙවෙයිනේ. එතකොට ඇත්තටම එතන ඉන්නේ පක්ෂ 5 යි. පාර්ලිමේන්තු මංත්‍රීවරු ඔක්කොම 10 කට අඩු ගානක් තමයි එතන ඉන්නේ. 

 ඒ අතරේ අළුතින් හදපු නව  ලංකා නිදහස් පක්ෂයේ  පාර්ලිමේන්තු මංත්‍රීවරයෙකුට ඉන්නේ කුමාර් වෙල්ගම විතරයි.

චන්ද්‍රිකා බන්ඩාරණායක හිටපු ජනාධිපතිනියගේ මූලිකත්වයෙන් තියපු පක්ෂ කාර්‍යාලය  ආරම්භ  කිරීමේ උත්සවයට, පාටලී චම්පික, අනුරයාපා හා චන්දිම වීරක්කොඩි ආරාධිතයෝ විදියට ඇවිත් තිබුනා.  කොහොම වුනත් කතාවේ හැටියට , එයාල එකතුවෙන්න වැඩියෙන්ම ඉඩ තියෙන්නේ මංත්‍රීවරු 13 ක් ඉන්න ඩලස් ගේ නිදහස ජනතා සභාවටලු. 

හැබැයි ඒත්  චම්පිකව ගන්නවට නම් නම් තාමත් නිදහස ජනතා සභාවේ ඉන්න සමහර මංත්‍රීවරුන්ගෙන් කොල එලියක් ලැබිලා නැතිලු.

 

 

අනුර යාපා හා චන්දිම වීරක්කොඩි නම් පාර්ලිමේන්තු කැන්ටිමේ, නාලක ගොඩහේවා හා චරිත හේරත් එක්ක දීර්ඝ සාකච්චාවක් කරනවා අනික් මන්ත්‍රීවරු දැකලා තියෙනවා. ඒ දෙන්නා තාම වැනි වැනි ඉන්නේ, මෛත්‍රී ගාවට යනවද, වෙල්ගම ගාවට යනවද, ඩලස් ගාවට යනවද කියලලු.

මුලින් අනුර කැමති වෙලා නෑ ඩලස්ට සෙකන්ඩ් වෙන්න. හැබැයි දැන් ඩලස්ට පහු කරගෙන ජී එල් නැගගෙන එන නිසා,  අනුරගේ මතයත් වෙනස් වේගන එනවලු.

වෙල්ගමගේ පක්ෂයට චන්ද්‍රිකා මේ තරම් උදව් කරන්නේ ලඟදිම ඒ පක්ෂය හරහා විමුක්ති කුමාරතුංග ව දේශපාලනයට ගේන්න කියලාත් අනුර විශ්වාස කරනවලු. අනුර ඒ නිවසට අඩිය තියන්න දෙපාරක් හිතන්නේ ඒකලු.

යන්තම් රාජපක්ෂ  පවුල් වාදයෙන් මිදෙන කොට, ආයෙත් තවත් පවුල් වාදයකට  අහුවෙන්න තරම් අපි මෝඩ නෑ කියලා, අනුර යාපා තම හිතවතුන් සමග කියල තියෙනවා කියලත් ආරංචියි..

මේ අස්සේ ඩලස්ලා ඉදිරියේදී සජබට එකතු වෙයි කියල, සජබේ තිස්ස අත්තනායකත් මාධ්‍යවේදියෙකුට කියලා කට ඉස්සර කර ගෙනලු. මේ කතාවට නිදහස කන්ඩායමේ හොඳ ප්‍රතිචාරයක් තිබිලා නෑ. ඉන් කිහිපදෙනෙක්ම මේ ගැන තිස්සට කතා කරල අසතුට ප්‍රකාශ කරලා තියෙනවා. 

ආරංචි විදියට තිස්සට සජිත්ගෙනුත් දෝස්මුරයක් හම්බ වෙලාලු පැනලා දෙන්න යන්න එපා කියලා.

"එයාල මේ වෙලාවේ ඉන්නේ තමුන් ගැන අධි තක්සේරුවකින්. ඒ කන්ඩායමේ ඉන්න මංත්‍රීවරුන්ගේ අධ්‍යාපන හා අනෙකුත් සුදුසු කම් බැලුවහම ඒ අයව ඕනෑම පක්ෂයක් දෝත් විහිදලා බාරගන්න ඕනේ. අපටත් ඒ අය ආවොත් ලොකු එලියක්. හැබැයි අපි ඕනෙවට වැඩිය ඒ අය ගැන උනන්දුයි කියලා දැන්ම පෙන්නන්න එපා" මෙහෙමලු සජිත් තිස්සට කියලා තියෙන්නේ.

සම්ප්‍රදායික දේශපාලන පක්ෂ ඔය විදියට, අලුත් නම් දා ගෙන ඊළඟ චන්දෙකට ලෑස්ති වෙද්දී , ඔන්න අලුත් කොල්ලෝ කෙල්ලොත් පරණ පක්ෂ හයර් කරන්න පටන් අරන්..

 ආරංචියේ හැටියට අරගලේ හිටපු කොල්ලෝ කෙල්ලෝ අලුත් පක්ෂ  කීපෙකින්ම එලියට එන්නයි හදන්නේ..

 සමාජයේ අනපේක්ෂිත පෙරළියක් ඇති කරවන චරිත රැසක් ,දේශපාලනයට ගෙන එන නව දේශපාලන ව්‍යාපාරයක්, ලබන මාසයේ දී එළි දැක්වීමට නියමිතයි කියල , දේශපාලන ආරංචි මාර්ග වලින් වාර්තාවෙනවා.

 මේ වැඩේට ලොකු ගානක් දීලා, පරණ දේශපාලන පක්ෂයක්, සල්ලි වලට අරන් කියත් කියනවා.. ඔය කියන පක්ෂය , ජාත්‍යන්තර පක්ෂ ජාලයක පර්ශවකාරයෙක්..

 ඔය පක්ෂය  පටන් ගත්ත කෙනා වගේම, ඒ පක්ෂයෙන් පාර්ලිමේන්තු ගිය කෙනත් දැන් ජිවතුන් අතර නෑ  .. එයාල ඒ පක්ෂය  හදල තිබුනේ  ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් ශ්‍රී ලංකාවේ ඇතුලේ සමාජගත කරන්න කියලා.

 කොහොම වුනත් අලුතින් පටන් ගන්න යන, කොල්ලෝ කෙල්ලෝ කරන්න යන්නෙත්, අරගලෙන් මතුවෙච්ච ලිබරල් වැලිවුස් පාදකකරගෙන, අලුත් දේශපාලන පරිවර්තනයක් සමාජය තුල ඇති කරන්න 

 ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී මත දරන තරුණ පිරිස්, වෘත්තීයවේදීන්, ව්‍යවසායකයන්, විශේෂඥයන් සහ විද්‍යාර්ථීන් මේ නව දේශපාලන ව්‍යාපාර‍යට දැනටමත් සම්බන්ධ වෙන්න පටන් අරන්..  නව දේශපාලන සංස්කෘතියක් ශ්‍රී ලංකාවට හඳුන්වා දීම තමයි කට්ටියගේ ප්‍රධාන අරමුණ වෙලා තියනවයි කියන්නේ..

 විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් ඩයස්පෝරාවේ විශාල පිරිසක්, මේ අලුත් දේශපාලන ව්‍යාපාරයට සහය දැක්වීමට දැනටමත් ඉදිරිපත්වෙලා කියල ආරංචියි..

ඒ විතරක් නෙමෙයි, තානාපති කාර්යාල වලිනුත් සැහෙන උදව් ලැබෙනවා කියල ආරංචියි..

අරගලේ දෙවන අදියර ,පාර්ලිමේන්තුව හරහා කරන්න තමයි මේ ආධාර ලැබෙනවා කියන්නේ..

කොහොම වුනත්, ලංකාවේ අටු බැහැපු දේශපාලනේ, අලුත් කොල්ලෝ කෙල්ලෝ හරි වෙනසක් වෙනසක් කරනවා නම් ඒකත් හොඳයි..

මේ අලුත් කොල්ලෝ කෙල්ලන්ගේ පක්ෂ වලින් පරණ පක්ෂවලට ඉස්සරහට ලොකු අභියෝගයක් වෙන්නත් ඉඩ තියනවා..

නවතම ලිපි