SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

රන්ජන් ගැන අපිට මතවාද තියෙනවා. අද හොඳින්ම වැටහුණා එතුමා කව්ද කියලත්.

ඒත් රනිල් වික්‍රමසිංහ රන්ජන්ට සමාව දෙන්නේ හේතු දෙකක් උඩ.

1.අන්තර් පාර්ලිමේන්තු සංගමය කියන්නේ ලෝකේ රටවල් 178 ක මන්ත්‍රී වරු 40000 ක් ඉන්න සංගමයක්. ලංකාව එහි සාමාජිකයෙක්. ඒ සංගමය 2021 නොවැම්බර් 21 වන දින මැඩ්රිඩ් හි දෙන තීන්දුව ලංකාවේ පාර්ලිමේන්තුවට හා නීතියට, අධිකරණ පද්ධතියට හොඳ පාඩමක් කියා දෙනවා.

සමහර විට රන්ජන්ට ඒක කියවාගන්න බැරිවෙන්න ඇති. අතරමැදියෝ මේල් කියවන්න ඇති. සජිත් මහතුන්ට ඒ ලියපු ඉංග්‍රීසි මදි ඇති. කොහොම නමුත් ඒකෙ ලියලා තියෙන නීතිමය භාෂාව ගෝටා තේරුම් ගත්තේ නැහැ. හැබැයි රනිල් තේරුම් ගන්නවා. ලෝකේ රටවල් 178 ක් නියෝජනය කරන සංගමය එක්ක උද්දච්ච කම් පාන්න ගිහින් ගෝටා රටත් අනලා, වෙන රටක වීසාවක් නොලැබෙන තැනට පත්වුණා.හැබයි රනිල් මේ කරුණ වටහා ගන්නවා.ඔහු කරන්නේ ජාත්‍යන්තරයේ කෙලවෙච්ච තැන් විසඳා ගන්න එක.

2. දෙවැන්න තමයි මේ අපහාස නඩුවේ තීන්දුව වැරදියි. ඔහු රඳවා තබා ගැනීමක් පමණයි මෙහි ඇත්තේ. රනිල්ට තම පාක්ෂිකයන් මෙන්ම මේ අපහාසය වෙච්ච වෙලාවේ තමනුත් ළඟ සිටීම තවත් පෙළඹවීමක්. මම ගන්නේ ඒ කරුණ.

එයාට ලෝකේ වටේ හිඟා කන්නවත් ඒ නිසාම යන්න බැහැ .මොකද පාර්ලිමේන්තු සංගමේ වලිය දානවා.

රන්ජන් වගේම එයාගේ පක්ෂේ අය එයාගේ නිදහස වෙනුවෙන් මාර සටනක් දුන්නා වගේ හැසිරෙනවා. තීන්දුව එන්නේ 2021.11.30, ජිනීවා උද්ගෝෂණය තියන්නේ ඊට සති දෙකකට පස්සේ. මනුෂ හරින් ජිනීවා එන්නේ ඊටත් පස්සේ.

මෙතන හරි අපුරු උපක්‍රමයක් වෙනවා. රන්ජන් වෙනුවෙන් පෙනී ඉන්නවා කියපු කාන්තාවක් මාවත් ඇඩ් කරලා ගෘප් එකක් හදනවා. රන්ජන් ව බේරාගැනීමට..ඉතින් ඒ මනුශල, හරින් ල ජිනීවා එන්න කලින්. දැන් දිනපතා හමුවෙලා රන්ජන් ව බේරාගන්න සූම් රැස්වීම්. අපි කරන හැම යෝජනාවකටම අර කාන්තාව ඇතුළු පිරිස බයයි. දුකයි.අනේ..අන්තිමේ මට ලැබුණු තීන්දුවේ කොපියක් ඉල්ලනවා. මට නම් කොහොමත් එකයි. මෙයාලා මේක ඉල්ලනකොට හරීන් මනුෂ ජිනීවා ඇවිත්..ඔන්න ඉතින් මම තීන්දුව දුන්නා..එතනින් පස්සේ සුම් ඉවරයි. රන්ජන් බේරාගැනීමත් ඉවරයි. පසුව දින කිහිපයකට පසු මනුෂ,හරීන් ජිනීවා වල අන්තර් පාර්ලිමේන්තු සංගමේට ගිහින් ඒ ඉදිරිපිට ලයිව්. අද වෙනකොට වැඩේ කරලා තියෙන්නේ ඒ කට්ටිය. එයාලා කියන්නේ එයාලම හිතලා බලකරලා නිදහස දුන්නා කියලා. නැහැ..

නිල් රාජ්‍ය තාන්ත්‍රිකයෙක්. ඔහු දන්නවා ඇනිච්ච තැන්. ඔහු මේ දේ කලේ රන්ජන්ට කොන්දේසි දැම්මේ, රන්ජන් ගේ ඉදිරි භාවිතය හානිකර නිසා. හැබයි..රනිල්ටත් මම කියනවා ඒ තීන්දුවේ තියෙන අනික් නිර්දේශ ටිකත් ක්‍රියාත්මක කරන්න කියලා. පාර්ලිමේන්තුව එකතුවෙලා අධිකරණයට අපහාස කිරීම සම්බන්ධ නීතිය පුළුල් කරන්න කියලා.

ඒ නිර්දේශයේ තිබිච්ච එකම එක දෙයක් වුණා යාන්තමින් .ඒතමයි මෙවැනි ප්‍රශ්න වලදී පාර්ලිමේන්තුව එක ඒකකයක් ලෙස කටයුතු කිරීම. රන්ජන්ට සමාව දීමට පොහොට්ටුව විරුද්ධ නොවීම හා සජබය අයිතිකරගන්න උවමනාවෙන් හෝ එකඟ වීම. මොකද තමන්ගේ මන්ත්‍රී වරයකු ට අසාධාරණයක් වුනාම එහි කණ්ඩායම් නායකයා ඒ සංගමයේ පිහිට පැතිය යුතුයි. රන්ජන් හිරේ ගිහින් මාස 11 වෙනතුරු පොල් ගගා හිටපු කට්ටිය ගැන ඇත්ත ලියන්න කියලා මගේ කණ්ඩායමේ කට්ටිය කියන නිසයි මේ කෙටි සටහන. සවිස්තර සටහනක් පසුවට.

නවතම ලිපි