SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 මෙය වැඩිහිටියන් සඳහා වෙන්කර ඇති නිවාස සංකීර්ණයකි.
මාකදුර නාලවලාන පිහිටි මෙම සුන්දර ස්තානය well come village යනුවෙන් නම් කර තිබෙයි. දැනට මෙහි වාසය කරන්නේ වැඩිහිටියෝ අසූපහක් වැනි ප්‍රමාණයකි.
 
මෙහි සිටින වැඩිහිටියන් ගැන ඔබට විස්තර කිරීමට මම බලාපොරොත්තු වන්නේ නැත. මගේ අවධානය යොමු වුනේ මෙහි විශාල භූමි ප්‍රදේශයක ඉතාම මනරම් ලෙස ඉදිකර ඇති ගොඩනැගිලි සම්බන්ධවයි.
 
වැඩිහිටි8
 
 
වැඩිහිටි1
 
නෙදර්ලන්ත සුදු මහත්මයෙකු විසින් මෙම පරිත්‍යාගය කර ඇති අතර එතුමාද මෙම නිවාස සංකීර්ණය තුල ජීවත් වී තිබේ..මීට අවුරුදු නවයකට ඉහතදී එතුමාගේ අභාවයත් සමග මෙම ආයතනය පවත්වාගෙන යාමේ විවිධ දුෂ්කරතා මතුවී තිබේ.මේ වන විට මා දන්නා පරිදි සමාජ සේවා දෙපාර්තමේන්තුව විසින් මෙය පවත්වාගෙන යාමේ වගකීම භාරගෙන තිබෙයි.
ඉතාම සුලු සේවක පිරිසක් යටතේ පවත්වාගෙන යන මෙම වෙල්කම් විලේජ් ආයතනයේ සමහර ගොඩනැගිලි භාවිතයෙන් තොරව විනාශයට පත්වෙමින් තිබෙන අයුරු දැකීම මගේ හිතට විශාල කනස්සලක් ගෙන දුන් කාරනයකි.මෙවැනි අංග සම්පූර්ණ ගොඩනැගිලි පද්දතියන් මේකාලය තුල ඉදිකිරීමට සිදුවුව හොත් විශාල ධනයක් වැය කළ යුතුවෙයි.
වැඩිහිටි2
 
 
වැඩිහිටි3
 
 
 
පහත සදහන් විකල්ප අවශ්‍යයතාවන් සඳහා මෙම ස්තානය භාවිතා කළ නොහැකිද...?
 
# මෙහි ප්‍රධාන ශාලාව අංග සම්පූර්ණ වේදිකාවකින් යුක්තයි.
මෙය ප්‍රදේශයේ නාට්‍ය කරුවන් ඇතුලු ප්‍රාශාංගික කලාවන්වල නියුතු අයවලුන්ට පුහුනු කිරීමේ ස්තානයක් ලෙස භාවිතා කළ හැක.
# විවිධ විෂයයන් සදහා නේවාසික පුහුනු වැඩමුලු පැවැත්වීමට.
# සාරවත් හිස් භූමි ප්‍රදේශය " සමූහ ගොවිපල "
සංකල්පය සදහා යොදාගත හැක.
# ගොඩනැගිලි කිහිපයක්..ආර්ට් ගැලරි නැතහොත් මියුසියම් සදහා භාවිතා කළ හැකියි.
# වෙන්කරන ලද කොටසක් දේශීය සහ විදේශීය සංචාරකයන් සදහා නවාතැන් පොලක් ලෙස භාවිතයට ගත හැක.
# රන්මිනි තැන්නට වඩා හොද ස්තාන මෙහි ඇතුලත් නිසා ටෙලිනිර්මාන කරුවන්ගේ පසුතලයක් බවටද පත් කර ගත හැකිය.
# භාවනා වැඩ සටහන් වැනි..අධ්‍යාත්මික වැඩසටහන් වලටද සුදුසුම ස්තානයකි.
 
වැඩිහිටි4
 
 
වැඩිහිටි5
 
 
වැඩිහිටි6
 
 
වැඩිහිටි10
 
අපේ මේ අහිංසක යෝජනා වලට කොහේ හෝ සිට බලා ඉන්න නෙදර්ලන්ත සුදු මහත්තයා කිසිසේත් අකමැති නොවනු ඇත..එය එසේ වන්නේ..ඔහු මේ රටට..මේ රටේ ජනතාවට අවංකවම ආදරය කළ උතුම් මිනිසෙකු වන නිසාවෙනි..