SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

එක්සත් ජාතික පක්ෂයේ 76 වන සංවත්සරය හෙට (06) දිනට යෙදී ඇත.

ලංකාවේ පැරණිතම දක්ෂිණාංශික පක්ෂය වූ එජාපය පසුගිය මැතිවරණයන්හිදී ඡන්දයෙන් එකදු ආසනයක් හෝ ලබාගැනීමට අපොහොසත් වූ මොහොතක, සමානුපාතික ඡන්ද ක්‍රමය නිසා ලැබුනු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය නිසා රටේ විධායක ජනාධිපතිවරයා බවට පත්වීමට තරම් එය මහගු අවස්ථාවක් උදාවිය. මෙවර එජාප 76 වෙනි සංවත්සරය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට කටයුතු යොදා ඇත්තේ කරුණු මෙසේ තිබියදීය.

ඒ අනුව එජාප නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මෙවර පක්ෂය යළි නගා සිටුවීමේ මෙහෙයුම මෙම සංවත්සර උළෙල සමගාමීව ඇරඹීමට සූදානම් වන බැව් මාධ්‍ය විසින් දැනට සති කිහිපයක සිට අනාවරණය කරමින් සිටියි.

එහෙත් එවන් අරමුණක නියැලෙන අවස්ථාවක එජාපය වෙනුවෙන් දරදිය අදිමින් පරාජය දරාගනිමින් මේ දක්වා නොවෙනස්ව සිටි ප්‍රාදේශීය නායකයින් වෙත එල්ල වී ඇති තර්ජනයක් පිළිබඳව සතිය වෙබ් අඩවියෙහි අද වාර්තාවක් පළව ඇත. එය මෙසේය.

ජනපතිගේ පක්ෂයේ දිස්ත්‍රික් නායකයාට මරණ තර්ජන - sathiya.lk

ජනාධිපතිවරයාගේ මහජන සබඳතා අධ්‍යක්ෂ ජනරාල් තුසිත හල්ලොලුව විසින් එක්සත් ජාතික පක්ෂයේ අනුරාධපුර දිස්ත්‍රික් නායක කස්තුරි අනුරාධනායකට දුරකථනයෙන් බැන තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධව එම පක්ෂයේ මූලස්ථානයට පැමිණිල්ලක් ලැබී තිබේ.

සැප්තැම්බර් මස 4 වෙනිදා රාත්‍රී 11 ට පමණ මෙම තර්ජනය සිදුකර ඇත. සිය නිවසට පාතාල නායකයන් එවන බවට තුසිත හල්ලොලුව තර්ජනය කළ බව අනුරාධපුර දිස්ත්‍රික් නායකයා පවසයි. මෙම තර්ජනය පිළිබඳ පොලීසියට පැමිණිළි කිරීමටද ඔහු කටයුතු කර ඇත. මොවුන් දෙදෙනා අතර වට්ස් අප් ගිණුමක් හරහා සිදුවූ සංවාදයක තිර දර්ශනද පහත දැක්වෙයි.

 

සතිය1සතිය 0

 

සතිය 3සතිය 0

සතිය 0

නවතම ලිපි