SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ රාත්‍රියේ 11.45 ට පමණ

සිංගප්පූරු ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන්තොටුපලෙන් යළි මෙරටට පැමිණ තිබේ.

ජනතා විරෝධතා මත ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගොස් සිය ධුරයෙන් ඉල්ලා අස්වූ ඒ මහතා මාසයකුත් දින 20 ක කාලයක් පුරා විදේශ රටවල රැඳී සිටියේය.

හිටපු ජනාධිපතිගේ පැමිණීම හේතුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ නියෝගයෙන් කටුනායක ගුවන්තොටුපල ආසන්නයේ විශේෂ ආරක්ෂාවක්ද යොදා තිබුණි.

ඒ මහතාට මෙරට රැදී සිටීම සඳහා කොළඹ විශේෂ නිල නිවසක් සූදානම් කර ඇති බවද වාර්තා වෙයි. ඒ විමල් වීරවංශ අමාත්‍යවරයා පදිංචිව සිටි නිල නිවස වන අතර සුදුසු නිල නිවසක් සකස්කර දෙන තුරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තාවකාලිකව එහි පදිංචිවීමට තීරණය කර ඇත.

කොළඹ බුලර්ස් මාවතේ පිහිටි එම නිවාස අවට මේවනවිටත් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇත.  

නවතම ලිපි