SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

''අධ්‍යාපනය පැත්තෙන් වැඩි අවධානයක් යොමුකරලා තිබෙනවා.

විදේශික සිසුන්ට මෙරටට පැමිණ අධ්‍යාපනය කිරීමට අවස්ථාව උදා කර තිබෙනවා .ඒකට අපි විරුද්ධ වෙන්නේ නෑ. එත්, විදේශීය සිසුන්ට පහසුකම් සැපයීමට පෙර මෙරට සිසුන්ට අවශ්‍ය පහසුකම් සපයා දිය යුතුයි.''යයි ජාතික ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

ඇය මෙසේ පැවසුවේ ආණ්ඩුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඉදිරිපත්කළ අතුරු අයවැය සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.

කෙසේවුවද ස්ථාවර ආණ්ඩුවක් නොමැතිව අයවැය යෝජනා ක්‍රියාත්මක කළ නොහැකි බව ඇය පැවසුවාය.

හරිනි අමරසූරිය මන්ත්‍රීවරිය තවදුරටත් මෙසේද සඳහන් කළාය.



''මාස හයකට පෙර ගත් තීරණ ආණ්ඩුව දැන් වෙනස් කරනවා. යෝජනා ක්‍රියාවට නැංවීමට ස්ථාවර ආණ්ඩුවක් තිබිය යුතුයි. මේක අටවා ගත්තු ආණ්ඩුවක්. ආණ්ඩුවේ අයවැය කතාවට ඉදිරිපත්වී ඇත්තේ සීතල ප්‍රතිචාර .

ආර්ථික අර්බුදයට ප්‍රධාන වශයෙන් බලපාන්නේ ස්ථාවර ආණ්ඩුවක් නොමැතිවීමයි. පසුගිය ආණ්ඩුව සුපුරුදු පරිදි ඉදිරිපත් කළ දේවල් තමයි මේ පාරත් ඉදිරිපත් කරලා තියෙන්නේ.''

 

(lankadeepa.lk)

නවතම ලිපි