SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

අසාදු ලේඛනගත කර ඇති ඖෂධ සමාගම් සඳහා හිග මුදල් යැයි පවසමින් ඖෂධ නීතිගත සංස්ථාව

ගෙවීම් සිදුකරමින් සිටින බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ ඊයේ (30) පැවති මාධ්‍ය හමුවකදී හෙළිදරව් කළේය.

“දැන් ඖෂධ නීතිගත සංස්ථාව දවසින් දවස වලපල්ලට යමින් තියෙනවා. ටෙලිකොම් එකයි රක්ෂන සංස්ථාවයි ලාභ ලබද්දී පාඩු ලබනවා කියල විකුණන්න හැදුවා. ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ලාභ ලබපු ආයතනයක්. අධික ලෙස බදු අඩුකරලා පාඩුයි කියලා පෙන්නලා විකුණන්න යනවා වගේ දැන් හෙට අනිද්දට ඖෂධ නීතිගත සංස්ථාවත් පාඩුයි මේක කරගෙන යන්න බැහැ කියලා මේකත් පුද්ගලීකරණය කරන්න ඉඩ තියෙනවා.

රනිල් රාජපක්ෂගේ න්‍යායට ගියොත් මේ ඔක්කොම පුද්ගලීකරණය වෙයි”.

එසේම රෝගීන්ගේ ජීවිත අවදානමට ඇද දමමින්, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විනාශ කරන මාෆියාවක් ක්‍රියාත්මක වන බවට පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ චෝදනා කරයි.

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා ලෙස පත් කර තිබෙන නීතීඥ සරත් ලියනගේ එම සංස්ථාව විනාශ කරමින් සිටින බවද ඔහු සදහන් කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ පුබුදු ජයගොඩ මෙසේද කීවේය.

නවතම ලිපි