SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ගෝල්ෆේස් අරගලකරුවන්ට ඔවුන් සිටින විරෝධතා ප්‍රදේශයෙන් ඉවත්වීම සඳහා සිකුරාදා

සවස 5.00 වනතුරු කාලය ලබා දෙන බව පොලිසිය විසින් දැනුම්දී සිටියි.

සිකුරාදා සවස 5.00 ට පෙර ප්‍රදේශයෙන් ඉවත් වන ලෙසට විරෝධතාකරුවන්ට බල කරමින් කොටුව පොලිසියේ නිලධාරීන් පිරිසක් ශබ්දවාහිනී භාවිතයෙන් ප්‍රසිද්ධ නිවේදනයක් ද නිකුත් කරනු ලැබිය.

ගාලු මුවදොර පිටිය හා ඊට ආසන්න ප්‍රදේශයේ අනවසරයෙන් සිදුකර ඇති ඉදිකිරීම් හා බෝග වගා වහාම ඉවත් කරගන්නා ලෙස ගාලු මුවදොර  විරෝධතා ස්ථානයේ රැඳී සිටින විරෝධතාකරුවන් වෙත පොලීසිය අද (3) පස්වරුවේ දැනුම් දී තිබේ.

නිද්දා (5) පස්වරු 5.00 ට පෙර මේ සම්බන්ධයෙන් අනිවාර්යෙන් පියවර ගත යුතු බවත් කොටුව පොලිසිය මගින් විරෝධතාකරුවන්ට දැනුම් දී ඇත.

එසේම රටේ පවතින නීතියට අනුකූලව හා මහජනතාවට පීඩාකාරී නොවන ආකාරයෙන් කටයුතු කළ යුතු බවත් පොලිසිය නිවේදනය කර තිබේ.

මෙම උපදෙස් අනුව කටයුතු නොකරන පිරිස් සම්බන්ධයෙන් නීත්‍යානුකූල පියවර ගන්නා බවත් උද්ඝෝෂණකරුවන් වෙත පොලිසිය දැනුම් දී ඇත.

මහජනයාගේ අද්‍රව්‍යමය අයිතිවාසිකම් අහිමි කිරීම වහාම නවතාලන ලෙස ද එහිදී පොලිසිය දැනුම් දී තිබේ.

ගාලු මුවදොර පිටිය හා ඊට ආසන්න ප්‍රදේශවල අප්‍රේල් නම වන දා සිට විරෝධතාකරුවන් අඛණ්ඩව රැඳී සිටියි.