SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පහත පළවන්නේ මුහුණු පොතේ ඇතිවූ සිද්ධියකි. 
ඒ සම්බන්ධයෙන් වින්දිත කාන්තාව වූ වින්සිකා ගේ ලිපියේ තිබෙන වැදගත් පණ්වුඩය වන්නේ ලිංගික බලපෑමක් සම්බන්ධයෙන් ලංකාවේ පොලීසියෙන් සාධාරණ පරීක්ෂනයක් ඉල්ලගෙන යන ස්ත්‍රියකට ලැබෙන ප්‍රතිඵලය සහ ඒ හරහා ප්‍රකාශවෙන පොලීසියේ මතය. එමෙන්ම සිවිල් පුරවැසියන් වෙනුවෙන් පොලීසියට කළහැකි යුක්තියේ සීමාවන් සලකුණු වීම. මෙවන් සිදුවීම් මෙන්ම මෙවන් චූදිතයන් ද බොහෝ ගණනාවක් සමාජයේ ජීවත්වන අපි දනිමු. අදාළ චූදිතයා එවන් ක්‍රියාවක යෙදුනු පළමුවැන්නාවත් අවසානයාවත් නොවන බවද දන්නෙමු. එහෙත් වින්දිතයින් ආරක්ෂා කරගත හැකි නීති පද්ධතියක් සිවිල් අයිතීන් සුරකින පොලිස් සේවාවක් මෙවැනි රටක නොමැති මොහොතක වර්තමාන පොලිසිය භාර ඇමති ටිරාන් අලස් වැන්නෙකුට මෙවැනි වූ පොලිස් සේවාවක් ප්‍රතිව්‍යුහගතකිරීම කොතෙක් සාර්ථකව කළහැකි වේවිද?
ටිරාන් අලස් පොලිසිය භාර ඇමතිතුමනි, මේ ඔබගේ අවදානය වෙතටයි.
වින්සිකා ද සේරම් ඇයගේ මුහුණු පොතේ තබා ඇති සටහන පහත වේ.
 Vangeesa1
මේ සිදුවීමට අදට වසරක්!
අන් බොහෝ වින්දිතයන්ට වගේම මට ලැබුණ යුක්තියක් නැති බවත්, සිරි ලංකා පොලීසිය ඉන්නේ අවවාද කිරිමට බවත් මෙසේ ලියා තබමි.
මේ සිද්ධිය ශ්‍රී ලංකා පොලීසියේ සයිබර් අපරාධ විමර්ශන අංශයට පැමිණිලි කිරීමෙන් පසු:
සිද්ධිය භාරව සිටි නිළධාරියාට සිංහල භාෂාව අපහසු වීමත්, පණිවුඩ හුවමාරුව සිදුව තිබුණේ ඉංග්‍රීසි බසින් වීමත් නිසා සිද්ධිය නිළධාරින් ගණනාවකට පැහැදිලි කර දුන් පසුව ඔවුන්ගේ පිලිතුර වුණේ "මේ වගේ ඒවාට අපි අවවාද කරන එක තමා කරන්නෙ මිස්" කියන එක.
අවවාද කරන්නේ ළමුන්ට නිසා අවවාද කිරීම කිසිසේත් ප්‍රමාණවත් නොවන බව පැවසීමත්, නිතර නිතර ප්‍රගතිය විමසීම නිසාත් වෙන්න ඇති මට ප්‍රකාශයක් දෙන්න එන්න කියලා ඔවුන් දැනුම් දෙනවා. මේ වෙනකොට මාස තුනක් විතර පහුවෙලා, වංගීස සුමනසේකරගෙ ලිපිනය හා දුරකතන අංකය මමම පොලීසියට හොයල දීල ඒ දුරකතන අංකය, signal tower එක හා fb account එක ඔක්කොම tally වෙනවා කියලා ඔවුන් හොයාගෙන.
Statement දෙන්න මම නුවර ඉදලා 11 වෙද්දි යනව. සිද්ධිය භාර නිළධාරියා අසනීප නිවාඩු කියල කියනවා. මට කලින් හිටපු පොඩි ගෑණු ළමයෙක්ව අර අවවාද තැටියම play කරලා ප්‍රකාශයක්වත් නොගෙන පිටත් කරනවා.
මට සහාය වෙන්න Lakmali Hemachandra මග එනව. ගේට්ටුවෙන් මෙහාට එන්න ලැබෙන්නෙ නෑ. කොට්ඨාශය භාර නිළධාරිනියට මම කියනව මම අවවාද කරන එකෙන් සෑහීමකට පත්වෙන්නෙ නැති නිසා statement දෙන්න කලින් lawyer සහ ඔවුන් එක්ක කතා කරන්න ඕන කියල ඇය මට කියනව "ඔයා මේකෙ වින්දිතයනෙ. ඔයාට lawyer කෙනෙක් ඕන වෙන්නෙ නෑ. Lawyer කෙනෙක් ඕන වෙන්නෙ නඩුවකට ගියොත් එයාට" මම ඇහුවම "එහෙම වෙන්නෙ කොහොමද! වින්දිතයට lawyer කෙනෙක් ඉන්න බෑ කියන්නෙ කොහොමද!" කියල එයා මට කියනව කැමතිනම් ගන්න පුලුවන් ඒත් වැඩක් නෑ කියල?. තව එයාට තිබුණ ලොකුම ප්‍රශ්නෙ මම වංගීස සුමනසේකරගෙ address phone numbers හොයාගත්තෙ කොහෙන්ද කියල. මම ඒක කියන්න බෑ කිවුවම එයා කියනව ඒක වැදගත් සාක්ශියක් කියල ?!
කොහොමහරි මම lawyer නැතුව statement දීම දිගටම ප්‍රතික්ෂේප කරන නිසාත් මගේ lawyer ගේට්ටුව ළග "සද්දෙ දාන" නිසාත් මාව Director - CCID ළගට ගෙනියනව. එතනදි ඔහු නිළධාරීන් මා සහ lawyer සමග සාකච්ජා කළ යුතු බව පිළිගන්නවා. ඒත් ඒ වෙද්දිත් පැයකට වඩා රස්තියාදු කරවපු ලක්මාලි සොයුරිය යන්න ගිහින්.
අන්තිමට මම statement එක දෙන්න ඉදගන්නව. ජීවිතේ පළවෙනි පාරට ප්‍රකාශයක් සටහන් කරන ආධුනික නිළධාරියෙක් වෙන ප්‍රකාශයකුත් මේසෙ උඩ තියන් ඒක බල බල හවස 5 වෙනකන් මගේ මහා ප්‍රකාශය සටහන් කරනවා. ලියපු ප්‍රකාශෙට අත්සන් කරන්න කිව්වම මම ඒක කියවන්න ගන්නවා. දෙවියනේ! කන්න නැතුව චූ කරන්න නැතුව දුන්න ප්‍රකාශෙ පොඩි එකෙක්ගෙ රචනාව වගේ ලියල තිබුණෙ. ඒකෙ මම කියපු "ලිංගික අවයව" වගේ වචන එයා ලියල තිබුනෙ නෑ. ලැජ්ජාවට මම හිතන්නෙ ? හෙම්බත්වෙලා හිටපු මාත් ඒකෙ අගට තවද කියල තව ටිකක් ලියවලා අත්සන් කලා.
ඊට පස්සෙ දවසක අර සිද්ධිය භාර නිළධාරියා කතා කරලා වංගීස සුමනසේකරව ගෙන්නුව බවත් එයා එහෙම කරපු බව පිළිගත්ත බවත් එයා තමන් මානසික රෝගයකට ප්‍රතිකාර ගන්න බව පෙන්නන්න ලියකියවිලි ගෙනත් තිබුණ බවත් එයාලා "ඇත්තටම" අවවාද කරපු බවත් කිව්වා. මම ඒකෙන් සෑහීමකට පත්වෙන්නෙ නැති නිසා මට ඊළග පියවරට යන්න මේ කතාව මට ලිඛිතව දන්වන්න කියලා මම ඉල්ලනවා. හා කියලා කිවුවට එදායින් පස්සෙ මම කොච්චර ඇමතුම් ගත්තත් ආයෙ ඒ නිළධාරීන් සම්බන්ධ කරගන්න බැරි වුණා. හොරා පොලිස් සෙල්ලම වගේ වුණා. මම පොලිස් එයාලා හොරා ?.
පස්සෙ මීට මාසෙකට විතර කලින් සිද්ධිය නිමා කරන්න පරස්පර හේතු දක්වපු විහිලුසහගත ලියුම් දෙකක "කෙටුම්පත්" මට එවලා තිබුණා.
ඊටත් පස්සෙ පොලීසියට එරෙහිව fight කරන්න මට ඕන වුණත් මට බැරි වුණා. ඒ වෙද්දි මාව හෙම්බත් වෙලා. ඒකට ඕන ඒ willpower එක තවදුරටත් මා ළග තිබුණෙ නෑ.. ඉතින් අන්තිමට මාත් අතඇරලා දැම්මා. පොලීසිය සැකකාරයන්ට අවවාද දිදී ඇති.
සුමනසේකරගෙ බුද්ධිමය වර්ණනාව පහුගිය දවස්වල බුකියෙ තියනව දැක්කා.