SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

බ්‍රිතාන්‍ය කොන්සවටිව් පක්ෂයේ නායකත්ව සටනේ සුනාක් ලිස් ට්‍රස් ට පරාජය වීම කිසිසේත්ම බලාපොරොත්තු වූ නොවූ දෙයක් නොවේ.

ලිස් ට්‍රස් නැත්නම් සුනාක් අග්‍රාමාත්‍ය පදවියට පත් වීම කිසිසේත්ම කොන්සේවටිව් පාලනයේ වෙනසක් ඇති වන්නේ නැත.මේ දෙදෙනාම සේවය කරන්නේ ජාත්‍යන්තර මුල්‍ය ප්‍රග්ධනයේ අභිවූර්ධිය වෙනුවෙන් සහ එයින් බ්‍රිතාන්‍ය මුල්‍ය ප්‍රග්ධනයේ හිමිකරුවන්ට වැඩි වාසියක් අත්කර ගැනීම පිණිසය.ඔවුන්ගේ සටන තිබුනේ මේ සඳහා ඉතාමත් සුදුසුම තැනැත්තා තෝරා ගැනීම පිළිබඳවයි.

එනමුදු ඇමරිකා එක්සත් ජනපදයේ ඔබාමා බලයට පත් වීම නිසා එය කළු සහ ඉන්දියානු ජන සමුහය ලැබූ ප්‍රබෝධය යම්කිසි ආකාරයකට සුනාක් බලයට පත්වීමෙන් බ්‍රිතාන්‍ය තුලද සිදු විය හැකිව තිබුණි. නමුත් එය කළු සහ ඉන්දියානු සම්භවයක් ඇති ජන සමුහයන්ට තවමත් දුරස්තර සිහිනයක් පමණි.

මහා බ්‍රිතාන්‍ය තුල පවතින ව්‍යූහාත්මක මත මෙන්ම පද්ධතිමය ජාතිවාදය අතිශයින්ම ප්‍රබලය.එනමුත් එය අනිකුත් යුරෝපිය රටවලට සමාන කරන විට ඉදිරිගාමී බව කිව යුතුය.

මෑත අවුරුදුවල යුරෝපයේ සමහර රටවල සුදු නොවන පුද්ගලයන් නායකත්වයට පැමිණීමේ ප්‍රවනතාවයන් දකින්නට ඇත.අයර්ලන්තයේ කලින් සිටි අග්‍රාමාත්‍යවරයා වූ ලියෝ වැඩකර් ගේ පිය ඉන්දියානු සම්භවයක් ඇත්තෙක් විය.එසේම පෘතුගාලයේ අග්‍රාමාත්‍ය අන්තෝනියෝ කෝස්ටා ගෝවා දුපතට සම්බන්ධයක් ඇත.

රිෂි සුනක් ගේ දෙමව්පියන් බ්‍රිතාන්‍යට පැමිණියේ 1960 ගණන්වල නැගෙනහිර අප්‍රිකානු රටවලින් ඇති වූ සංක්‍රමණයන් නිසාය.ඒ රටවල පැවති දේශීය ජනතාවගේ විරෝධය මෙයට බලපාන ලදී.

බ්‍රිතාන්‍ය තුල කළු හෝ ඉන්දියානු ජාතිකයන් අමාත්‍ය මට්ටමේ තනතුරුවලට පත් වුවත් අග්‍රාමාත්‍ය වරයෙක් වීමේ සිහිනය සමීප සිහිනයක් වීමට තවත් බොහෝ කලක් ගතවනු ඇත.එහි සමීපයටම පැමිනියේ සුනාක් පමණි.

නවතම ලිපි