SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ශ්‍රී ලංකාව අද මුහුණ දී සිටින අවාසනාවන්ත තත්වයට තම රට වැටීමට ඉඩ නොතබන බව බංග්ලාදේශ අගමැතිනි

ෂෙයික් හසීනා පවසනවා. සියලු ගෝලීය අභියෝග ජය ගනිමින් බංග්ලාදේශය ඉදිරියටම යන බවයි අගමැතිනිය අවධාරණය කරන්නේ.

බංග්ලාදේශ ජාතික පක්ෂ පාලනය තුළදී බංග්ලාදේශය ශ්‍රී ලංකාව වැනි තත්වයකට වැටීමේ අවදානමක් තිබූ නමුත් අවාමි ලීගය ප්‍රමුඛ රජයක් තුළදී එවැනි අවාසනාවන්ත තත්වයක් කිසිවිටෙකත් ඇති නොවන බව ඇය සඳහන් කරනවා.

බංග්ලාදේශයේ ජාතියේ පියා වන ෂෙයික් මුජිබර් රහ්මන්ගේ 47 වැනි සංවත්සරය නිමිත්තෙන් බංගබන්දු ජාත්‍යන්තර සම්මන්ත්‍රණ මධ්‍යස්ථානයේදී පැවති විශේෂ උත්සවයක් අමතමින් බංග්ලාදේශ අගමැතිනිය මෙම කරුණු සඳහන් කර තිබේ.

මෑත කාලය තුළ ලොව අසාර්ථකම රාජ්‍යයක් බවට ශ්‍රී ලංකාව පත්ව ඇති අතර බොහෝ රාජ්‍ය නායකයන්, අසාර්ථක රාජ්‍යයන් සඳහා උදාහරණ ලෙස ශ්‍රී ලංකාව හැඳින්වීමට පටන් ගෙන තිබේ. මීට පෙර පකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් මහතාද ප්‍රකාශ කර තිබුණේ ශ්‍රී ලංකාව පත්ව ඇති තත්වයට පකිස්තානයද පත්වීම වළක්වා ගැනීම තම අභිප්‍රාය බවයි.

 

UN

@LNW

නවතම ලිපි