SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මුලින්ම කියන්ට උවමනයි මට හරි සංතෝෂයි. පොඩි කාලෙ ඉඳන් පෙරුම්පුරාගෙන ඉඳපු සිහිනයක් ජයගන්න අද මට අවස්ථාව උදාවුනා.

ඒකට හැමෝගෙම දායකත්වය ලැබුණ. ඒකට උදව්පදව් කරපු සියලුදෙනා සිහිපත් නොකලොත් ඒක අඩුවක්. මුල්ම මම කැමතියි මගේ මාමා වන ජේ.ආර්.ජයවර්ධන ජනාධිපත්තුමා සිහිකරන්න. උන්නැහේ තමයි මට මේ පාර කියා දුන්නෙ. මග හදාදුන්නෙ. ඒකට කෘතවේදී වෙන්න උවමනයි.

 ජේආර්1

ඊලඟට මම කැමතියි නැසීගිය මංගල සමරවීර මැතිතුමා සිහිකරන්න. එතුමත් මමත් මේක සැලසුම් කලේ 2020 මහමැතිවරණයට කළින්. අද හිටියා නම් මගේ ආණ්ඩුවේ අගමැතිවරයා. අවාසනාවට එතුමා මියපරලොව ගියා. එතුමත් මමත් මේ ගැන සාකච්ඡාවට ගණනාවක් තියලා කලබල නොවී මේ වැඩේ ආරම්භ කලා ඒකට සමන්තා පවර් ලොකු සහයෝගයක් දුන්නා. MCC නියෝජිතයින් නැවත හරවා යවන්න ආණ්ඩුව කටයුතු කලාම ඔවුන් අපවත් මුණ ගැසුනා. ඒ අයට අපි කිව්වා සිවිල් සමාජ ක්‍රියාකාරිකයින්, නීතිවේදීන්, මාධ්‍යවේදීන්වත් හමුවෙලා යන්න කියලා. මංගල මැතිතුමා මියගියාට පස්සෙ මට ඒකලොකු අඩුවක්වුනා. ඒත් මම සැලුනේ නෑ. මම පාර්ලිමේන්තු එන්න තීරණය කලා.

ජේආර්2

සැලසුම්කල පරිදි කටයුතු කරගෙන ගියා. ඒ වෙද්දි හෝම්වර්ක් කරලා හොඳට සූදානම්වෙලා උන්නෙ. කොරෝනා අඩුවෙද්දිම සැලසුමට අනුව වර්ජන රැල්ල ආරම්භවුනා.. ජවිපෙ ඇතුළු වෘත්තීය සමිති ඒවෙනුවෙන් ලොකු කාර්ය භාර්‍යක් ඉටුකලා. මේ අතරේ අපි ගෝටාභය ජනාධිපතිතුමා සමීපව නිරීක්ෂණය කලා. ඒවෙද්දි එතුමා තීරණ ගැනීම අතින් ඉතාම දුර්වල තැනක හිටියෙ. ඔය අතරේ අපි ස'ෆේල් ව්‍යාපෘතිය ගෙනාවා.

නමුත් ඒක ලොකුවට ඉදිරියට ගෙනියන්න බැරිවුණා. මම හිතුවා අපි තව පහුබහින්න උවමනැයි කියලා. එතකොට අපිට ඉතිරිවුනේ ආර්ථිකය පැත්තෙන් කොටු කරන එක. මේවෙලාවෙදි මම විශේෂ ස්තුතියක් කරන්න ඕන බැසිල් රාජපක්ෂ මැතිතුමාට. එතුමා ලොකු සහයෝගයක් මට ඒවෙලාවෙදි ලබාදුන්නා. පීබී ලේකම්තුමා, මුදල් අමාත්‍යංශයේ සහ මහබැංකුවේ නිලධාරීන්වත් විශේෂයෙන් සිහිපත් කරන්ට උවමනයි. බැරිවෙලාවත් IMF එකට ඒ මොහොතේ යන්න හැකියාව ලැබුණා නම් මට මේ අවස්ථාව උදාවන්නේ නෑ. මට ඒවෙලාවේ බයි චාන්ස් එකක් අරන් දෙන්න කටයුතු කරපු සෝභිත ස්වාමින් වහන්සේ සහ වෛද්‍ය පාදෙණිය සිහිපත් කරන්න අවශ්‍යයි. කොම්පෝස්වලින් රට ස්වයංපෝෂිත කරන්න ඔවුන් ගත්ත උත්සාහයට ආචාරශීලීවියයුතුයි.

 ජේආර්3

 

මේ අතරේ මට තේරුම් ගියා ආණ්ඩුව ඇතුලෙම අර්බුදයක් නිරමාණය වෙමින් තිබුණ බව. ඒ වෙද්දි ජනාධිපත්තුමා චීනය සම්පූර්ණයෙන්ම අමතක කරලා කිසිම භූ දේශපාලන සමාජ අවබෝධයක් නැතිව හරි හමන් විදේශ ප්‍රතිපත්තියක් නැතිව කටයුතු කරන බවක්. එතුමා හැමවිටම හමුදාව කෙරෙහි ඕනෑවට වඩා විස්වාසයෙන් හිටියා. ලෝකෙ රටවල් ශ්‍රී ලංකාවෙන් ඈත්වෙන්න ගත්තා. ඒ වෙද්දි චීන රතු මකරා ආණ්ඩුව ආක්‍රමණය කරමින් ඉන්න බව මට අවබෝධවුනා.

ඒ වෙද්දි පෝලිම් යුගය ආරම්භවෙලා ඉවරයි. මූලික අවශ්‍යතා සපුරා දීමට නොහැකිවන විට ජනතාව පාරට බහිනවා කියලා ඒ වෙද්දි මම දැනගෙන හිටියා. මටත් ඕනෑවුනා චීනයට ටිකක් වැඩපෙන්නන්න දෙන්න. වැඩේ සංවිධානාත්මක කලයුතුයි කියලා හිතත්දි සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් මගේ වැඩේ අතට ගත්තා. ඔවුන්ටත් විශේෂයෙන් ස්තුති කරන්ට උවමනයි.

ජේආර්5

 

ඔය අතරේ ඇමෙරිකාවෙ තානාපතිනිය මාගෙ සුවදුක් නිතර සොයා බැලුවා. මා එතුමිය සමඟ කියා සිටියේ සාමකාමී උද්ඝෝෂණ පැවැත්වීමේ අයිතිය තහවුරු කිරීමේ වැදගත්කම පිළිබඳව. ඒවාගේම ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමේ අවශ්‍යතාව පිළිබඳව.

ඇමෙරිකාව ඇතුලු රටවල් අපෙ ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි දැක්වූ දැඩි උනන්දුව නොතිබෙන්නට මට මේ අවස්ථාව මගහැරෙන්න ඉඩතිබුණා. ඒ නිසා ඇමෙරිකානු තානාපතිනිය ඇතුලු සැමට මගේ ස්තුතිය පුදකරනවා. මෙහිදී තව සිහිපත් කරන්ට උවමනයි ඉන්දියාවේ සිටින මහකොමසාරිස් මිලින්ද මොරගොඩ මැතිතුමාව. එතුමා ඉන්දියාව පැත්තෙන් මට ලබාදුන් සහයෝගය ඉතා සුවිශාලයි. අද දිනය දාක්වාම ඒ සහයෝගය අඛණ්ඩව ලැබුණු බව විශේෂයෙන් කියන්ට ඕන. රෝ සංවිධානය අපේ ආරක්ෂාව සම්බන්ධයෙන් ලොකු සහයෝගයක් දක්වනවා ඒකත් මේ මොහොතේ සිහිපත් කල යුතුයි.

ජේආර්6 

දිවා රෑ නොබලා තමන්ගේ රටවෙනුවෙන් වෙහෙස මහන්සිවී වෙඩි උණ්ඩයට, රබර් උණ්ඩයට, කඳුළු ගෑස්වලට මුහුණ දෙමින් නොබියව අරගලයේ යෙදුණු සියලුම දෙනාට මගේ විශේෂ ස්තුතිය පුදකරන්ට උවමනයි. ඔවුන් නොවෙන්න මෙය කවදාවත් ඉටුකරගත නොහැක්කක්. මගේ ජයග්‍රහණයේ පැහැදිලිම කඩඉම අගමැතිධූරය ලබාගැනීමයි. ඒ සඳහා ගෝල්ෆේස් අරගලයට පහරදුන් සියලුම බයි ජනතාවට මෙන්ම ඊට අනුබලදුන් සියලු දෙනාටම මගේ විශේෂ ස්තුතිය පිරිනමන්ට ඕනෑ. ඔවුන් එදා එසේ නොකලා නම් මට තව ටික කාලයක් ඒවෙනුවෙන් බලා සිටීමට සිදුවනවා.

ඒ වගේම අගමැතිධූරය බාරගැනීමට අපහසුවකින් තොරව මාහට මාර්ගය සකසාදුන් ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතාට විශේෂයෙන් ස්තුතිවන්ත වෙන්ට ඕන. විපක්ෂ නායකවරයාට යාමට තිබූ අගමැතිධූරය තනි මන්ත්‍රීධූරයට ලැබෙන සේ මාර්ගය සකසා දීම ජේ. ආර්. මාමා මා දේශපාලනයට ගෙන ආ හා සමානය. විපක්ෂ නායකතුමා ප්‍රසිද්ධ ලණුකන්නෙක් බව මාත් අනුර දිසානායක මැතිතුමත් හොඳින්ම දන්නා නිසා අගමැතිධූරය අනුර දිසානායක මැතිතුමා ප්‍රතික්ෂේප කිරීම පූර්වාදර්ශයට ගෙන සජිත් ප්‍රේමදාස මැතිතුමා එය ප්‍රතික්ෂේප නොකරන්නට අද මේ තත්වයට ඒම සිහිනයකි. එබැවින් ඉටුකල නොහැකි වගකීමක් බාරනොගැනිම පිළිබඳව සජිත් මැතිතුමාටත් ඒ සඳහා මග සාදාදුන් අනුර මැතිතුමාටත් ස්තුතිවන්ත වෙන්න කැමතියි. විටෙක අරගලය ගිණියම්කරමින්, විටෙක එය ආදරණීය කරමින්, විටෙක එය නිර්මාණශීලී කරමින් මාහට සහයෝගය දැක්වූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයටත්, අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ දරුවන්ටත් මගේ විශේහ ස්තුතිය පුදකරන්ට ඕනෑ.

අවසානයේදී මා ජනාධිපති කිරීමට කැපවූ පොහොට්ටු මන්ත්‍රීවරු සැමටත් සජබ මන්ත්‍රීවරු,ටීඑන්ඒ මන්ත්‍රීවරු, නිදහස් පක්ෂ මන්ත්‍රීවරු සැමටත් ඒ සඳහා මාහට සහාය දුන් මා අතිජාත මිත්‍ර මහින්ද රාජපක්ෂ මැතිතුමාටත්, එතුමාගේ ලොකු පුතණුවන් නාමල් රාජපක්ෂ මැතිතුමාටත්, ආර් සම්බන්ධන් මැතිතුමාටත් ස්තුතිවන්තවෙමි. සාමාන්‍ය මන්ත්‍රීවරයෙකු සිට ජනාධිපති දක්වා මා ඔසවා තැබුවේ මුළුරටක් එක්ව බව ඔබට සිහිපත් කරන්ට උවමනයි. මෙය ඉතිහාසයට එක්වන්නේ ප්‍රකාශිත ජනවරමක් සහ අප්‍රකාෂිත ජනවරමක් සහිතව දෙවරක් ජනවරම ලැබූ ලෝකයේ පලමු ජනාධිපතිවරයා ලෙසයි. මෙය අප සැමගේ සාමූහික ක්‍රියාවලියක ප්‍රතිඵලයකි. මෙය මට පමණක් අයිති ජයග්‍රහණයක් නොවේ. එබැවින් මෙතැන් සිට රට යහපත් මාර්ගයට ගැනීමට ඔබ තමුන්නාන්සේලාගේ සහයෝගය අවශ්‍යයි.

මෙයට, ඔබට හිතවත්, රනිල් වික්‍රමසිංහ

ගෝල්ෆේස් අරගලභූමියේ සිට 2022.07.20

@ලිපි සැකසුම ; තුසිත ජයවර්ධන

නවතම ලිපි