SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

රනිල් වික්‍රමසිංහ මහතාව ජනාධිපති ධුරයෙන් ඉවත් කිරීමට කටයුතු කළයුතු බව

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු දේශපාලන බලවේගයේ න්‍යායාචාර්යවරයකු සහ මියන්මාරයේ හිටපු තානාපතිවරයා ද වූ මහාචාර්ය නලින් ද සිල්වා මහතා පවසන බව ලංකා නිවුස් වෙබ් අඩවිය (LNW) වාර්තා කරයි.

එම වෙබ අඩවිය තවදුරටත් මෙසේද සඳහන් කර ඇත.

ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කිරීමට අවසර දීම සහ ජාත්‍යන්තර දෙමළ සංවිධාන 6ක තහනම ඉවත් කිරීම නිසා කෝපයට පත් ඒ මහතා සමාජ මාධ්‍ය ඔස්සේ සිංහල ජනතාව අමතමින් මෙම යෝජනාව ඉදිරිපත් කර තිබේ.

මෙරට අංක එකේ සිංහල – බෞද්ධ ජාතිකවාදියකු වන, දැඩි බටහිර විරෝධියෙකු මෙන්ම බටහිර විද්‍යාව පට්ටපල් බොරුවක් බව කියන මහාචාර්ය නලින් ද සිල්වා මහතා මේ වනවිට සිය දරු මුණුපුරන් සමග ඇමරිකාවේ ජීවත් වෙමින් සිටින අතර මෙම යෝජනාව ඒ මහතා එහි සිට මෙරට සිංහලයින් වෙත ඉදිරිපත් කර තිබීම ද ඓතිහාසික ජවනිකාවකි.

 

NALIN1

 

NALIN2

@LNW