SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

අරගලකරුවන්ට වඩා හිඳුවා පහසුකම් දෙනව කියල HE කියනව නං වහාම ඒ අය ගෙදර යා යුතු බව තේරුම් ගත යුතුයි.

අරගලකරුවන් අතර කුළල් කා ගැනීම් වලට හේතුව නායකත්වයක් නැතිවීමයි. නායකයෙක්ට මතුවෙන්න ඉඩ නොදෙන පරිසරය ඒකට හේතුව. මතුවුණා වගේ පෙනුන නායකයො බොහොමයක් තවත් කාලයක් බොහෝ දේවල් උගතයුතු බව පැහැදිලි වුණා.

දවසක් ගාලු මුවදොරදි එක් ජ්‍යෙෂ්ඨයෙක් කිව්වා, "කොල්ලො ගොඩක් විට ඉන්නවා නාකි දේශපාලකයන්ට වඩා තමුන් ඉස්සරහින් කියන මතයෙදි.. ඒකෙදි කාය බලය හා වේගවත් බව හැරුණාම ඉතිරිය හැරෙනකොට අර කපටි දේශපාලකයන්ට තේරෙනවා.. අපේ ගොරක මදි උන්ව තම්බන්න.." කියල

ඇත්තටම ඔය අරගලය නිසා තමයි අද අපි යන්තං මෙහෙම හරි තෙල් ටිකක්, ගෑස් ටිකක් පෝර ටිකක් ගන්නේ. අරගලය නොවන්නට තවමත් කබ්රාල්,බැසිල් වගේ පිස්සු හුටංල යෙහෙන් වැජඹෙනව.

නමුත් ඕනම දෙයක් නියමිත වෙලාවෙදි එළියට නොගියාම බඩවෙනව වගේ තමා.

අනික් එක උවමනාවට වඩා බෙදීම්.

ජනතා විමුක්ති පෙරමුණ දැන් පෝස්ටර් ගහන්නේ 'ගාලුමුවදොර අරගලකරුවො' කියන නමෙන්. ඉතින් එතන ඉන්න ගෑනියෙක් පැනල ගියත් අර ඔතනට ආපු අහිංසක මිනිස්සුන්ට ලේබලේ වදිනවා ජෙප්පොය කියල. අද දැක්කා ගාලුමුවදොර සාමකාමී අරගලකරුවෝ කියල කට්ටියකගෙ දැන්වීමක්. ඒ කියන්නේ ප්‍රචණ්ඩ පාර්ශවයක් ඉන්නවා.

දැන් කළ යුත්තේ මේකෙ ඉන්න අය එකතුවෙලා ඔය කූඩාරම් අස්සේ රිංගන්නැතුව මොනවහරි තැනකට වෙලා රටේ සියලු දේ සම්බන්ධව විධිමත් විදියට මැදිහත් වෙන්න ඕනි. විසඳුම් යෝජනා කරන්න ඕනි.

ආණ්ඩුව එකා එකා නිකං ඔසාමා ලාඩං අල්ලනව වගේ අල්ලං ඇවිත් බය කරල යවන වැඩේ අත්ඇරල උන්ට කරන්න වැඩක් පැවරුවනං තරුණ ජවය බලාගන්න තිබ්බා...

@මුහුණුපොතෙන්